Saturday, May 22, 2010

උබුන්ටු ස්ථාපනය කළ පසු...

උබුන්ටු (හෝ වෙනත් ඕනෑම මෙහෙයුම් පද්ධතියක්) පරිගණකයේ අළුතෙන් ස්ථාපනය කළ පසු එය අපට සුවපහසුවන ආකාරයට 'tweak' කරගත යුතුය. එනම් අපේ එදිනෙදා වැඩට පහසුවන ලෙස අළුත් මෘදුකාංග එකතු කිරීම, පද්ධති සැකසුම් වෙනස් කිරීම ආදිය කළ යුතුය. උබුන්ටු සමග පෙරනිමියෙන් විවිධ මෘදුකාංග ගණනාවක් පැමිණියත් අප බොහෝ දෙනාගේ අවශ්‍යතාවලට ඒ ප්‍රමාණය මදිවේ.



වින්ඩෝස්වල සිට උබුන්ටුවලට පැමිණෙන බොහෝ නවකයන්ට මෙන්ම  උබුන්ටු එක් සංස්කරණයක සිට නව සංස්කරණයකට යාවත්කාල කිරීමේදී ද මෙම ගැටලුව ඇතිවෙයි.

උබුන්ටු නව ස්ථාපනයක් කළ පසු මම සාමාන්‍යයෙන් එයට එකතු කරන මෘදුකාංග කිහිපයක් කාගේත් ප්‍රයෝජනය පිණිස පහත දක්වමි. ඔබේ අවශ්‍යතාවයන් මීට වඩා මඳක් වෙනස් විය හැකිය. අතහැරුණු යම් යම් දේ ද තිබෙන්නට පුළුවන. පසුව මතක් වුවහොත් මෙම ලිපියම අළුත් කිරීමට බලාපොරොත්තු වෙමි.

වැදගත් : සමහරක් මෘදුකාංග "රෙපොසිටරියෙන් බාගත හැකිය" යි සඳහන් කර ඇත. මෙහි තේරුම Ubuntu Software Center සහ ටර්මිනලයේ sudo apt-get install භාවිචයෙන් ස්ථාපනය කළ හැකි බවයි. වැඩි දුර විස්තර සඳහා මේ ලිපිය බලන්න.

අත්‍යවශ්‍ය මෘදුකාංග

sinhala
1. සිංහල යුනිකෝඩ් ස්ථාපනය
ගොඩ දෙනෙකුගේ මුල්ම පියවර සිංහල ස්ථාපනයයි. කරන විදිය ගැන පැහැදිලි විස්තරයක් මෙතැන තිබේ. දැනට ඇති ලස්සනම සිංහල ෆොන්ටය වන මලිති වෙබ් අවශ්‍ය නම් මෙතනින් බාගන්න.

2. Restricted extras
මෙය ස්ථාපනයෙන් MP3, flash වැනි වාණිජමය දිගු (extensions) සහිත ගොනු විවෘත කළ හැකිය. වෙනත් ආකාරයකට කියනවා නම් වින්ඩෝස්වලදී media codecs ස්ථාපනයට සමානය. මෙය ubuntu-restricted-extras නමින් රෙපොසිටරියෙන් බාගත හැකිය.

vlc player
3. VLC Player
උබුන්ටු සමග පෙරනිමියෙන් Totem Player පැමිණියත් සාමාන්‍ය පරිශීලනයට පවා එහි ඇති විශේෂාංග ප්‍රමාණය මදිය. මෙයද රෙපොසිටරියෙන් බාගත හැකිය.

4. Adobe Air
නිතරම භාවිතාකිරීමට අවශ්‍ය වන Adobe Air apps ධාවනයට Air Runtime එක මෙතනින් බාගත හැකිය. මෙහිදී අපට ලැබෙන්නේ bin දිගුව සහිත ගොනුවකි. මෙය ධාවනය කිරීමට ටර්මිනලයෙන් අදාළ ඩිරෙක්ටරියට ගොස්,
sudo chmod +x AdobeAIRInstaller.bin ලබාදී
./AdobeAIRInstaller.bin ලෙස ඇතුළත් කර Enter කරන්න.

5. Rar සහ Unrar
Zip, tar.gz වැනි දත්ත හකුළන දිගු උබුන්ටු තුළ පෙරනිමියෙන් අඩංගුවුණත් අපට නිතරම අවශ්‍ය වෙන Rar ගොනු සමග වැඩකිරීමට Rar සහ Unrar ස්ථාපනය කරන්න. රෙපොසිටරියෙන් ලබාගත හැකියි.

6. Wine
අත්‍යවශ්‍ය නොවේ යැයි තර්ක කළ හැකි වුණත් වින්ඩෝස් මෘදුකාංග ධාවනය කිරීමට Wine අතුරුමුහුණත සෑම උබුන්ටු පාවිච්චි කරන්නෙකුම පාහේ භාවිතාකරනු දැකිය හැකිය. රෙපොසිටරියෙන් ස්ථාපනය කළ හැකිය.

අවශ්‍ය නම් එකතු කළ හැකි මෘදුකාංග

google chrome
1. ගූගල් ක්‍රෝම්
උබුන්ටු සමග පෙරනිමියෙන් ෆයර්ෆොක්ස් පැමිණෙයි. නමුත් ඔබ වඩාත් ප්‍රියකරන්නේ ක්‍රෝම් නම් මෙතනින් ස්ථාපනය කළ හැකිය.

2. Dropbox
දත්ත උපස්ථ කිරීමට Dropbox පාවිච්චි කරන්නේ නම් අදාළ client එක ස්ථාපනය කළයුතුය. Dropbox අඩවියෙන් මෙයට අදාළ deb ගොනුව බාගෙන ඩබල් ක්ලික් කිරීමෙන් ස්ථාපනය කරගන්න.

gimp
3. GIMP
උබුන්ටු 10.04 සිට ඡායාරූප සමග වැඩකිරීමට F-Spot Photo manager පමණක් පැමිණෙයි. නමුත් මෙහි ඇති විශේෂාංග ප්‍රමාණය GIMPට වඩා බෙහෙවින් අඩුය. GIMP රෙපොසිටරියෙන් ස්ථාපනය කළ හැකිය.

4. Ubuntu Tweak
උබුන්ටුවල ඇති බොහෝ සැඟවුණු පද්ධති සැකසුම් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩ සලසන මෘදුකාංගයකි. මෙතනින් බාගන්න.

මීට අමතරව එකතු කරන්න පුළුවන් පොඩි පොඩි ගැජමැටික් කෑලි ගොඩක් තියෙනව. හැම එකම දාන්න එක පෝස්ට් එකක් මදි. ඉඩ ලැබෙන විදියට බලමු.

EAVB_QHBQSJGLYG

මෙම ලිපියට ප්‍රතිචාර 19 කි:

Praසන්ன said...

ප්රයෝජනවත් ලිපියක්.

නෙරංජි සුලක්ඛනා said...

අයියෙ මොකද්ද අර යට තියෙන එක.....අර ගැජට් එක ඩෙස්ක්ටොප් එකේ ටාස්ක් බාර් එකට ඉහලින්

Thameera said...

@Praසන්ன: එලස්!

@නෙරංජි: ඒකට Docky කියල කියන්නෙ. රෙපොසිටරියෙන්ම දාගන්න පුළුවන්.

budhajeewa said...

එළ!

සාමාන්‍ය රිපොසිටරි වල නැති ඒවා deb ගොනු බාගෙන ස්ථාපනේ කරන්න පෙර හොයල බලන්න PPA එකක් වගේ වෙනත් රිපොසිටරීස් තියෙන්න පුලුවන්ද කියලා. ඒ වගේම Google Repository වගේ තුන්වැනි පාර්ශවීය ඒවත් එකතු කරගන්න (විශ්වාසී ඒවා පමණක්!).

මේ සියල්ලම කරන්න ලේසී Ubuntu Tweak භාවිතයෙන්. ඒ නිසා,මුලදීම ඒක ස්ථාපනේ කරලා ඉන්න.

Anonymous said...

හූ හූ.... කෝ පෙපර්මින්ට්? :P

Thameera said...

@budhajeewa: ඔව්,  PPA හොයාගන්න පුළුවන් app ගැනත් කිව්ව නම් හොඳයි තමයි, බලමු. මම නම් Ubuntu Tweak එකෙන් දාන්න ගිහින් නෑ, හැබැයි වැඩේ නම් මාර ලේසියි වගෙ.

@chathuraw: ඒක පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් කල් දැම්මා..

Anonymous said...

නියමයි නියමයි....අයියෙ dokey නම් මරේ මරු

Thameera said...

@හසිත ජයසූරිය: එලස්, ඔව් docky එක මාත් ඉස්සර පාවිච්චි කරෙ නෑ, දැන් තමයි මෙච්චර හොඳ බව දන්නෙ

පිටස්තරයා said...

නියම ලිපියක්....

Thameera said...

@පිටස්තරයා: එලස්! :)

malnayaka said...

මලිති පොන්ට් නොමිලෙ ලබාගත හැකිද?

Thameera said...

@malnayaka: ඔව්, ලිපියෙ උඩ දීල තියෙන සබැඳියෙන් බාගන්න පුළුවන් (mediafire)

දුකා said...

තිස්ස අයියා හැමදාම උඹව අම්බානක මතක් කරනවා. මට නිතරම කියනවා උඹ ගැන . .

මමත් බ්ලොග් ලියන්න ගත්තු දවස් ඉඳන්ම උඹව දන්නවා ඒත් මගේ ඉගෙනීමට ඇති බලවත් අකමැත්ත නිසාම උඹේ මේ වටිනා බ්ලොග් එක කියවන්න එනවා අඩුයි . .

මේ කම්මැලියට සමාවෙයන් ඒකට . . .

මොනා වුනත් මම හිතුවා අනිත් අය වෙනුවෙන් මේ වටින බ්ලොග් එකේ ලින්ක් එක මගේ බ්ලොග් රෝල් එකට එකතු කරන්න කියලා . . .

ඔන්න මළේ මම මම වැඩිය මේ තාක්ෂනික ලිපි කියෙව්වේ නැති උනාට අනිත් උන්ට කියවන්න පාර කපලා තියෙන්නේ දැන් හරිය . .

Thameera said...

@දුකා: මොනවද දුකා අයියෙ මේ කියන්නෙ. අපි කාටත් ඔහොම තමයි, අයිය තරම්වත් මට කියවන්න වෙන්නෙ නැහැ.
බෝම ස්තුතියි බ්ලොග් රෝලට එකතු කළාට. මාත් ඔන්න මේකට ඇඩ් කළා.

දුකා said...

ela ela kollo . ..

Anonymous said...

http://get.adobe.com/air/ වල "Select version to download" drop-down menu එකේ ".deb" select කරලා download කරන්න.

Thameera said...

@Madhawa: ආහ්, මරුනෙ, deb විදියට මෙච්චර කල් දුන්නෙ නෑ. ස්තුතියි පෙන්නල දුන්නට!

Anonymous said...

@thameera ආහ්, ඒවා ඉතිං විය යුතු දේවල්නෙ... :D

Wickramasinghe said...

Useful information. Good.

Wickramasinghe
http://inetquotations.blogspot.com/

අදහස් ලියලම යන්න