Thursday, January 21, 2010

අළුත් අවුරුද්දේ GRUB සමග ගනුදෙනු - 2 කොටස



එදා GRUB එක ගොඩ දාපු කතාව පටන් ගත්තට ඉවර කළෙ නැහැනෙ. අද ඉතුරු ටික. එදා කියපු විදියට GRUB එකේ තියෙන වින්ඩෝස් පාටිෂන් එකේ UUID එක වැරදියි. UUID කියල කියන්නෙ Universally Unique Identifier කියන එක. නමින් කියවෙන විදියටම මේකෙ එකම අගය උපකරණ දෙකකට තියෙන්න බැහැ. අපේ වැඩේට ඒ විස්තර ඕන නැහැ. smile කරන්න තියෙන්නෙ GRUB එකට හරියට UUID එක යොදන එක.



මුලින්ම හොයාගන්න ඕන අපේ වින්ඩෝස් පාටිෂන් එකේ නියම UUID එක මොකක්ද කියල. මේකට පාවිච්චි කරන්න පුළුවන් විධානයක් තියෙනවා.

ls /dev/disk/by-uuid


මේක දුන්නම එන්නෙ මෙන්න මේ වගේ ප්‍රතිඵලයක්:


(මේ screenshots ගත්තෙ වැඩේ කළාට පස්සෙ මගේ ලැපෙන්)

දැන් ලොකු ප්‍රශ්නයක්. මොකක්ද අපිට ඕන කරන UUID එක. confused කෝකටත් කියල

gedit /boot/grub/grub.cfg


විධානය දීල බැලුව මොනවද දැනට තියෙන UUID කියල. එතනින් ඕන කරන ඔත්තුව ලැබුණා. razz ලිනක්ස් පාටිෂන්වල (EXT4) UUID ඔක්කොම ඔය screenshot එකේ තියෙන ඒවයින් දිගින් වැඩි වර්ගයේ ඒවා. (උදා: c25e1bea-312d-4c64-9fa5-bde80d355b50) වින්ඩෝස් පාටිෂන්වල තියෙන්නෙ කොට UUID. (උදා: A298B4D698B4AA65) මේකට හේතුව නම් දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න.

දැන් ඉතුරුවෙලා තියෙන්නෙ UUID තුනයි. මේ අතරින් එකක් හරියට GRUB එකේ Windows Recovery මෙනු අයිතමයෙ සඳහන් වෙලා. එතකොට ඉතුරුවෙන්නෙ තව දෙකයි. දැන් හොයාගන්න ඕන මොකක්ද හරි එක කියල. සමහර විට ටර්මිනලයෙන්ම මේක හොයාගන්න ක්‍රමයක් ඇති. නමුත් එහෙම ක්‍රමයක් දන්නෙ නැති නිසා මේ UUID දෙක කොළේක ලියාගෙන මැෂිම ප්‍රතිපණගන්වලා GRUB එකේදි අර පසුගිය ලිපියෙ කියපු විදියට e අකුර ඔබලා දෙකම වෙන වෙනම දාල බැලුවා. දෙවෙනියට දාපු UUID එක වැඩ.

දැන් තියෙන්නෙ GRUB එකේ මේ UUID එක replace කරන එක. GRUB2 එකේ මෙනු අයිතමයක UUID එක වෙනස්කරන ක්‍රමයක් හොයාගන්න බැරිවුණා. දැන් කරන්න තියෙන්නෙ අළුත් මෙනු අයිතමයක් එකතු කරන එක. මේක කරන්න ක්‍රමයක් මෙන්න මෙතන තිබිල හොයාගත්ත. මෙන්න මේ විදයටයි අදාළ ගොනුව ලිව්වෙ:

echo "Windows Vista ;)"
cat << EOF
menuentry "Windows Vista ;)" {
insmod ntfs
set root=(hd0,1)
search --no-floppy --fs-uuid --set dc7e112b7e10ffc6
chainloader +1
}
EOF


ඔතන ඔය ;) කියල දැම්මෙ ආතල් එකට. lol මේක දැන් 24_amigo කියල /etc/grub.d/ ඩිරෙක්ටරියෙ save කළා. 24 කියල මුලින්ම දාන්න හේතුවක් තියෙනවා. grub.d ඩිරෙක්ටරියෙ තියෙන ගොනු මොනවද කියල බැලුවොත් මෙන්න මේ වගේ තමයි පේන්නෙ:


හැම ගොනු නමක්ම පටන් ගන්නෙ සංඛ්‍යාවකින්. ඒ අංකවල පිළිවෙලට තමයි මේව ක්‍රියාත්මක වෙන්නෙ. දැනට තියෙන වින්ඩෝස් මෙනු අයිතමවලට අදාළ දත්ත තිබුණෙ 30_os-prober කියන ගොනුවෙ. මේ නිසා ඊට අඩු අගයකින් පටන් ගන්න නමක් දාන්න ඕන. ඒ හින්දයි 24 කියල දැම්මෙ. (25 නොදා 24 දැම්මෙ ඒක අපි හදපු එකක් කියල මතක් වෙන්න wink)

මීළඟට කරන්න ඕන අපි හදපු ගොනුව ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ (executable) කරන එක. මේකට කරේ:

sudo chmod +x 24_amigos


විධානය දීපු එක. සරලයි සුගමයි. අන්තිම පියවර තමයි GRUB එක update කිරීම. මේක GRUB2 එක්ක ආපු නවාංගයක්. අදාළ ගොනු වෙනස් කළාට වැඩක් නැහැ අප්ඩේට් කළෙ නැත්නම්. අප්ඩේට් කරන එකේ හොඳක් තමයි අපි වෙනස් කරපු පේළිවල වැරදි තියෙනම් ඒව පෙන්නල දෙන එක.

sudo update-grub


දැන් ඉතින් දෙයියො බුදුන් සිහිකරගෙන මැසිම ප්‍රතිපණගැන්නුවා. බබා වගේ වැඩ. razz හොඳ අත්දැකීමක්.

ඔන්න ඔහොමයි අළුත් අවුරුද්දෙ GRUB එකත් එක්ක වැඩ ඇල්ලුවෙ. ඉස්සරහට තව මොනව වෙයිද දන්නෙ නැහැ. වැදගත් දෙයක් වුණොත් අනිවා බ්ලොග් එකේ දාන්නම්. මෙතන මම කරල තියෙන දෙයක වැරැද්දක් හරි ගැටලුවක් හරි තියෙනම් ප්‍රතිචාරයක් දාලම යන්න. හරි, දැන් ඉතින් හෙට විබාගෙට පාඩම් කරන්න යන්න ඕන. cry

Tuesday, January 19, 2010

අළුත් අවුරුද්දේ GRUB සමග ගනුදෙනු - 1 කොටස


අවුරුද්ද පටන් ගත්ත ගමන් GRUB ප්‍රශ්න ආයිත් එන්න ගත්තා. මේක ආවෙ අපේ සඳුන්ගේ ලැපෙන්. සඳුන් වින්ඩෝස් විස්ටා රිකවරියක් දාලා, එතකොට ඉතින් GRUB එක යන එක අහන්න දෙයක් නැහැනෙ. wink මේක සාමාන්‍ය සිදුවීමක්. ඒත් අළුත් GRUB2 එක්ක කලින් මට්ටුවෙලා තිබුණෙ නැහැ.

මේකට තියෙන්නෙ සරල විසඳුමක්. මුලින්ම උබුන්ටු Live CD එකකින් පරිගණකය පණගන්වන්න ඕන. අපි නම් කළේ Live USB එකකින්. උබුන්ටු ලෝඩ් වුණාට පස්සෙ ටර්මිනලයක් අරගෙන වැඩේට බහින්න ඕන. ඉස්සෙල්ල දැනගන්න ඕන ලිනක්ස්වල බූට් පාටිෂන් එක. දන්නෙ නැත්නම්

sudo fdisk -l


විධානයෙන් බලාගන්න පුළුවන්. සඳුන්ගෙ ලැපේ නම් ඒක තිබුණෙ /dev/sda6 විදියට. හරි. මීළඟට ඒ පාටිෂන් එක මවුන්ට් කරගන්න ඕන මෙන්න මේ විදියට.

sudo mount /dev/sda6 /mnt


මෙතන මං හිතන්නෙ /mnt වෙනුවට කැමති වෙන තැනක් දෙන්න වුණත් පුළුවන්.

දැන් තියෙන්නෙ GRUB එක ප්‍රතිස්ථාපනය කරන එක. ඒකටත් එක විධානයයි.

sudo grub-install --root-directory=/mnt /dev/sda


මෙතන දෙන්න ඕන sda කියල මිසක් sda6 කියල නෙවෙයි. වැරදිලා එහෙම කරන්න ගිහිල්ලා එරර් මැසේජ් එකක් ආවම තමයි ඒකත් දැනගත්තෙ. biggrin
හරි, දැන් තියෙන්නෙ පරිගණකෙ ප්‍රතිපණගන්වන එක. ඕන නම් ඊට කලින් වැඩි ආරස්සාවට කියල

sudo umount /mnt


මගින් අර මවුන්ට් කරපු පාටිෂන් එක අන්මවුන්ට් කරල ඉන්න පුළුවන්.

දැන් වැඩේ ගොඩ. ඇත්තටම අපිට නම් එක පාරින් ගොඩ දාගන්න බැරිවුණා. මුල් සැරේ වැරදිලා sda5 කියල දාල ඒ වැරැද්ද තේරුම් ගන්න දෙසැරයක් විතර ආයිත් ලයිව් සීඩී එකෙන් යන්න වුණා. lol

දැන් ඉතින් GRUB එකත් හැදුව කියල සතුටින් හිටියයි කියමුකො. පස්සෙ තමයි අහුව්ණේ GRUB මෙනුවෙ වින්ඩෝස්වලට යන විකල්පය වැඩකරන්නෙ නෑ කියලා. ඒ විකල්පය තෝරලා Enter එබුවට මොකුත් වෙන්නෙ නැහැ. eek මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් කරන දේ තමයි e අකුර ඔබලා GRUB menu entry එක එඩිට් කරන එක. ඒත් වරදක් කියල දෙයක් හොයාගන්න බැරිවුණා. හරෙ මෙහෙ කර කර බලන කොට තමයි තේරුණේ GRUB එකේ තියෙන වින්ඩෝස් පාටිෂන් එකේ UUID එක වැරදියි කියල.

ඉස්සර නම් මේකට විසඳුම පොඩි දෙයක්. menu.lst ගොනුව වෙනස් කරන එක විතරයි කරන්න තියෙන්නෙ. ඒත් GRUB2 වෙනස්. තාම නුහුරුයි. ඒකට දීපු විසඳුම මීළඟ බ්ලොග් පෝස්ට් එකෙන් ගේන්නම්. විබාගෙට පාඩම් කරන්නත් තියෙනවනෙ. rolleyes

Thursday, January 14, 2010

පියාසැරියට එක්වන්න


අපේ කස්ටිය ඉතින් පත්තර කියවනවා, ප්‍රවෘත්ති බලනවා බොහොම අඩුයිනෙ. රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ බොහොම අඩුවෙන්. wink ඉතිං ඕකට පොඩි විසඳුමක් දෙන්න කියල පටන් ගත්ත අළුත් වැඩක්. පියාසැරිය.

පියාසැරියෙ අරමුණ ලෝකෙ සිදුවන අළුත්ම පුවත් බර වචන නැති, අපිට තේරෙන බාසාවෙන් ඉදිරිපත් කරන එක. මේ තොරතුරු ඔක්කොම ගන්නෙ අන්තර්ජාලෙ තියෙන එක එක පුවත්පත්වලින්ම තමයි. මේ නිසා හැම ලිපියකම අවසානයට ඒ මූලාශ්‍රවල සබැඳිත් ලබාදෙනවා. මීට අමතරව පුවතේ තිබෙන විශේෂ කරුණු ගැන වැඩිදුර විස්තර හොයාගන්න පුළුවන් අඩවිවලටත් (වැඩිපුරම විකිපීඩියා) සබැඳිත් දෙන්නයි බලාපොරොත්තුව. මේ නිසා වැඩිදුර කරුණු දැනගන්න ඕන නම් ඒකටත් ඉඩ සලසනවා.

මේක තාම පටන්ගත්ත විතරයි. rolleyes ඒ නිසා කාගෙත් යෝජනා චෝදනා ගොඩක් වටිනවා. එකතු කරන්න ඕන අළුත් දේවල් තියෙනව නම් පොඩි දෙයක් වුණත් දෙසැරයක් හිතන්නෙ නැතුව කියන්න. කැමති තව අය ඉන්නව නම් ඒ අයටත් පුවත් ලියන්න ඉඩ ලබාදෙන්න අදහසකුත් තියෙනවා.

ආ තව දෙයක් තියෙනවා. http://twitter.com/piyasariya නමින් ට්විටර් ගිණුමකුත් පටන්ගත්තා. මේකෙන් පියාසැරියේ පළවන අළුත් පුවත්වලට සබැඳි විතරක් නෙවෙයි, ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් එසැනින් සිංහලෙන් ලබාදෙන්නත් හිතාගෙන ඉන්නෙ. කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න බෑ, තීරණය වෙන්නෙ ප්‍රතිචාර අනුව තමයි. neutral කැමති අයට පුළුවන් ට්විටරයෙන් piyasariya follow කරන්න.

මේ සබැඳියෙන් පියාසැරියට යන්න.
http://piyasariya.blogspot.com

Sunday, January 10, 2010

විබාගේ තමයි අපේ අබාගේ

දවස් ගාණකින් පෝස්ට් එකක් දාන්න තියා බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි වුණා. මේ විබාගෙ තමයි ඉතින් හේතුව. මේක මේ ලියන්නෙත් පාඩම් කරල එපාම වෙලා ඉන්න වෙලාවක. අද (11) පටන් ගත්තම ඉවරවෙන්නෙ පෙබරවාරි 5. cry මෙදා සැරේ නම් සබ්ජෙට් කීයක් රිපීට් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ, මේක ඉවරවුණාම ඉතිං ට්‍රේනිං පටන් ගන්නවා. ආයි මාස 10ක් විතර යනකං විබාගයක් නෑ. ඒ කාලෙ බ්ලොග් ලියන්න පුළුවන් ඇට්ටි හැලෙන්න. lol

ඔය මාතෘකාවෙන් කියවෙන සින්දුව තියෙන්නෙ සෝමලතා සුබසිංහගෙ "විකෘති" කියන වේදිකා නාට්‍යයෙ.



විබාගෙ විබාගේ
එහේ බැලුවත් විබාගේ
මෙහෙ බැලුවත් විබාගේ
විබාගේ තමයි අපේ අබාගේ

විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට
වෙලාව නෑ විබාගේ

බස් එකේ කෝච්චියේ පාරතොටේ
යන එන හැම තැන
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
විබාගෙ ප්‍රතිපල කොහොමද
විබාග ප්‍රතිපල වසංගතේ

පද වැල් නම් හරියටම හරිද දන්නෙ නෑ. confused දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න.

මේ අව් අස්සෙ තව අළුත් වැඩකටත් අතගැහුව. අළුත් සිංහල බ්ලොග් එකක්. ඒ ගැන විස්තර ළඟදිම කියන්නම්. එහෙනම් අපි ගියා. විබාගෙට පරක්කු වෙනවා. මටත් විබාගෙ ලියන කාටත් සුබ පැතුම්!