Sunday, April 25, 2010

තමීරගේ පරාජය ගැන ජනතාව දක්වන අදහස්


ඊයේ කවුරුත් නොහිතපු විදියට තමීර මැරතන් දුවන බව ලෝකය දැනගත්තා. කවුරුත් හිතුවෙ අයිස්ලන්තයෙ ගිනි කන්දෙ පිපිරීමටත් වඩා ලොකු කැළඹීමක් ලෝකෙ ඇතිවෙයි කියල. නමුත් මැරතන් එක අහවර වෙද්දි ඒ ලොවම මවිතයට පත්කරමින් තමීර අන්ත පරාජයක් ලබාගත්තා. ගුවන් ගමන් ප්‍රමාදවීමක් තියා සමනලයෙකුටවත් කිසිම හානියක් වෙලා නැහැ. කොටින්ම පෝස්ට් විස්සෙ කඩඉමවත් ඔහුට පහුකරන්න නොහැකි වීම කාගෙත් අවධානයට ලක්වෙලා තියෙනවා.

ඊයෙ දාපු පෝස්ට් එකේ තිබුණු විදියට ගොඩක් සුපිරි තරු තමීරට මැරතන් එකට සුබ පැතුවා. විශේෂ විමර්ශන කණ්ඩායමක් අද ඒ සුබ පැතූ අයගෙන් අළුත්ම තත්වය ගැන ප්‍රකාශ ලබාගන්න හැදුවත් ඒ කවුරුත් ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කරා.

අන්තිමට තීරණය වුණේ සාමාන්‍ය මහජනතාවගෙන් මේ පරාජය ගැන අදහස් ලබාගන්න. අපට හම්බවුණු කීප දෙනෙක් මේ ගැන දක්වපු අදහස් තමයි මේ තියෙන්නෙ:

විශ්ව විද්‍යාල සිසුවෙක්: ඕක බූරුවා. කෙහෙල්මල් බ්ලොග් ලියන්න යන්නෙ නැතුව පාඩමක් කරගෙන හිටිය නම් ඔය මොකුත් නෑ.

ත්‍රීවීල් රියදුරෙක්: මහත්තයො තමීරය එල කොල්ලා. පස්සෙ පස්සෙ ඔය කෙල්ලො පස්සෙ යන්න ගිහින් තමයි නම කැත කරගත්තෙ. දැන් ඉතින් මැරතන් එකත් පැරදිල. අපිත් එක්ක රස්ති පාරක් ගහගෙන හිටිය නම් ඕක දැනුත් යස අගේට ඉන්නවනෙ.

වයසක ආච්චි කෙනෙක්: අනේ, තමීර පුතා හරි හුරුබුහුටි කොලු පැටියා. ඕක කලිසමේ චූ කරගන්න කාලෙ ඉඳල මං දන්නවා. හැබැයි බැරි වැඩ කරන්න යන්න ගතිය පොඩි කාලෙ ඉඳල තිබුණා. සංසාරේ තමයි මහත්තයො.

ඒ ලෙවල් පන්ති යන නංගි කෙනෙක්: අනේ අපිට හරිම දුකයි තමීර අයියට වෙච්ච දේ ගැන. අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ. අපේ පන්තියෙ ගර්ල්ස්ල ඔක්කොම අද අඬනවා.

විශ්‍රාමික ගුරු භවතෙක්: තාක්ෂණේ තමයි මහත්තයො අද කාලෙ කොල්ලොන්ව නැති කරන්නෙ. අන්තර්ජාලය කියයි, ඊ මේල් කියයි, මං නං ඕව පාවිච්චි කරන්නෙ නෑ. ඒත් මං හොඳටම දන්නවා ඔය පරිගණකයක් ඉස්සරහට ගිහිල්ල කොල්ලො කුරුට්ටො කරන්නෙ  ගෑණු ඇඳුම් නැතුව නටනව බල බල ඉන්න එක මිසක් අධ්‍යාපනේට මොකුත් නෙවෙයි කියල.

හාමුදුරු නමක්: බොහෝම පිංවත්, සිල්වත් තරුණ මහත්තයෙක් තමයි මේ තමීර කියන්නෙ. කවදාවත් කුරා කූඹියෙකුට වරදක් කරන්න තියා හිතන්නෙවත් නැති බව මං හොඳටෝම දන්නවා. ඒත් මහත්තයො පෙර පව් කියන දේ බුදු හාමුදුරුවන්ටත් මග අරින්න බැරි වුණානෙ.


කොහොම වුණත් අන්තිමේ දී එක සුපිරි තරුවක් පමණක් අපට ප්‍රකාශයක් ලබා දෙන්න එකඟවුණා. ඒ තමයි මෙවර ගාලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කරපු සුපිරි නිළි ගීතා කුමාරසිංහ.

ගීතා කුමාරසිංහ: තමීරට දිනන්න හොඳටම චාන්ස් එක තිබුණා. ඒත් තරගෙ අන්තිම හරියෙදි එයාට ගොඩක් හිරිහැර වෙලා තියෙනවා. චැට් රූම් එකේදිත් තර්ජනවලට ලක්වෙලා තියෙනවා. මට නම් හොඳටම විශ්වාසයි තමීරගේ සහෝදර බ්ලොග්කරුවන්ම තමයි මේකට වගකියන්න ඕන. මහාධිකරණයෙ නඩුවක් පවරන්න මම එයාට උපදෙස් දුන්නා.

ප.ලි. තමීරගේ මැරතන් බ්ලොගය දැක්කේ නැතිනම් මෙතනින් යන්න.

මෙම ලිපියට ප්‍රතිචාර 32 කි:

Pahan said...

පරාජය කෙසේ වෙතත් මේ පෝස්ට් එක නියමයි ඕයි.

Jay said...

:D
මේක නම් මරු පෝස්ට් එක තමීර මල්ලි..
අන්තිමට අදහස් දක්වලා තියෙන කෙනා නම් නියමයි.
:D

Bunny said...

කැලේ සිටි හාවෙක් වන Bugs Bunny මහතා..!

තමිරයා එළ කොල්ලා. මුට කෙල උනේ සහින තාරකා අල්ලන්න ගහින්. මුගෙ පාඩුවේ උන්නනම් ඉවරයිනෙ.! අර උපෙකා නංගිට ඇස් ඇම් ඇස් ගහන්න ගිහින් කෙලව ගත්තා.! ඔක මේ කැලෑ පල්ලේ ඉන්න අපිටත් පොදූ දේ මහත්තයෝ !!

budhajeewa said...

මෙය සාවද්‍ය මත විමසුමක් බව මම තරයේ අවධාරණය කරමි!

"ඒ ලෙවල් පන්ති යන නංගි" කළ ප්‍රකාශය හිතා මතා විකෘති කොට දක්වා ඇත.

"ඒ ලෙවල් පන්ති යන නංගි"ගේ සැබෑ ප්‍රකාශය මෙසේ වෙයි:

"තමීර? ඒ කවුද ඒ? ඒව කොහොම වෙතත් අපි නං මුල ඉඳංම සපෝට් කළේ බඩීට. මොකද එයා තමයි අපේ සෙට් එකේ හීන කුමාරයා (ඕක එන තරමක් එන්නෙ රෑට නෙ!). කොහොම උනත් එයා කිවුවට පස්සෙ ප්‍රභාත් සර්ගෙ පංති නිසා මැරතන් දුවන්න වෙන්නෙ නැ කියලා, අපි ගර්ල්ස්ල සෙට් එකම අත්සන් කරලා සර්ට චිට් එකක් යැව්ව මේ ඉරිද පංති තියන්න එපා කියල. ඒත් සර් ඇහුවෙ නෑ නෙ!"

Anonymous said...

හී හී ..... :D

Madhawa Habarakada said...

අනේ අපොයි තමීරට මේ මිනිස්සු කියන කතා.
මම නම් මෑන්ස්ව එච්චරම දැන්නෙ නෑ (3,4 පාරක් කැම්පස් එකේදි සෙට් වෙලා කතා කරල නම් තියෙනව, එක පාරක් එකට ලන්ච් එකත් ගත්ත නෙව.)
ඕක හොඳ එකෙක් කියල තමා මාත් හිතන්නෙ. :) හැම වෙලේම හිනා වෙලා ඉන්න ඩයල් එකක්නෙ. :)

Unknown said...

පැය 12ට පෝස්ට් 20ක් නරකම නැහැ. ....

SIDATH said...

සැලෙන්න එපා.
ලබන පාර Eyjafjallajokull ආපහු ඇක්ටිව්වෙන සයිස් එකට සද්දයක් දාලා, දුවමු !

Harshani said...

අයියෝ.. තව එක්කෙනෙක්ගෙ අදහස් අඩුයිනේ..කෝ උපේක්ෂා ස්වර්ණමාලි?

හෙළයා said...

නියමෙට ලියලා තියෙනවා :D :D

තිස්ස දොඩන්ගොඩ said...

You are the best man...!!! Hilarious....!!!!

Anonymous said...

මේ අවසන් ලිපිය නිසා තමීර මහතාට ජූරීයේ විශේෂ කුසලතා සම්මානයක් පිරිනමයි :)

Rasika Nanayakkara said...

ආහ් තමීර...
අන්තිමට නටන්න ආවේ නැත්තේ ඇයි?

Anonymous said...

පට්ට සිරා කතාව මචෝ

චේජනා said...

තමීර මල්ලි,
(මගේ නම් අදහස මැරතන් දුවන බව පවසා අප කඩේ යවා තමීර chat දිවූ බවයි...
මැරතන් දිවීම කෙසේ වෙතත් පරාජය පිළිබඳ අදහස් ටික නම් නියමයි..

ThusiN said...

ela ela.....keep it up :P

Praසන්ன said...

'හාමුදුරු නමක්: බොහෝම පිංවත්, සිල්වත් තරුණ මහත්තයෙක් තමයි මේ තමීර කියන්නෙ.' ෙම් කතාව ඇත්තද.
නියම පෝස්ට්‍ එකක්.

Buddy --බඩී said...

නියම පෝස්ට්‍ එකක්...Ela ela...

Thameera said...

@පහන්: එලස්!

@Ansh Lucky Sri Jay: එයා විතරයි අදහස් දීපු එකම ප්‍රසිද්ධ චරිතය

@Bunny: අනිත් දවසෙ විමර්ශන කණ්ඩායම කැලේටත් එවන්ඩෝනෙ :D

@budhajeewa: ඔබේ ප්‍රකාශයට කිසිම පදනමක් නෑ. අවශ්‍ය නම් සාක්ෂි සමග අධිකරණයට එන්න කියල අභියෝග කරනවා.

@Madhawa Habarakada: ඔව් ඔව්, ඔලුවට අකුණක් ගැහුවත් හිනාවෙලා ඉන්න කොල්ලෙක්නෙ!

@DJ Slash (ස්ලෑෂ්): බෝම ස්තුතියි! ලොකු සැනසීමක්.

@තර්ඩ් මෑන්: අනිවා. Eyjafjallajokullට වඩා ‍ලොකු සයිස් එකක් එක්ක වුණත් දැන් මාට්ටු වෙන්න පුළුවන්.

@Anuradha: බොහොම අකාරුණික විදියට උපේක්ෂා ස්වර්ණමාලි ප්‍රකාශයක් කිරීම පැහැර හැරලා. මේ ගැන දැනට කටයුතු කරමින් ඉන්නෙ.

@හෙළයා: එලස්!

@තිස්ස දොඩන්ගොඩ: අයියට විතරයි ඒ බව තේරෙන්නෙ අයියෙ.

@akila87: ඉස්තූතියි! තෑගි බලාපොරොත්තුවෙන් ලියපු එකක් නම් නෙවෙයි මේක.

@රනා: ‍කොහේ නටන්නද, පරාජයෙන් හෙම්බත් වෙලා හැංගිලා හිටියෙ.

@bckurera: එලකිරි!

@චේජනා: ගීත කුමාරසිංහ අක්කත් කිව්වෙ ඔය චැට් එකේදි කවුරුහරි බෝලයක් බස්සන්න ඇති කියල. චේජනා අක්කත් එතන හිටිය නේද?

@thusi87: thanks!

@Praසන්ன: අනේ මන්ද, හාමුදුරුවොනෙ කියල තියෙන්නෙ.

@Buddy --බඩී: තැන්කූ බඩී!

budhajeewa said...

@තමීර | Thameera:

ස්‍වර්ණවාහිනියේ "රතුඉර" වැඩසටහනේ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මම අභියෝග කරමි!

Unknown said...

ඒ ලෙවල් පන්ති යන නංගි කොහෙද පංති යන්නෙ ??

Thameera said...

@budhajeewa: හරි! ඕන චැනල් එකකට ඕන වෙලාවක එන්න රෙඩි!

@änthräX: පන්ති යන්නෙ නං ගම්පහද කොහෙද. ඒක නෙවෙයි ඇන්ත්‍රැක්ස්, බඩීගෙයි මගෙයි සංවාදෙ ස්වාධීන නිරීක්ෂකයෙක් විදියට කටයුතු කරන්න පුළුවන්ද?

Unknown said...

අනිවා.. වැඩිපුර ජරාව දෙන කෙනාව දිනවලා දෙන්නං :D

Thameera said...

@änthräX: බඩුම තමයි! එහෙනං ඉතිං මං දිනනව සුවර්! 

budhajeewa said...

@තමීර | Thameera: ඒව කොහෙද, änthräX මගෙං රුපියල් එකසිය ගාණක් ණයට ඉල්ලං දැං ඒක පොලී පොලී වැල පොලී වෙලා තියෙන්නෙ! ඒකට හරියන්න මම තමයි දිනන්න ඕන!

Thameera said...

@budhajeewa: හපොයි එහෙමත් සීන් එකක්ද? කියපු එක හොඳයි, දැන්මම ස්පොන්සර්ස්ල ටිකක් හොයාගන්න ඕන. පහුගිය දවස් ටිකේ නාමල් රාජපක්ෂ අයිය එහෙම අත දිගෑරල වියදං කරා. යන්න ඕන ඒ පැත්තට.

Kasun Nadeeshana said...

මෙන්න කස්සා කියන අදහස
කස්සා = මැරතන් දුවන්න යන්නේ නැතුව. දුවන අයට වතුර ගගහා ටෙක් කතා රේඩීයෝ එක අහගෙන හිටියා නම් ඉවරයිනේ. :P

Thameera said...

@Kasun Nadeeshana: දැනුයි බං ඒක තේරෙන්නෙ

Unknown said...

@budhajeewa
තමීර 500කට කතාකලා මොකද කියන්නෙ?

@තමීර | Thameera
budhajeewa 500කට කතාකලා මොකද කියන්නෙ?

:P

Thameera said...

@änthräX: ඉල්ලන ගාණක් දෙන්න ලෑස්තියි

Anonymous said...

හරි මහන්සියි නේද දුවලා..D
දැන් ඇත්තටම නඩුවක් දaනවද?? අර උපදෙස් පිලිපැදලා..
එයාවත් නඩුවක් නොදාපු එකේ..මොකද ඔයාට එහෙම උපදෙසක් දුන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් හොඳයි මම හිතන්නේ:P:P

Thameera said...

@nimanthi: මහන්සිදත් අහනවා. නඩුවක් දානවද නැද්ද කියල තමයි මාත් මේ කල්පනා කර කර හිටියෙ. ගීත අක්ක ඉතිං මට තියෙන ආදරේටනෙ උපදෙස් දෙන්නෙ :D

අදහස් ලියලම යන්න