Tuesday, March 16, 2010

තාමත් අපේ අය ෆයර්ෆොක්ස් පාවිච්චි කරන්නෙ ඇයි?

ෆයර්ෆොක්ස් කියන්නෙ දැනට භාවිතයෙ තියෙන අග්‍රගණ්‍යම වෙබ් බ්‍රව්සරයක්. මේකට තරම් ඇඩෝන ප්‍රමාණයක් දැනට කිසිම බ්‍රව්සරයකට නැහැ.
ඒත් ෆයර්ෆොක්ස් දරුණු විදියට මන්දගාමීයි. ටැබ් හත අටක් විවෘත කරගත්තු හැටියෙ බ්‍රව්සරය ස්ටක් වීමේ සම්භාවිතාව පුදුම විදියට වැඩිවෙනව. ඇඩෝන කීපෙකුත් දාල නම් තත්වය තවත් දරුණුයි.
නමුත් ගූගල් ක්‍රෝම්වල මේ ගැටලුව නැහැ. දැනට තියෙන වේගවත්ම බ්‍රව්සරය බවට අවිවාදයෙන් පිළිගැනෙනව වගේම මේකට තියෙන ඇඩෝන ප්‍රමාණයත් දවසෙන් දවස වැඩිවෙනව. ඒත් ක්‍රෝම් පාවිච්චි කරන පිරිස තාම අතළොස්සක්.
ක්‍රෝම්වල මුල් කාලෙ ගොඩක් ගැටලු තිබුණ. මූලික ප්‍රශ්නය වුණේ ඇඩෝන නොතිබීම. ලංකාවෙ අපට තිබුණු තවත් ගැටලුවක් තමයි සිංහල යුනිකෝඩ් ෆොන්ට් හරියට රෙන්ඩර් නොවීම. ඒත් මේ ගැටලු දෙකම දැන් ගොඩක් දුරට විසඳිලා. වයස මදිකම නිසා ඇඩෝන ප්‍රමාණය අතින් පිටිපස්සෙන් හිටියත් වේගය අතින් නම් කිසිම බ්‍රව්සරයකට දෙවැනි වෙන්නෙ නැහැ.
ක්‍රෝම්වල වේගයට ප්‍රධාන හේතුව තමයි multiprocessing කියන සංසිද්ධිය උපරිමෙන් ප්‍රයෝජනයට ගැනීම. ෆයර්ෆොක්ස් ගත්තම මුළු බ්‍රව්සරයම තනි process එකක් විදියටයි තියෙන්නෙ. නමුත් ක්‍රෝම්වල වෙන වෙන ටැබ්වලට තියෙන්නෙ වෙන වෙනම process. මේ නිසා එක ටැබ් එකක් ක්‍රෑෂ් වුණත් අනිත් ඒවට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඇඩෝනවලටත් වෙන වෙනම process තියෙනවා. මීට අමතරව ප්‍රධාන මතකය (RAM) භාවිතය අතිනුත් ක්‍රෝම්වලට හිමිවෙන්නෙ අංක එක.
මේ වගේ හේතු නිසා ක්‍රෝම් ඉන්නෙ අනිත් බ්‍රව්සරවලට ඉදිරියෙන්. සමහරක් වැඩවලට ෆයර්ෆොක්ස් ළඟින් තියාගෙන ඉන්න ඕන වෙනව. ඒත් ඒක ප්‍රධාන බ්‍රව්සරය විදියට පාවිච්චි කරන එක පරණ ලොරියක් එළවනව වගේ වැඩක්. තාමත් අපේ කට්ටිය ෆයර්ෆොක්ස්වලටම වෙලා ඉන්නෙ ඇයි කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක්.

මෙම ලිපියට ප්‍රතිචාර 42 කි:

GNS said...

Quote:
"තාමත් අපේ කට්ටිය ෆයර්ෆොක්ස්වලටම වෙලා ඉන්නෙ ඇයි කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක්. "

අතඅරින්නම බැරි/අකමැති Add-onම තමයි හේතුව.. :D

Unknown said...

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ. බහුතරයක් දෙනා සම්බන්ධව නං කතංදරේ පරණ පුරුදු එක අතඇරලා අලුත් දේකට පුරුදු වෙන එක. වැඩේ කොච්චර සරල උනත් සංකීර්ණ උනත් කතාව එකයි. ඔය ටැබ් සීන් එක නිසා තමා මාත් chrome දාගෙන බැලුවෙ. chrome ඇත්තටම හොද තත්වෙක තියනව දැං. මට නං නරියව දාලා එන්න අමාරු ඔය නෑදෑකං වගයක් තියන නිසයි, නරියයි මමයි කරන නරි වැඩ chrome වලිං කරන්න අපහසුකං තියන නිසයි. :P

Gayan Tharaka said...

මේකට නම් එකග වෙන්න බෑ
"ප්‍රධාන මතකය (RAM) භාවිතය අතිනුත් ක්‍රෝම්වලට හිමිවෙන්නෙ අංක එක."
මේ පැත්තෙන් නම් ෆයර් ‍ෆොක්ස් අංක එකට ඉන්නවා. තියෙන ප්‍රමානෙටත් වඩා රැම් එක යූස් කරල

යූත්මැක්ස් said...

ක්‍රෝම් සිංහලට පරිවර්තනය කරන්න බැරිද? සිංහල ෆයර්ෆොක්ස් ව‍ගේ සිංහල ක්‍රෝම් එකකුත් තිබුණා නම් මම අනිවා පාවිච්චි කරනවා.

Anonymous said...

සමනලී නම් අන්තර්ජාල සම්බන්ධතාව ගත්තේ බොහොම මෑතකදි.... (සති ගානක වයස) ඒත් ඊට කලින් පටන්ම ඉතින් සමනලී භාවිතා කරන්නේ chrome තමයි. දැන් ඉතින් ඒකට ඇබ්බැහි වෙලා වගේ.... වෙන browser භාවිතා කරන්න හිතෙන්නේම නෑ

ත‍රිඳු said...

sinhala transliteration කියන add-on එක ඒකෙත් තියෙනවනම් අනිවා ඒක පාවිච්චි කරනව.

kkroxc said...

මමත් පාවිච්චි කරනේ ක්‍රොම් තමා මට නරියව එපා වුනා.. ආපූ මුල් කාලේ නම් ගින්දර වගේ වැඩ කලා ඉට පස්සේ අයිස් වගේ

Janith said...

මමනම් භාවිතා කරන්නෙ නරියව. crash වෙනව හරිම අඩුයි, RAM භාවිතයත් අරපිරිමැස්මෙන් කරන් යනව. Lifehacker වලට අනුව තාම RAM භාවිතයෙන් අංක එකේ ඉන්නෙ නරිය...

Thameera said...

@ගයන්ත
මටත් ඒ වගේ අත අරින්න අමාරු ඇඩෝන් තියෙනවා. ඒත් ඒව ඕන වෙලාවට විතරක් ෆයර්ෆොක්ස්වලට යනවා.

@änthräX
හික්! ඔය නෑදෑකම් බදාගෙන ඉඳල හරියන්නෙ නැහැ ;)

@ගයාන් තාරක @Chavie
ඔව්, මට වැරදිලා, රැම් භාවිතය අතින් නරිය තාම ඉදිරියෙන්

@යූත්මැක්ස්
දැනට නම් නැහැ. ඒත් ඉදිරියට බොහෝ දුරට ඒවි

@punchisamanalee
ඇත්ත, ක්‍රොේම් පාවිච්චි කරනකොට ඒකට ඇබ්බැහිවෙනවා

@තරිඳු
qsChrome වගේ එකක් ගැනද ඔය කියන්නෙ?

@kkrox
ඔව්, නරිය ටික දවසකින් එපා වෙනවා, ක්‍රෝම්වලට ඇබ්බැහි වෙනවා :)

Pahan said...

තාම IE6 පාවිච්චි කරන අයත් ඉන්නවා කියලා අමතක කරන්න එපා. :D .

තව දෙයක් chrome වල extensions දාන්න browser එක restart කරන්න ඕන නැහැ . :)
යුනිකෝඩ් අවුල් නැත්තං opera ත් සිරා බ්‍රව්සර් එකක්

said...

මන් නම් FF වල කිසිම Add-on එකක් දාලා නැහැ ඒත් පාවිච්චි කරන්නේ ඒක විතරයි Ram නම් කනවා තම. ගොඩක් වෙලාවට Crash වෙනවා වත් ඒකම පාවිච්චි කරනවා.

Thameera said...

@පහන්
සිරාවට, මට සති දෙකකට කලිනුත් හම්බවුණා Mac එකක IE6 පාවිච්චි කරන කෙනෙක්. ඔව් opera වල turbo boost සිද්ධිය නැගල යනවා

@ම
ඇඩෝන් පාවිච්චි කරන්නෙත් නැත්නම් ක්‍රෝම් හොඳටම ගැලපෙනවා

Naveen Madhawa said...

ක්‍රෝම් එකේ java අප්ලට් වල අවුලක් තියෙනව.. ක්‍රොම් වල ටෝටල් මෙමරි භාවිතය FF වල ගානම වගේ තමයි එත් වෙන වෙනවම තියෙන නිසා crash වෙන්නෙනෑ IE8 වලත් එහෙම තමයි...

Kasun Nadeeshana said...

ගූගල් කොරෝම් බ්‍රවුසර් firfox වල සපේක්ෂව රුම් එක ගන්නවා ගොඩක් අඩුයි P3 මෑෂීන් එකක වුනත් හොදට වැඩ.

නමත් firfox ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. එත් වෙබ් පිටු ලෝඩ් කර ගැනීම අතින දෙකම කරට කර තරගයක ඉන්නේ. firfox වලදී මට ආපු කරදයක් තමයි මූණ පොතේ ඉන්නකොට හැම වෙලේම පල්ගින් එකක් ඕන කියලා මැසේජ් එකක් එනවා.ඒත් සමහර තැන්වල දී firfox ඕන වෙනවා.නමුත් firfox කියන්නේ බ්‍රවුසර් අතර පෙරලියක් කරපු බ්‍රවුසර් එකක්

මං දන්න විදිහට ගූගල් එක chorme හැදුවේ firfox වල සෝස් කොඩ් වලින් වගේ දන්න විදහට. වැදගත් ලිපියක් බොහෝම ස්තුතියි.

Thameera said...

@Naveen Madhawa
ඈ? මොකක්ද අවුල?

@Kasun Nadeeshana
ඔව්, fbවලට හොඳම ක්‍රෝම් තමයි.

"මං දන්න විදිහට ගූගල් එක chorme හැදුවේ firfox වල සෝස් කොඩ් වලින් වගේ දන්න විදහට."
නැහැ, ක්‍රෝම් ප්‍රාථමික අවස්ථාවේ ඉඳන් මුල ඉඳල හදපු එකක්. Flock එහෙම නම් ෆයර්ෆොක්ස්වලින් හදල තියෙන්නෙ.

දිමුතු said...

මම නම් firefox,seamonky,chrome,ie8 වගේ ගොඩක් ඒවා පාවිච්චි කරලා අන්තිමට දැන් opera වල ඉන්නව හැබැයි ඒකෙ unicode වල එහෙම අව්ලක් නෑ

Unknown said...

ක්‍රෝම් windows 7 වලදී crash වෙන්න ගත්තා.. ඒක නිසා ආපහු නරියට මාරැ වෙන්න උනා......

Kasun Nadeeshana said...

@ තමීර | Thameera

"නැහැ, ක්‍රෝම් ප්‍රාථමික අවස්ථාවේ ඉඳන් මුල ඉඳල හදපු එකක්. Flock එහෙම නම් ෆයර්ෆොක්ස්වලින් හදල තියෙන්නෙ"

ස්තුතියි නිවැරදි කළාට.මං හිතන් හටියේ ඒ විදිහට.

ගීතික බුලත්සිංහල said...

විස්ටා වලදී ගිණි නරියගෙ extensions, Add-on අප් ඩේට් කරන්න අමාරුයි. රන් ඈස් ඇඩ්මින්ස්ට්‍රේටර් විදියට තමා පාවිච්චි කරන්නෙ. fb එකත් crash වෙනවා ,flash install කරන්න උනෙත් හෙන කටුවක් කාලා.වෙබ් පේජ් සේව් කරන්නත් ගොඩක් වෙලාවක් ගන්නවා මේ හැම දුකක්ම විඳගෙන නරියම පාවිච්චි කරන්නෙ ලගදි ඉදන් ක්‍රෝම් වලින් එරර් එකක් එන නිසා.

Kasun Nadeeshana said...

ඒක ඇත්ත වෙබ් පේජ් සේව් කරන්න ගොඩක් නවලා යනවා කෝරෝම් වල නම් ටක් ගලා ඊතලය පහලට ගිහිල්ලා ඉක්මනට සේව් වෙනවා.

ගිනිනරියගේ වෙබ් පේජ් සේව් කරනකොට ගොඩක් වෙලා ගන්නවා.වයිරස් චෙක් කරලා එහෙම. මං හිතන්නේ මේ දෙකේම එක එක ලක්ෂණ තියෙනවා.100% හොද සොෆ්ට්වෙයා නෑනේ.ඒක හින්දා අවශය තැනට හරියන එක පාව්ච්චි කිරීම තමයි හොද.

Thameera said...

@dimuthu
වින්ඩෝස්වලදි අවුලක් නැතුව ඇති. ලිනක්ස් සංස්කරණයෙ නම් තාම අල

@DReeZone
සමහරුන්ට මේ ප්‍රශ්නය තියෙනවලු. ඒත් මට නම් ඔෆිස් එකේදි ‍වින්ඩෝස් 7වල ක්‍රෝම් අවුලක් නැතුව වැඩ

@ගීතික
ඔව්, ක්‍රෝම්වල පිටු සුරැකීමත් සාපේක්ෂව ලේසියි.
ක්‍රෝම් රීඉන්ස්ටල් කරල බලන්න

@Kasun Nadeeshana
එකඟයි. අවශ්‍ය තැනට සුදුසු බ්‍රව්සරය පාවිච්චි කිරීමයි කළ යුත්තේ.

budhajeewa said...

මාත් දැන් මාස එකහමාරක පමණ සිට මගේ ප්‍රධාන වෙබ් ගවේෂකය විදියට පාවිච්චි කරන්නේ Google Chrome. නමුත් "අනේ මට Firefox පාවිච්චි කරන්න තිබුනානම්!" කියන හැඟීම මගේ තුළ තිබෙනවා. ඒක අර පරණ පුරුදු අතෑරගන්න බැරි වීමේ හේතුව වෙන්න ඇති.

Firefox නුත් Chrome (Chromium) තරමටම සැහැල්ලු උනා නම්, මම අනිවා පාවිච්චි කරන්නේ Firefox.

මම Mozilla හි තීරණ ගත හැකි තැනක ඉන්න කෙනෙක් නම්, ඉස්සෙල්ලාම කරන දේ තමයි multi processing සංකල්පය Firefox වෙත එක් කිරීම.

Thameera said...

@budhajeewa
ඔව්, පුරුදු අතඇරගන්න එක ලේසි නෑ. :) Multiprocessing තියෙනං ෆයර්ෆොක්ස් අංක එක තමයි

පැතා said...

අපිටනම් ඉතින් හැමදාම නරිය තමයි!

Unknown said...

වෘත්තිමය අවශ්‍යතාවය උඩ මමනම් ගවේශක 7/8ක් (මේ අතර Chrome සහ Opera එහෙමත් තියනවා) භාවිතා කරනවා එක එක වෙලාවට. හැබැයි මගේ ප්‍රධාන ගවේශකය තවමත්, සහ තව සෑහෙන කාලෙකට Firefox තමයි. වෙනසක අවශ්‍යතාවක් මට දැනිලා නෑ. ලොකුම වැඩේ තමයි මට slow, high memory, crashing, hanging වගේ ප්‍රශ්න ඇති නොවීම. මම addons හරියටම 25ක් භාවිතා කරනවා. හැබැයි memory leak එහෙම නැති, විශ්වාසදායක ඒවා තමයි ගන්නේ. ඒ නිසා එක පාරට tab 50/60ක් විතර වුනත් කිසිම ගැටලුවක් නැතිව තියාගන්න පුලුවන්.

මට හමුවෙලා තියන අයගෙන් වැඩි දෙනෙකුට Firefox වල ප්‍රශ්න තියෙන්නෙ අනවශ්‍ය addon නිසා තමයි.

@budhajeewa: ඉදිරියේදී Firefox වලටත් වෙනස් tab සඳහා වෙනස් process සංකල්පය එන්න පුලුවන් බවට ආරංචියකුත් තියනවා.

Indranama said...

මමත් දැං totally Chrome තමයි.
ෂෙක්.. Down ThemAll! තවම Chrome වලට හදලා නැති එක නං ලොකු අඩුවක්.

Unknown said...

Chrome Linux version එකේ සිංහල හරියට render වෙන්නෙ නෑ. මට නම් chrome වලට නොයන්න ලොකුම හේතුව ඒකයි. තව DownthemAll වගේ addon එකක් නැති එකත් අඩුවක්. ඕව හරි ගිය දවසක බලමු.

Indranama said...

සුසිත,
සිංහල දැන් අවුලක් නෑ නේද? google-chrome-unstable දාලා බලන්න.. මට නං සිංහල අවුලක් නෑ....

Thameera said...

@පැතා
ඒක ඉතිං කැපුවත් නිල්, කැපුවත් කොළ වගේ කතාවක්නෙ ;)

@Gaveen
ටැබ් 50ක් 60ක්? විශ්වාස කරන්නත් අමාරුයි!
ඔව්, ඇඩෝන් මදිකම තමයි ඉතින් ක්‍රෝම්වල ලොකුම අඩුපාඩුව

@ඉන්දරේ
ඔව් අප්පා, ඒ අඩුව ලොකුවටම දැනෙනවා

@සුසිත රවින්ද සෙනරත්
ඉන්දරේ කිව්ව වගේ දැන් අවුලක් නැහැ. ඇඩෝන් ප්‍රශ්නෙත් ළඟදිම විසඳෙයි කියල ප්‍රාර්ථනා කරමු :)

Malinda - මාලින්ද said...

මගෙ හා යාලුවො කීප දෙනෙක්ගෙම ක්රෝම් එක හිටපු ගමන් Error ඇවිත් Close වෙනව. සමහර වෙලා‍ට සමහර අඩවි අකුරු විදිහට පේනව . ඒ ඇරෙන්න ෆයර්ෆොක්ස් වලට වඩා හොදා. බරත් අඩුයි පරිගණකයට

Thameera said...

@Malinda
ඔව්, කීපදෙනෙක්ම මේ ප්‍රශ්නෙ ගැන කිව්ව, හේතුවක් නම් දන්නෙ නෑ :|

Narada said...

මමත් දැන් භාවිතා කරන්නේ Chrome තමා ( http://wakoopa.com/Binku ). ඒත් එකේ ඇතැම් Add-ons Firefox තරම් දියුණු නැති ඒකත් Themes අඩු ඒකත් මට අඩුවක් වගේ නම් දැනෙනවා.

Thameera said...

@~බිன்ku~
තව ටික කලක් යයි ඉතින් ෆයර්ෆොක්ස් ගාණටම එන්න.

Kanishka said...

අපි නරියට , නරිය අපිට :D :D

Thameera said...

@කණියා
අන්ධ දේශපාලනික ආධාරකරුවෙක්!

Unknown said...

FF හැබැයි තවමත් ( සමස්තයක් විදියට ගත්තම ) පෙරමුනේ බව මම හිතන්නෙ. මේකයි , අර කිව්ව වගේ ලයිෆ් හැකර් අනුව සහ තවත් අඩවි කීපයකටම අනුව FF මෙමරි භාවිතය අතින් කියන තරම් පස්ස ගහල නෑ.කොහොම උනත් එක එක අයගෙ උවමනා වෙනයිනෙ.ඔපෙරා වල ටර්බෝ උනත් සමහර වෙලාවකට ඇණයක්( පාවිච්චි කරාම තේරෙනවනෙ ). කෙසේ වෙතත් CH වල මෙමරි පාවිච්චි කරන විදිය බලන්න පුලුවන් ඉතින් ටාස්ක් මැනේජර් එක බැලුවම. අලුත් ආරංචියක් දෙන්නම්, දැන් FF වල අලුත් අත්හදා බැලීමේ සන්ස්කරනයෙ ඔය කරෑෂ් වෙන එකට පිලියමක් හදුන්වාදීල!වැඩේ සාර්ථකද කියල බලන්න ,පාවිච්චි කරල :)

Thameera said...

@උදය ශාමේන්ද්‍ර
ඔව්, ගොඩක් අය කියන්නෙ තාම FF පෙරමුණේ කියල තමයි, අළුත් සංස්කරණත් එක්ක විශේෂාංග වැඩිවේවි. ඒ වගේම ක්‍රෝම් විශේෂාංගත් වැඩිවෙන බව අමතක කරන්න හොඳ නෑ

Unknown said...

@තමීර: ඔවු, ඔවු. මේ ලියන මොහොතෙත් ටැබ් 34 විවෘත කරගෙන තියනවා දවස් 3ක විතර ඉඳලා. RAM භාවිතය මෙගා බයිට දෙසිය ගනනක්. :) FYI: Firefox 3.5.8 on Fedora 12 (x86)

Thameera said...

@Gaveen
පුදුමයි, ෆයර්ෆොක්ස් එක්ක එච්චර ටැබ් ගාණක එක්ස්පීරියන්ස් එකක් අරගෙන නෑ මෙතෙක් කල් :)

ඔජායෙ.... said...

google chrome is the best...........මම පාවිච්චි කරන්නෙත් ගූගල් ක්‍රෝම්......ඒක නියමයි....

සීසර් said...

මටත් ඉතිං ක්‍රෝම් තමා... ගිනි නරියා මූනු පොතේ චැට් එකේදී හිර වෙනවා... ඈඩෝන නම් අඩුයි තමා..ඒත් පට පට ගාලා වැඩ කරගත්තෑකි...

Unknown said...

ඔන්න එහෙනම් ක්‍රාම් වලටත් සින්හල මෙතනින් බා ගන්න!http://blog.pahans.com/2010/01/ensitip-for-google-chrome-censitip-popup-dictionary/

අදහස් ලියලම යන්න