Sunday, April 4, 2010

Book light ආසාව සංසිඳීම

ළඟදි දවසක සූටික්කෙක් අපේ බෝඩිම ළඟ ගහක ඉඳගෙන කෑ ගහනව ඇහුණා "කෝ මේ තමීර, මොකද දැන් තමීරගෙ තීරයෙ වැඩිය ලියන්නෙ නැත්තෙ?" කියලා. එතකොට තමයි මතක් වුණේ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා කියලා. wink

ඉංග්‍රීසි බ්ලොග් එකේ දවසක් කියපු විදියට book light එකක් ගන්න ලොකු ආසාවක් අවුරුද්දක විතර ඉඳල හිතේ තිබුණා. ඒ ආසාව ඉටුවුණේ ගිය සතියෙ මගේ මුල්ම eBay ඕඩරේ ගෙදරටම ආවම. මේ තියෙන්නෙ පොටෝ එකක්:

booklight

Book light පාවිච්චි  කරන්නෙ අඳුරෙ ඉඳං පොත් කියවන්න, මේ පහළ රූපෙ තියෙන විදියට හයි කරල:


මේකට ගියේ ඩොලර් 1.47ක් විතරයි. තනි සුදු LED එකක් විතරයි තියෙන්නෙ. ඒත් ඒ එළිය පොත කියවන්න හොඳටම ඇති. ටැබ්ලට් බැටරි කෑලි 3කින් පවර් එක දෙන්නෙ. කියල තිබුණු විදියට නම් දවසකට පැය ගාණෙ දාල තිබුණොත් අවුරුද්දක් පාවිචිචි කරන්න පුළුවන් කියල. eBay එකේ ගිහින් බැලුවොත් booklight මාදිලි ගණනාවක් හොයාගන්න පුළුවන්. නින්ද යනකං ඇඳේ ඉඳං කියවන්න කියාපු ගැජට් එක.

එහෙනං අපි ගිහිං එන්නං! අප්‍රේල් පළවෙනිදා උපන්දින සමරපු අයට හැප්පි හැප්පි බර්ත්ඩේ! lol

මෙම ලිපියට ප්‍රතිචාර 13 කි:

Supun Sudaraka said...

ෂහ්. මේක මරු ගැජට්ටුවක් නෙව.

Anonymous said...

$1.47? මේකෙ බැටරි ඉවර උනාම බැටරි දානවට වඩා අළුත් එකක් ගෙන්නගන්න එක ලාබයි වගේ :D

Thameera said...

@Supun Sudaraka
අනිවා, ඒකනෙ ගෙන්න ගත්තේ :)

@chathuraw
ඔව්, ඔයිට අඩුවෙණුත් ගන්න තියෙනවා, ෂුවර් නැති හින්ද ගෙන්න ගත්තෙ නෑ

budhajeewa said...

අඩේ, මැක්ස භාණ්ඩයක් නෙව!

Kasun Nadeeshana said...

මාර ගැජට් කට්ටක්

Thameera said...

@budhajeewa @Kasun Nadeedhana
ඔව්, අපිම ඉන්න ඕන ඉතිං අළුත් ගැජට් ගෙනත් පෙන්නන්න :D

Kanishka said...

Ebay එකෙන් ගන්න ආස දේවල් බොහෝයි.. :D ඒත් ඉතිං අපට‍‍ කොයින්ද වෙබ් කාඩ් :D

Thameera said...

@කණියා
එක සැරේට බෑ ඉතිං, සතෙන් සතේ ඉතුරු කරල තමයි ගන්න ඕන :D

දිල් said...

Kanishka | කණියා /

Ebay එකෙන් ගෙන්න ගත්ත දේවල් මා ලගනම් ගොඩක් තියෙනවා:)
Paypal එකෙන් ගෙවන්න හදාගන්නකෝ

Madhawa Habarakada said...

අඩේ, මම ඔහොම එකක් නම් ගන්නෙ නෑ, හදා ගන්නව, ලඟදි ටෝච් එකකුත් හැදුව LED දාල, රිචාර්ජබල්, පරණ ෆෝන් බැටරියක් දැම්මෙ, මාරම compact කරල හැදුවෙ. වියදම රු.30යි.

Thameera said...

@Madhawa Habarakada
මාත් මුලින් ට්‍රයි කළේ එකක් හදාගන්න, ඒත් ඔරිජිනල් booklight එකක් වගේ flexible විදියට හදන්න අමාරුයි කියල තේරුණ නිසාත්, මේකෙ ගාණ බොහොම අඩු නිසාත් ගෙන්න ගත්තා

දුකා said...

Shaaah . . .. niyamaine . . matath ganna hitenawaa . ..

Thameera said...

@දුකා
ගන්න ගන්න!

අදහස් ලියලම යන්න