Sunday, January 10, 2010

විබාගේ තමයි අපේ අබාගේ

දවස් ගාණකින් පෝස්ට් එකක් දාන්න තියා බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි වුණා. මේ විබාගෙ තමයි ඉතින් හේතුව. මේක මේ ලියන්නෙත් පාඩම් කරල එපාම වෙලා ඉන්න වෙලාවක. අද (11) පටන් ගත්තම ඉවරවෙන්නෙ පෙබරවාරි 5. cry මෙදා සැරේ නම් සබ්ජෙට් කීයක් රිපීට් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ, මේක ඉවරවුණාම ඉතිං ට්‍රේනිං පටන් ගන්නවා. ආයි මාස 10ක් විතර යනකං විබාගයක් නෑ. ඒ කාලෙ බ්ලොග් ලියන්න පුළුවන් ඇට්ටි හැලෙන්න. lol

ඔය මාතෘකාවෙන් කියවෙන සින්දුව තියෙන්නෙ සෝමලතා සුබසිංහගෙ "විකෘති" කියන වේදිකා නාට්‍යයෙ.



විබාගෙ විබාගේ
එහේ බැලුවත් විබාගේ
මෙහෙ බැලුවත් විබාගේ
විබාගේ තමයි අපේ අබාගේ

විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට
වෙලාව නෑ විබාගේ

බස් එකේ කෝච්චියේ පාරතොටේ
යන එන හැම තැන
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
විබාගෙ ප්‍රතිපල කොහොමද
විබාග ප්‍රතිපල වසංගතේ

පද වැල් නම් හරියටම හරිද දන්නෙ නෑ. confused දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න.

මේ අව් අස්සෙ තව අළුත් වැඩකටත් අතගැහුව. අළුත් සිංහල බ්ලොග් එකක්. ඒ ගැන විස්තර ළඟදිම කියන්නම්. එහෙනම් අපි ගියා. විබාගෙට පරක්කු වෙනවා. මටත් විබාගෙ ලියන කාටත් සුබ පැතුම්!

මෙම ලිපියට ප්‍රතිචාර 7 කි:

වැප් said...

විභාග ෙහාදයි කියලා හිතෙයි job කරද්දි ... හි හි

බිඟූ said...

එලට ලියපන් මචං,
ඇට්ටි හැලෙන්න, බැට්ටි බහින්න

/බිඟුවා...!

LG said...

විභාගේ ලියන ඔක්කොටම සුභ පැතුම්! Good luck!

Anonymous said...

ඔව් බං මාත් බලන් ඉන්නේ මේ මගුල ඉවර වෙනකම්. බ්ලොග් ලියන්න විතරක් නෙමේ තව සොෆ්ට්වෙයා පැත්තෙ පොඩි වැඩක් කරන්නත් අදහසක් තියනවා. :D අද නම් පැකට් පනින තරමට නෙට්වර්ක් කෙල උනා. බලමු හෙට අනික් සමාජ අඩ්‍යනය සබ්ජෙක්ට් එකට මොනව වෙයිද කියල :D

ශාකුන්තල | Shaakunthala said...

ඔය අබාගේ අපටත් මේ දවස් වල තියෙනවා... පිටි පිට දවස් 4ක සබ්ජෙක්ට් 4ක්! පිස්සු හැදෙන සඳ....

Sam said...

විභාගයා හොඳට ලියන්න..සුබ පැතුම් මගෙනුත්..

Thameera said...

@වැප්
අනේ මන්දා, විබාග නැත්තං ඕන එකක් :)

@බිඟුවා...!
අනිවා ලියනවා!

@LG
එලස්!

@akila87
මේ සැරේ ඔක්කොම සමාජ අධ්‍යයනය වගේ තමයි :)

@ශාකුන්තල
ඔව් අප්පා, අපිටත් සමහර දවස්වල එක දිගට. පිස්සු හැදෙනවා.

@ධනංජය
එල තෑන්ක්ස්!

අදහස් ලියලම යන්න