Saturday, April 24, 2010

අවවාදයයි, තමීරත් මැරතන් දුවයි




කවුරුත් බලාපොරොත්තු නොවුණු විදියට මෙදා සැරේ තමීරත් මිනි බ්ලොග් මැරතන් එක දුවනවා.

මැරතන් බ්ලොග් එකට මෙතනින් යන්න

මිනි මැරතන් ගැන වැඩිදුර දැනගන්න මෙතනට යන්න






මැරතන් එක ගැන ලොව පුරා විවිධ පැතිවලින් ලැබෙන ප්‍රතිචාර:

බැරැක් ඔබාමා: ඔව් මාත් මේ ගැන ඇහුවා, අපේ තමීරත් දුවනව කියලයි කියන්නෙ. කෝකටත් කියලා CIA, FBI ඔත්තු සේවා මේ වෙලාවෙ තමීරගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නෙ

විමල් වීරවංශ: මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්! තමීර වගේ දේශද්‍රෝහියෙකුට හිස ඔසවන්න දෙන්න බැහැ!

උපේක්ශා ස්වර්ණමාලි: මාත් අද තමයි අනේ මේක ගැන දැනගත්තෙ, අපේ තමීර මල්ලියත් ලියනවලුනෙ. මාත් එනවා බලන්න.

නාමල් රාජපක්ශ: ඔය තමීර කියන්නෙ අපේ නිල් බලකායෙ බලකණුවක්! තාරුණ්‍යයට හෙටක්, අපේ තාත්තට රටක්!

අනර්කලී ආකර්ශා: ඔව් අනේ, හරි ස්වීට් ඉවෙන්ට් එකක් කියලයි ආරංචිය, අපේ තමීර මෙයාත් ලියනවනෙ. මම ආරාධනා කරනවා අයියලා අක්කිලා නැන්දිලා මාමිලා කාටත් මේකට සහභාගි වෙන්න කියලා

මර්වින් සිල්වා: බුදු හාමුදුරුවො කියල තියෙනවා, සංසාරේ මාර තණ්හාය ජායතී සෝකෝ කියලා, ඒ කියන්නෙ සංසාරයත් මැරතන් එකක් වගෙයි කියන එකයි. තමීර පුතාට බුදු සරණයි!

චින්ති: ඕකා මටත් කතා හැදුවා, හදලා කඩප්පුලී කීවා, හරි නෑ, තමීර වාගෙ කටකාර එවුන් රටේ නැතුවා

කමල් අද්දරආරච්චි: ඔව්, අද මේ මැරතන් තරගයෙන් ජය ලැබෙන්නෙ තමීරට..... ද කියල අපි විරාමයෙන් පස්සෙ බලමු!

මෙම ලිපියට ප්‍රතිචාර 8 කි:

said...

එළ එළ :-D

Unknown said...

පිස්සු කොර. දුවපං දුවපං‌ දැං ඉතිං.

Anonymous said...

රෙද්ද තමයි :P

Unknown said...

පිස්සු කොර. දුවපං

Kanishka said...

පට්ට :D

තිස්ස දොඩන්ගොඩ said...

මල්ලියේ දැක්කයින් දක්කේ නෑ මෙහෙම එල පෝස්ට් එකක්...
උඹේ මීටරේට වඩා humour එක එල වගේ මට හිතෙන්නේ....
එල පවුසි පෝස්ට් එක....!!!

Thameera said...

@all
තැන්කූ වේවා වතුර පාරට!!

Unknown said...

සුපිරි ආආආඅ

අදහස් ලියලම යන්න