Monday, May 3, 2010

ඇක්ස්පීරියන්ස් දැන් පොඩ්ඩක් තියෙන්නේ


තුන්වෙනි කවිය නෙව මම මේ ලියන්නේ
ඇක්ස්පීරියන්ස් දැන් පොඩ්ඩක් තියෙන්නේ
ලියලම තමයි දැන් ප්‍රැක්ටිස් කරන්නේ
කවි ලිය ලියා ඉන්නටමයි හිතෙන්නේ

උබුන්ටුත් අළුත් වෙලුමක් ඇවිත් ඇත
කලින් තිබුණු අවුල් ගොඩක් මේකෙ නැත
ඕපන් සුසේ දාගන්නත් තිබෙයි හිත
අනේ මන්ද තීරණයක් අරං නැත

වැඩ ඇරිලා ඇවිදින් ඇඟ හෝදාම
විස්සෙන් විස්ස මැච් බලනව හැමදාම
ජයවර්ධනත් ගැහුවා සීයක් හේම
ඊළඟ මැච් එකෙත් දිය යුතු වෙයි ගේම

අදහස තිබේ පෝන් එකක් අරගන්න
නැතිවුණ ඇන් සෙවන්ටියටම හරියන්න
මිළ දැක්කහම පේනව නෙව තරු මෙන්න
වන් වන් ඩබල් සීරෝවත් යුතු ගන්න

මේ ඇති අදට ලිව්වා හොඳ රසැති කවී
දැන් නම් ලියවෙනව ටික ටික වැරදි නොවී
ඕනෑ නැහැ ඉතින් දැන් හොඳ ඉදුණු ලොවී
වැටි වැටි ලියමි කවි තව තව දියුණු වෙවී

මෙම ලිපියට ප්‍රතිචාර 18 කි:

Jay said...

මේක නම් නියමයි, කලින් ඒවට වඩා සෑහෙන්න දියුණු ගතියක් පේනවා නෙව. ඇත්තටම..!
:)

budhajeewa said...

හහා.. මේක සිරා!

Supun Sudaraka said...

සිරා සිරා.
තමීරගෙ කවි වලට සෑහෙන්න ඉල්ලුමක් තියේ!

--
‍අර කිව්වත් වගේ මේකෙ සෑහෙන්න ‍හොඳ දියුණුවක් තියෙනව. පට්ට!

ත‍රිඳු said...

ෆෝන් එකක් ගන්නට නම් මමත් සිතයි
තියෙන නොකියා එකනම් අනෙ පට්ට කැතයි
කලින් තිබ්බ සෝනි එකේ වැරදි ගොඩයි
ගනන් දැක්ක විට නම් මගෙ පපුව දවයි

Hakuna Matata said...

හුරේ......මාරයි ටොප් උඹගේ පද පේලී
ඇට්ටි හැලෙනවා දැක්කාම නොවී ලොවී
ලියපං කාට බයටද පෙරලී පෙරලී
මේකවි අළුත් හැදෙනා නව රැල්ලෙ රැලී

දුකා said...

පිස්සු කොරනේ බොලේ. . . නියමයි . . මැක්සා . . .මේ පැත්තේ එන්න බැරි වුනා කාලෙකින් . . .මෙන්න මේ කොල්ලා සිරාවට කවිත් ලියන්න අරන් ඒ ටිකට . .. සුභ පැතුම් මලේ . . නියමෙට පද ගලපලා තියෙනවා . . කියවගෙන යන්න අසා හිතෙනවා . . සිරාවට . ..

බිඟූ said...

maxxxxxxa dude

Anonymous said...

එපා මචං ඕපන් සුසේ දාන්නට
තියෙන දෙයින් සතුටු වෙයංකෝ දැනට
උබුන්ටුව හොඳයි ඕකට වඩා මට
අනේ මන්ද ලියවෙයි කවි නිකං මට

ෆෝන් එකක් ගනිං මචං ඉක්මනට
ලාබෙට එකක් හොයලා දෙන්නම් උඹට
මගේ ෆෝන් එකෙන් ටුවිට් දාන්නට
ආයිත් නං දෙන්නේ නෑ මම උඹට

:D

වැප් said...

හප්පා කොල්ලෝ මේ ලියන්නේ
බොරුවට නොවැ ඉඳලා ඇත්තේ


[ ඉතුරු පද දෙක උබ පුරවපන් ]

Thameera said...

@Ansh Lucky Sri Jay: එලකිරි, නිතරම ලිවීම තමයි රහස :)

@budhajeewa: එලස්!

@Supun Sudaraka: එලම තමයි. ඉල්ලුමට හරියන සැපයුම තමයි නැත්තෙ.

@ත‍රිඳු:
නොකියා තමයි දැන් හැම තැන රජයන්නේ
මිළ නම් ඉතින් නැතේ අපට හරියන්නේ
සෙකන්ඩ් හෑන්ඩ්වත් ගන්නයි මම ඉන්නේ
ගත්තොත් එකක් කියපං මට ‍‍විලසින්නේ

@Hakuna Matata:
‍උඹෙ නම කියන කොට එන්නේ මතකයට
අර ඉංගිරිසි සින්දුවමයි මගෙ කටට
තැන්කූ කිව්ව ඔබගේ ප්‍රතිචාරයට
ඔව් ඔව් ලියමි මොකටද ඉන්නේ බයට

@දුකා: අප්පා.. දුකා අයිය මෙහෙම කියන කොට මාරම සතුටක් නෙව එන්නෙ.. බෝම ස්තුතියි‍ කොමෙන්ටුවට

@බිඟුවා...!: එලම තමා!

@chathuraw:
අප්පා චතුර හිටියත් උඹ පොඩිකමට
ලියනව නේද කවි හිටු කියලා හොඳට
උඹෙ පෝන් එක කීයටවත් එපා මට
කියපං එකක් දැක්කොත් අඩු ගාණකට

@වැප්:
බොරුවට නෙවි වැප් මම හිටියේ
කවි රස එන්නේ හිටිහැටියේ!

:D

Narada said...

පුතේ ඔහොම යං පුතේ!

මං උඹට කොත්තු කඩයක්ම දෙන්නම්කෝ ආවදාක ;-)

Praසන්ன said...

ඔහොම යං, ඔහොම යං....

Thameera said...

@~බිன்ku~: එලකිරි, මාමේ, කැනඩාව පැත්තෙ නං ඉතිං දැම්ම එවෙන එකක් නෑ

@Praසන්ன: එලස්! :)

Kasun Nadeeshana said...

හතරවෙනි කවිය ඉක්මනටම ලියන්න
ඇක්ස්පීරියන්ස් ටික ටික වැඩිවෙන්න
ලියලම ප්‍රැක්ටිස් වෙන්න
කවි ලිය ලියා ඉන්න

උබුන්ටුත් අළුත් වෙලුමක් අවා නේන්නම්
කලින් තිබුණු අවුල් තිබුනා නේන්නම්
යන්ටත් හිතයි ඕපන් සෝස් වලට හැමදාටම
අනේ මන්ද තීරණයක් අරං නැත මේ වෙනකම්

පබලු said...

දියුණුයි දියුණුයි බොහෝම දියුණුයි.ඔහොමම ඉදිරියටම යන්න.. :D :D :D :D

පබලු said...

තමීර ඇත්තටම මේ කුප්පිය කියන එකෙ තේරුම කියනවද ? ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ.. ;)

Thameera said...

@Kasun Nadeeshana:
එන්ට මචං ඕපන් සෝස් රොක්ස්නේ
බලං ඉන්ටෙපා මොනවද කරන්නේ
ඔව් ඔව් හතරවෙනි කවියත් ලියන්නේ
තැන්කූ කසුන් කියලයි මේ කියන්නේ

@පබලු
තැන්කූ පබලු. මේ.. කුප්පි කියන්නෙ මොනව හරි දෙයක් කියල දෙනවටනෙ.

පබලු said...

සිංහලෙන් කියන්න එපාය ..ඔයා කවි ලියාගෙන යන විදියට ඔයාට කියල දෙන්න නෙවෙයි, ඔයාගෙන් අහගන්න තියෙන්නේ.
ඉක්මනටම තමීර කුප්පියක් දාමු.:D :D :D :D

අදහස් ලියලම යන්න