Tuesday, May 18, 2010

අවුරුද්දක බ්ලොග් කෙරුවාව



මේ මගේ 50 වැනි බ්ලොග් සටහනයි. සිංහලෙන් බ්ලොග් ලිවීම ආරම්භ කළේ මීට අවුරුද්දකුත් දින කිහිපයකට කලිනි. හරියටම කියනවා නම් 2009 මැයි 14 වැනිදායි.

සිංහල බ්ලොග්කරණය සහ බ්ලොග් සංසදය ගැන මම දැනගත්තේ පහන්ගේ දින සටහන් සහ ශාකුන්තලගේ සටහන්පොත කියවීමෙනි. මුලින්ම මම කියවූයේ මේ දෙකෙන් කුමන එකදැයි මට මතක නැත. ඒ ගැන පහන් සහ ශාකුන්තල දබර කර නොගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මුල සිටම සටහන් කළේ විජේසේකර කීබෝඩයෙනි. ඉංග්‍රීසියෙන් සිංහලට මාරුවීමට වින්ඩෝස්වලදී Left Alt+Shift එබිය යුතු බවවත් නොදැන සිටි මා ගුරුහරුකම් ලබා ගත්තේ ඉසුරු උදාන ගෙනි.

පළමුවැනි බ්ලොග් පෝස්ට් එක ලියන විට කොමෙන්ට් කිරීම යනු කුමක්දැයි කියාවත් නොදැන සිටියෙමි. දවසක් දීප්ස් නැමැත්තියගෙන් මූණුපොතේ පණිවුඩයක් මට ලැබුණි. ඇය කියා තිබුණේ මගේ සටහන් අනගි බවත්, බ්ලොග් එකේ කොමෙන්ට් කිරීම ගැටලු සහගත බවත්ය. මුලින්ම මගේ බ්ලොග් සටහනක් අගය කළේ ඇයයි. ඒ පණිවුඩයෙන් මට ලොකු ආත්මාභිමානයක් ඇතිවිය. තීම් එක වෙනස් කිරීමෙන් කොමෙන්ට් කිරීමේ දෝෂය මග හරවාගත්තෙමි.

මුලින්ම මගේ සටහනකට කොමෙන්ටුවක් ලබාදුන්නේ ඉන්දරේ නොහොත් ඉන්ද්‍රනාමයි. අද වගේ කොමෙන්ටු දමන්නට වැඩි දෙනෙක් නොසිටි ඒ දවස්වල ඒ කොමෙන්ටුව වැටුණුවිට මට ඇතිවුණු සතුට ඉන්දරේ  දන්නවා නම්!

මේ හැර තවත් බොහෝ දෙනෙක් විවිධ ආකාරයෙන් මේ ආ ගමනේ උපකාර කළෝය. දිරි දුන්නෝය. මේ සියලුදෙනාට හදවතින්ම මාගේ ප්‍රණාමය පුදකරමි. ඔබ නැති වූයේ නම් මෙවැනි ලිපියක් තබා තමීරගේ තීරයක්වත් අද නොතිබීමට ඉඩ තිබුණි.

මගේ බ්ලොග් සටහන් පනහෙන් මුල් ඒවායේ තරමක බොළඳ ගතියක් ඇතැයි මට සිතෙයි. බොහෝ කලක් යන තෙක් ඒවා තාක්ෂණික දේවලටම සීමාවිය. පසුව ගණිත ඔලිම්පියාඩය ගැන ලිපි කිහිපයක්ද ලිව්වෙමි. ඉන්පසු විවිධාකාරයේ ප්‍රවර්ග යටතේ සටහන් කළෙමි. විරහව, මගතොට සිදුවීම්, කවි මේ අතර විය.

බ්ලොග්කරණය නිසා මගේ ජීවිතය වෙනස් විය. ඒ වෙනස්වීම සිදුවූයේ හොඳ දිශාවකටය. බොහෝ මිතුරු මිතුරියන් හැඳින ගත්තෙමි. බ්ලොග්කරුවන්ගේ හමුවීමට ද සහභාගී වුණෙමි. බ්ලොග් මැරතන් එකක් ද දිව්වෙමි. තවත් කිහිපදෙනෙකුටම බ්ලොග් කලාවට අත්පොත් තබන්නට උදව්කළෙමි. සිංග්‍රීසි යෙදුම මගින් විජේසේකර කීබෝඩය නුහුරු අයට සිංහල ලිවීමට උදව්වක් ලබාදුන්නෙමි. ජීවිතය, සමාජය ගැන හොඳ අවබෝධයක් මෙන්ම තාක්ෂණික විෂයයන් ගැන ලොකු දැනුමක් ද ලබාගත්තෙමි.

මගේ එක් ලිපියකට ප්‍රතිචාරයක් එක් කරන තිස්ස දොඩන්ගොඩ අයියා මෙසේ කියයි:

තමීර හාර්ඩ්වෙයා ස්ටෝර්ස්
සියලුම වර්ගයේ ඇණ විකිණීමට ඇත.

ඒ ප්‍රතිචාරය නිවැරැදිය.

හොඳ හොඳ ඇණ තවම නිමැවුණේ නැත. තමීර හාර්ඩ්වෙයා ස්ටෝර්ස් වෙතින් ඔබ නොසිතූ විරූ අන්දමේ ඇණ වර්ග බලාපොරොත්තු වන්න.

මෙම ලිපියට ප්‍රතිචාර 45 කි:

Supun Sudaraka said...

මරු ආ..
මෙන්න අපෙන් උණුසුම් සුබ පැතුම්!

Jay said...

සුභ පැතුම්..

ශාකුන්තල | Shaakunthala said...

ම්ම්... අර්ධ ශතකයට සුභ පැතුම්...! (ඒකත් අතමක වුණානෙ කියන්න) :-)

budhajeewa said...

එළකිරි ඈ!
ඔහොම යං ඔහොම යං, අපිත් ඉන්නෝ පස්සෙං!

Jay said...

අයියෝ........ අද මට කලින් කමෙන්ටු දෙකක්ම දාලා. මම මුලින් කෙටියෙන් ටයිප් කරලා දැම්මෙත් මුල්ම කමෙන්ටුව දාන්න ඕනේ කියලා හිතාන. :(
බොහොම සන්තෝෂයි. සුභ පතනවා වර්ෂ පූර්ණයට, ඒ වගේම චිරාත් කාලයක් මේ බ්ලොගේ යෙහෙන් වැජඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :)

Anonymous said...

සුබ පැතුම් වේවා කිව්වා එහෙනම්!! හෙට පාටි!!! :D

Gayan Tharaka said...

Happy Anniversary mate. :D
අර්ධ ශතකෙට සුභ පැතුම්.
හැබයි පුතෝ ඊලග අවුරුද්ද ඇතුලත පෝස්ට් 100ක් වත් පන්නන්න ලියන්න ඕන හොදද? නැත්තං දන්නවනේ. ආයිම කොච්චි මිස් වෙයි.

Kanishka said...

ආ තාම පොඩි එකානේ.. :D අපිටත් පාටි හම්බෙයිනේ.. :D ජය

Unknown said...

සුබ පැතුම් සහොදරයා,, දිගටම ලියමු !!! | ඔය දෙන පටි වලින් කොටහන් ඉතුරු කරන්න වැස්ස පායපු ගමන් එන්නම් :P

Pahan said...

බ්ලොග් ලිවීමේ ආනුභාවයෙන්වත් ගෑනු ළමයෙක් සෙට් වේවා :P

Isuru Udana said...

සුභ පැතුම්..!

Unknown said...

මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුමක්.. මම පාවිච්චි කරන්නෙත් සිංග්‍රීසි තමයි. ඒක හැදුවාට බොහොම ස්තූතියි. දිගටම ලියන්න..

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

අපෙන් සුභ පැතුම් අයියේ !
අන්න අර පහන් අයියා කියන එකත් සිද්ද වේවා :P

Unknown said...

ඔන්න මගෙනුත් සුභ පැතුම්..!

Anonymous said...

නියමයි නියමයි...මගෙනුත් අයියට සුබ පැතුම්

Admin said...

සිංහලයෝ තව තවත් සිංහල පබාලොග් විතරක් නෙමෙයි වෙබ් අඩවිත් පටන් ගනිත්වා අපිත් හා හා පුරා කියල පොඩී වැඩක් පටන් ගත්තා
අපටත් සහයෝගයක් දෙන්න

අපි www.sriwow.info

CD Athuraliya said...

දිගු ගමනකට සුබපැතුම් සහෝදරයා!

SIDATH said...

ආ මග කෙටියි... යා යුතු මග දුරයි......
උණුසුම් සුබ පැතුම් !

Anonymous said...

මගෙනුත් සුබ පැතුම් ඔන්න :D

තිස්ස දොඩන්ගොඩ said...

මම මගේ බ්ලොග් එක සම්පූර්නයෙන්ම ලියන්නේ ඔබ නිමැවූ "සින්ග්‍රීසි" නිසාය... "සින්ග්‍රීසි" නැත්නම් හද ගී පොත නැත...ලෝකේ පුරා ඉන්න මගේ මිතුරන් බොහෝ දෙනෙක් මූණු පොත හරහා එය දැන් පාවිච්චි කරයි... ඔබ මෙන්ම එය සරලය... User friendly ය... මගේ මිතුරන් අහන්නේ "මෙහෙම දේවල් හදලා නිකන්ම බෙදා ගන්න අයත් ඉන්නවානේ...?"
ජය වේවා මල්ලී... අපේ රටට සැබෑවින්ම ඔබ සම්පතකි...
ඔබේ හාස්‍යෝත්පාදක ගතියත් නිහතමානිත්වයත් මා ඉමහත්ව ප්‍රියකරමි...

පිලේ පැදුර said...

මල්ලි උඹට සුබ නොපැතුවොත් මං මහ ගුණ මකුවෙක්..
"සිංග්‍රීසි" කන්වර්ටරය හරහා තමයි යන්තං කැත නැතුව සිංහල ටික කොටා ගත්තෙ. දැන් ඒකට ඇබ්බැහි වෙලා නැතුවම බැරි වෙලා.

අර තිස්ස අයිය කියළ තියෙන ඒවා ආයෙ මම කියන්න ඕන නෑ.
එහෙනං ජයවේවා...

("මොරා" කොල්ලෙක් කියල අදනෙ දන්නෙ.)

Praසන්ன said...

මගෙනුත් සුභ පැතුම්..!

Kasun Nadeeshana said...

ඉදිරි ගමනට මගෙනුත් සුභ පැතුම්

ඉලංදාරියා said...

සුභ පැතුම්..!

api oyath ekka innawa

තිස්ස දොඩන්ගොඩ said...

@උන්නැහේ: අප්පට සිරි උඹැහෙත් මොරා ද...? ඔං ප්‍රදර්ශනයක් තියනවලු ජුනි 14...
අපිත් පොඩි තල්ලුවක් දෙන්න හදන්නේ... පුලුවන්නම් එහෙදී හම්බවෙමු

හසී said...

උණුසුම් සුබ පැතුම් !

Indranama said...

ජාලය අල වීම නිසා පරක්කු වෙලා තමයි පාටියට එන්න සිදුවුනේ. ඒ පිලිබඳව සමාව අයදිමි. :)

ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්.. අවුරුද්දක් නෙමේ ජීවිත කාලෙටම බ්ලොග් ලියන්න හේතු වාසනා වේවා!

freedom said...

උණුසුම් සුබ පැතුම් මල්ලියා!
කන්වර්ටරේ ඔයාගෙ වැඩක් කියල දැනගත්තෙ අදනෙ!
නියමයි මල්ලි නියමයි...
ඔයාල වගේ අය හින්දමනෙ අපි GSoC no1 ආවෙ. ආඩම්බරයි හරිම ආඩම්බරයි

පිටස්තරයා said...

තව අවුරුදු බර ගාණකට සුබ පැතුම්!!!

Thilina said...

වැස්‍ස නිසා බ්ලොග් බලන්නත් බැරි වුනා. මේක දැක්කේ පස්සේනේ.. එළ බ්ලොගයේ උපන්දිනයටත් අර්ධ ශතකයටත් සුභ පැතුම්.

Thameera said...

@ශාකුන්තල: ඔව් කවුරුත් වගේ ඉතින් පුරුදු වෙනකං ලියන ඒව බොළඳයි තමයි.

@Supun Sudaraka: එල එල, තැන්කූ!

@budhajeewa: මෙතන කිව්වෙ නැතත් බුධාගෙ බ්ලොගෙත් මම ගුරුහරුකම් ගත්තු එක තැනක්. තැන්කූ!

@Ansh Lucky Sri Jay: හික්! කොහොම වුණත් තුන්වෙනියට හරි දැම්මනෙ. තැන්කූ තැන්කූ! :)

@chathuraw: පාටි නම් ඉතින් බැරියැ, නේද?

@ගයාන් තාරක: කෝම හරි ලියනව! තැන්කූ! :)

@කණියා: පොඩිදත් අහනව! හරි හරි, පාටි ඉතින් බලමුකො.

@Wolveriŋe ™: එල එල, හරි ඉතුරුවුණොත් තියාගන්නම් :)

@පහන්: උඹ තමයි මචෝ හොඳම සුබපැතුම දුන්නේ! දාස් වාරයක් තැන්කූ!! :)

@Isuru Udana: තැන්කූ!

@Harshani Nawarathna: අඩේ හර්ෂනීත් සිංග්‍රීසිද? එලම තමයි, තැන්කූ!

@KaniRockz: එල එල, මලයාටත් එසේම වේවා! :)

@Kasun Gajasinghe: එලස්!

@හසිත ජයසූරිය: තැන්කූ!

@Superstars: ස්තුතියි ප්‍රතිචාරයට!

@CD Athuraliya: තැන්කූ වේවා!

@තර්ඩ් මෑන් (SIDATH): අනිවා! ඒක මගේ ආදර්ශ පාඨයක්! :) තැන්කූ!

@Confiuzd ප්‍රෝග්‍රැමර්: තෑන්ක්ස් මචං!

@තිස්ස දොඩන්ගොඩ: තිස්ස අයියා වගේ අයත් අඳුරගන්න ලැබුණේ බ්ලොග් කෙරුවාව නිසා තමයි. බෝම ස්තුතියි සුබ පැතුමට!

@උන්නැහේ (පිලේ පැදුර): උන්නැහේ මොරාද? අඳුරගන්න ලැබීම සතුටක්! තැන්කූ!

@Praසන්ன: තැන්කූ!

@Kasun Nadeeshana: තැන්කූ මචං!

@ඉලංදාරියා: එල එල, තැන්කූ!

@හසී: ස්තුතියි!

@ඉන්දරේ: බෝම ස්තුතියි! කරපු උදව් අද වගේ මතකයි.

@freedom: එල එල, තැන්කූ! GSoC 1 ආපු සිද්ධිය මොකක්ද?

@පිටස්තරයා: තැන්කූ මචෝ!

@Thilina: එලස්, තැන්කූ බුවා!

Narada said...

අපේ පුතා හරි දක්ෂයා!

මෙන්න පුතේ සුකිරි කෑල්ලක්! පුතා හරි ආසයිනේ මෙව්වට! ;-)
මචං උඹ මට වැඩිය ඒ අතින් ඇත්තටම හොඳයි මචං! සිරාවටම මං වඩාත් අගය කරන බිලොග්කරුවන්ගෙන් කෙනෙක් උඹත්! සුභම සුභ පැතුම්,මචං පුතේ!

චේජනා said...

තමීර මල්ලි,
සුබ පැතුම් ඉස්සරවෙලාම.. ඔයාගෙ 50 වෙනි post එකට..
මම බ්ලොග් ලියන්නෙත් අර තිස්ස අය්ය කිව්ව වගෙ සිංග්‍රීසි නිසා තමයි..
(ඒත් හැබැයි මම ඒ දවස්වල හිතන් හිටියෙ තමීර කිව්වම හයයි හතරෙ පොරක් කියල..)

Thameera said...

@~බිன்ku~: අනේ මං ආසම කෑම. තැන්කූ මාමෙ සූකිරි ටිකට!

@චේජනා: තැන්කූ අක්කෙ. හයයි හතරට වඩා පොඩ්ඩක් අඩුයි :)

Anonymous said...

50 වෙනි පොස්ට් එකට සුභ පැතුම්......!!!! මගෙනුත්..
ඉස්සරහටත් හොඳට වැඩ කරගෙන යන්න ලැබේවා..!! කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Thameera said...

@nimanthi: බෝම ස්තුතියි නිමන්ති අක්කටත්!

C0de BlUe said...

පරක්කුවෙලා ආවට සමාවෙත්වා , මෙන්න මගෙනුත් අයියට උණුසුම් සුභ පැතුම් , දිගටම ලියන්න . ජය !!!

Thameera said...

@හිඟන්නා: අයියෝ ඒක මොකක්ද? තැන්කූ මචං!

දුකා said...

උඹට ලොකු ගමනක් තියෙනව මලයෝ යන්න . . . උඹ ඒ මගේ යනබව හොඳින් පේනන් තියෙනවා . . . උඹ වගේ දක්ෂයෝ දැක්කාම දැනෙන සතුට මෙතෙකැයි කියන්න බෑ . . උබට ජය . .

දුකා said...

පරක්කුවෙලා ආවට සමාවෙන්න . .. !

Thameera said...

@දුකා: බෝම ස්තුතියි, දුකා අයියෙ.

Januka said...

nice bro..සුභ පැතුම්..

Thameera said...

@ජනුක: තැන්ක් යූූූ! :)

Deeps said...

කවුදෝ අද මගේ බ්ලොගේට ඇවිල්ලා දීප්ස් කියලා සර්ච් කරලා, නිකන් ඉන්න බැරිකමට මාත් ඉතින් ඒ සර්ච් එකම කළා. එහෙම තමා මේ පොස්ට් එක දැක්කේ...ලියලා තියෙන්නේ මට ඉන්ටනෙට් කම්පියුටර් මොකවත් නැතිව වේලි වේලි හිටපු කාලෙනේ....ඒක නිසා කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට සමා වෙන්න .....කියන්න තියෙන්නේ දැන් නම් ලියනවා බොහොම අඩු වෙලා කියලා තමා...අර ටුවිටරේ කොට කොට ඉන්න වෙලාවේ මේ පැත්තටත් ගොඩ වුනා නම් මොකෝ වෙන්නේ??

ප.ලි. මට නම් මතකවත් නැහැ එහෙම පණිවිඩයක් එව්වා කියලා මුණු පොතෙන්. ගිහින් බලන්න ඕනේ..දැන් හද්දා පරණ පණිවිඩ වුනත් ලේසියෙන් බලාගන්න පුළුවන් නේ

Thameera said...

@deeps: බෝම ස්තුතියි කොමෙන්ට් එකට. ඔව්, අද හෙටම අළුත් බ්ලොග් පෝස්ට් එකක් ලියනවා කොහොම හරි. :)

අදහස් ලියලම යන්න