Tuesday, July 7, 2009

ගණන් හදන්න ආ පූසා සහ තවත් කතා


කාලෙකින් ‍බ්ලොග් එකක් ලියන්නත් බැරිවුණා. මේ දවස්වල IMO training camp එකේ බරට වැඩ. හෙල්ලෙන්නවත් විදියක් නෑ.
ගණිත ගැටලු අතරේ හිරවෙලා ඉන්න අතරේ අළුත් අමුත්තෙක් camp එකට එකතු වුණා. නම ඉමෝ (IMO නිසා තමයි නම දැම්මේ). කාත් කවුරුවත් නැතිව මහරගම NIE එකේ වැටිල ඉන්නකොට තමයි අපිට හම්බ වෙලා කාමරේට ගෙනාවෙ.








අපිත් ඉතින් ඉන්න ගමන් පොඩි ආතල් එකක් ගන්නත් කියලා නෙට් එකෙන් පූසන්ගෙ සද්ද ටිකක් හොයාගෙන ලැපේ play කරා. තනියම හිටපු ඉමෝ පූසෙක්ගෙ හඬ ඇහුණු ගමන් හැසිරුණේ මෙන්න මේ විදියට.



හොයල හොයල බැරිම තැන ඉමෝ ආයිත් ගිහිල්ල හරි බරි ගැහිල නිදාගත්තා. කොහොමහරි කාත් කවුරුවත් නැතුව වැටිල හිටපු පූසා ඔන්න අන්තර්ජාලෙටත් ආවා!

මේ ඉන්නෙ මෙදා සැරේ ජර්මනියෙ පැවැත්වෙන ගණිත ඔලිම්පියාඩ‍යේ ලංකාව නියෝජනය කරන කණ්ඩායම.

රූපෙ වමේ ඉඳල පිළිවෙලට ඉන්නෙ වර්ණකුල, ලජානුගන්, ක්‍රිෂාන්තන්, දිලීප, ගම්ලත් සහ ඉමෝ. සංකල්ප පින්තූරෙ නෑ.
හෙටින් (ජූලි 8) camp එක ඉවරයි. කට්ටිය දැන් කල්පනා කර කර ඉන්නෙ හෙටින් පස්සෙ ඉමෝගෙ කලදසාව ගැන. බාර ගන්න කැමති කවුරුහරි ඉන්නව නම් වහාම අමතන්න. :-)

මෙම ලිපියට ප්‍රතිචාර 15 කි:

Indranama said...

සිරා පූස් පැටිය බං, මාර ගති.
හැබැයි උඹල ඔය සෙල්ලම කරන්න ගිහින් ඩිස්ප්ලේ එකට නියපොතු පාරක් වත් දුන්නනං තමා වැඩේ.
ඉතිං උඹලගෙ බෝඩිමේ තියාගන්න බැරිද?

Anonymous said...

ෂහ් මාර හුරතල් පූස් පැටියෙක්නේ ඔකා deeps ට දුන්නොත් නරකද?

Anonymous said...

ඕකා ගිය ආත්මෙ Fermat වගේ number theory dial එකක් වෙන්න ඇති

Deeps said...

මේවා පූසොංගෙ අයිතිවාසිකම් උල්ලංඝණය වෙන වැඩ.කාටද අවසර තියෙන්නේ මෙහෙම පූසෝ රවට්ටන්න ඈ?? පවු අර පොඩි එකා.

ඒක තමා මාර ස්වීට් පූස් බබෙක්..බැරිද DHL කරන්න අපේ ගෙදරට?

පසු ලිවීම: කරුණාකර මෙම පිටුව ශාකුන්තලට පෙන්නේ නැති පරිදි මොන දහං ගැටයක් හෝ ගසා සකසන්න. නැතහොත් මේකා හොරකං කර ශාකුන්තල හිරේට යන එක ශුවර් ඇන්ඩ් ශොට් ය

susantha said...

me poosata sadaranayak itu karana men illami

ohuwa hoda ayithikaruwekuta bara denna obata pin

Deeps said...

ආහ් දැන් මතක් උනේ uraj deemantha පූසෙක් හොය හොයා ගම වටේ ඇවිද්දා පහු ගිය දවස් වල. එයාට නම් ඕනේ රෝස කටෙක්ලු. පොඩ්ඩක් කියල බලන්න එයාට

Thameera said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම වෙලාවට එහෙම අවුලක් වුණේ නෑ. අපේ බෝඩිමට ගෙනිච්චොත් දවසකින් මේකා මැරෙයි

@akila87 ඒක තමයි මාත් බැලුවෙ

@kaumad ඔව් ඔව් number theory ගැන ලොකු උනන්දුවක් පෙන්නනවා

@deeps මේකයි, ඔය ඉල්ලපු පළියටම දෙන්නත් බෑ, තව ඉල්ලීම් ටිකක් ආවට පස්සෙ සලකල බලන්නම්, DHL වුණත් කරන්නම්කො! ශාකුන්තල ගැන නම් මේ වෙලාවෙ ප්‍රකාශයක් කරන්න අමාරුයි

@susantha ඒකට තමා මේ ට්‍රයි එක!

Deeps said...

@thameera
"අපේ බෝඩිමට ගෙනිච්චොත් දවසකින් මේකා මැරෙයි"
ඒ මොකෝ? ඔය පූසට කන්න ටිකක් දෙන්න බැරිද කට්ටියට? නිවාඩු කාලේදිනම් ඉතින් ගෙදර ගෙනියන්න තමා වෙන්නේ. නැත්තම් අකිලට දෙන්නකෝ නිවාඩු කාලේ තියාගන්න

ශාකුන්තල | Shaakunthala said...

deepsගෙ අනාවැකිය වැරදියි... තවත් බළල්ලු ගෙනාවොත් මට තමයි ගෙදරින් යන්න වෙන්නෙ. අපේ ගෙදර මදි පාඩුවට දහයක් ම ඉන්නවා... එයින් පහක් බැළලියෝ...ඒ පහෙනුත් දෙකක් මේ දවස් වල pregnant.

ඔය වගේම පෙනුම තියෙන එක්කෙනෙකුත් ඉන්නවා. එයා නම් ඉපදිලා දැන් මාස දෙකක් විතර වෙන්නෙ.

Thameera said...

@all මාර සීන් එක! ඉමෝ නැත! අතුරුදන් වී ඇති සෙයකි! කවුරුහරි හොරකම් කළාවත්ද?

Deeps said...

@thameera අනේ මම නම් නෙවෙයි ඕං.

@shaakunthala

දහයක් කියන්නේ සුලු ගාණක්නේ.. විස්සක්වත් ඇති කරමු

Narada said...

ඔන්න Deeps මාට්ටු, කවුද කිව්වේ ඔයා කියලා!

නිච්චයටම එයා උස්සලා වෙන්න ඕනෑ!

Anonymous said...

අපේ දිහා පුසොන්ට පොඩ්ඩක් වාරණය වැඩියි... නැත්නම් පුස් පැටියට application එකක් දන්න තිබුනා...

Anonymous said...

සිර පූස් පැටිය බන්............... මාර ලස්සනයි.............................

Nisansa Dilushan said...

Cute kitten :-)

අදහස් ලියලම යන්න