Wednesday, June 17, 2009

තමීර හාවාට ඇබ්බැහි වෙයි

මුලින් ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකුයි කියනවනෙ. ඔන්න මටත් දැන් මෙච්චර කල් හම ගහපු වින්ඩෝස් වලට වඩා අළුතෙන් ආපු උබුන්ටු හැඩකාර හාවා ලොකු වෙලා. තිබුණු පාටිෂන් එකක් සම්පූර්ණයෙන් මකල හාවව දැම්මෙ ඔන්න ටික දවසකට විතරයි ඊට පස්සෙ යන්න ඕන කියල. දැන්නම් තියාගන්නමයි හිත.

සති දෙකකට කලින් අපේ බෝඩිමේ ළහිරුගෙ සීඩී එක ඉල්ලගෙන හාවා දාගත්තෙ. ඊට පස්සෙ එකම එක සැරයක්වත් වින්ඩෝස් පාවිච්චි කරන්න වුවමනා වුණේ නැහැ. කොඩෙක් පැක් ටිකයි ඕන කරන තව සොෆ්ට්වෙයා ටිකකුයි දාගත්තම වැඩේ ගොඩ. ඇබ්බැහි වෙන සුළු ගේම් ටිකකුත් හොයා ගත්තා.


උබුන්ටු 8.04 එක්ක තිබිච්ච ලොකුම අවුල තමයි E220 වෑර්ලස් එක අරගන්න ලොකු ගේම්ක් දෙන්න වුණු එක. දැන් නම් එක ක්ලික් එකයි වැඩේට යන්නෙ. විස්ටා එක්ක වැඩ කරනකොට පැයකට සැරයක් වත් මැෂිම crash වෙනවා. හාවගෙ නම් එහෙම ප්‍රශ්නයක් තාම ආවෙ නැහැ. වෙනද නිකන් තියෙන කොටත් මෙමරියෙ 900MB විතර පිරිලා දැන් නම් ඒකෙන් තුනෙන් එකක්වත් යන්නෙ නැහැ. ඔන්න කතාවෙන් කතාව හාව ගැන ඇඩ් එකක් වීගෙන එන්නෙ.

කොහොම හරි දැන් ඉතින් ෆුල් ටයිම් ලිනක්ස් වගේ තමයි. හැබැයි විස්ටා අයින් කරන්නෙ නම් නැහැ. මොකද විෂුවල් ස්ටුඩියෝ පාවිච්චිකරන්න හාවට තහනම්නෙ. C# වලින් වැඩ කරන්න කියල Monodevelop දාගත්තත් ඒක වින්ඩෝස් වලදි වගේ ලේසි නැහැ. අනිත් එක පෙරේද දසුන්ගෙන් (පැංචා;-)) හම්බ වුණු Command & Conquer Generals ඉන්ස්ටල් කරගන්නත් ඕන. :-) මේවට Virtual Box එකේ performance මදි.

මට දැන් තියෙන ප්‍රශ්නෙ මේකයි. විස්ටා බූට් වෙන්න වරුවක් විතර යනවා. ඒ හින්ද විස්ට පාවිච්චි කරනව නම් හැම වෙලේම Shut Down කර කර ඉන්න බැහැ. Hibernate තමයි එකම විසඳුම. ඒත් එහෙම කළාම හාවට බැහැනෙ වින්ඩෝස් පාටිෂන් විවෘත කරන්න. දැන් ඕන වෙලා තියෙන්නෙ දෙන්නටම හරියන ෆයිල් සිස්ටම් එකක් හදාගන්න. මේ කියවන කවුරුහරි ඒක කරන හැටි දන්නවනම් කියල දුන්නොත් ලොකු පිනක්!

මෙම ලිපියට ප්‍රතිචාර 5 කි:

Anonymous said...

මගේ නම් නිකම්ම මොඩම් එක ගත්තා. හැබැයි kubuntu වලදි නම් ගත්තෙ නැ.හාවා හොඳයි. ඒත් ඉතින් ඔය වගේ පොඩි අවුල් තියනවා. තවත් 1 ක් තමා openoffice වල හදන .doc files word වල ඔපන් කරාම පොඩ්ඩක් අවුල් වෙන එක.

Anonymous said...

මම කිව්වෙ හාවා ගැන 8.04 වලදි මගෙත් ගත්තෙ නැ (හරියට කියවල නැනේ) එත් ඉසුරු කිව්ව kubuntu 8.04 වල නම් ගත්ත කියල දැන් 9.04 වල ගන්නෙ නැ

Thameera said...

ඔව් openoffice docs වින්ඩෝස්වලදි විකාර වෙනවා. මම ඒකට කරන්නෙ rtf format එකෙන් save කරන එක.

Anonymous said...

goto this article on my blog

http://lmpeiris.wordpress.com/2008/11/02/mounting-ntfs-on-linux-if-not-auto-mounted/

Use the commands there without going to root (i mean, use sudo for each command as you do in ubuntu)
you should suceed
if it doesn't help you, i will re-write the article to fit ubuntu.

Thameera said...

@Impeiris මේක චෙක් කරන්නම කියල මම වින්ඩෝස් දාල හයිබර්නේට් කරල උබුන්ටුවලට ආව. (අර උපදෙස් පිළිපදින්න කලින්) මෙන්න NTFS වැඩ! :-0 මොකද දන්නෙ නෑ. ආයෙ වෙලාවක බලල හරි ගියාද නැද්ද කියල කියන්නම්.

අදහස් ලියලම යන්න