Friday, June 12, 2009

අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය 2009


මේ අවුරුද්දෙ 50 වැනි අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය (International Mathematical Olympiad - IMO) ජර්මනියෙ බ්‍රේමන් (Bremen) වලදි පැවැත්වෙනවා. ගණිත ඔලිම්පියාඩය කියන්නෙ ක්‍රීඩාවලට ඔලිම්පික් වගේ ගණිතයට තියෙන විශාලතම අන්තර්ජාතික තරගය. චෙස් ඔලිම්පියාඩ් ගැන එහෙමත් අහල ඇතිනෙ. ලංකාවත් මේකට 1995 ඉඳල සහභාගි වෙනව. ලෝකඩ පදක්කම් කීපයක් වගේම විශේෂ කුසලතා සහතික ගණනාවකුත් අපිට ලැබුණා පහුගිය අවුරුදු කීපයෙදි. විදුසරේ යන ඔලිම්පියාඩ් ලිපි පෙළ කියෙව්වනම් මේ ගැන දන්නව ඇති.

මෙදා සැරේ ඔලිම්පියාඩ් එක‍ට ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරගන්න පහුගිය මාස කීපෙම විවිධ තරග සහ වැඩමුළු තිබුණා. මේකට හැමදාම වගේ මූලික වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශය. මේ අවුරුද්දෙ මොරටුව විශ්වවිද්‍යාලෙ ගණිත සංගමෙනුත් ලොකු සහයෝගයක් ලබා දුන්නා. මෙන්න ලංකාව නියෝජනය කරන්න තේරුණු කණ්ඩායම:

1. L. ලගානුජන්, හයිලන්ඩ්ස් මධ්‍ය මහා විද්‍යාලය, හැටන්
2. G.R.B.R. ගම්ලත්, රාජකීය විද්‍යාලය, කොළඹ
3. M.D.Y. ප්‍රනාන්දු, ආනන්ද විද්‍යාලය, කොළඹ
4. S. ක්‍රිෂාන්තන්, ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර
5. W.A.D.T.K. වර්ණකුල, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව
6. M.Y.S. ෆොන්සේකා, තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ

තරගය පැවැත්වෙන්නෙ ජූලි 13 ඉඳල 22 වෙනකන්. මේ දවස්වල දිගටම කණ්ඩායමට පුහුණු සැසි. තරගෙ ප්‍රතිඵල එහෙම ඉවරවුණාම කියන්නම්. මෙදා සැරේ අපිට මෙඩල් කීපයක් ෂුවර්!

මෙම ලිපියට ප්‍රතිචාර 4 කි:

Narada said...

අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ තරගයට සහභාගි වන තරගකරුවන්ට සුභ පැතුම්!

Unknown said...

අපෙත් සුබපැතුම්

DayalD said...

Good Luck to the Sri Lankan IMO team. Work hard and enjoy problems.

Thameera said...

@බින්කු @ප්‍රභාත් @දයාල් බොහොම ස්තුතියි! මේ සුභ පැතුම් කණ්ඩායමට ශක්තියක්!

අදහස් ලියලම යන්න