Sunday, December 5, 2010

රෙදි හෝදන හැටි

බෝල කූඩුවේ තව ඇඳුමක් එල්ලුවොත් එය බරට කඩාගෙන වැටෙණු ඇත. එහි එතරම්ම ඇඳුම් පිරිලාය. අද හෝදනවා, හෙට හෝදනවා යි කියා හිතාගෙන හිටියත් කෙරෙන්නේ නම් නැත.

ඇඳුම් හෝදන එක තරම් කම්මැළි වැඩක් ලෝකයේ නැත. ගෙදර හිටියා නම් අම්මාට කියා හෝදා ගන්නට තිබුණි. අම්මා නැති කලට කණයා පණ්ඩිතයාද මොකක්ද කියා කියමනකුත් ඇත. අම්මා නැති කඩුව කොස් කොටන්නද කියා පරණ අය ඇහුවේ ද කට කහනවාට නොවේ.

මීට මාස කිහිපයකට පෙර සඟරාවක තිබී මට අපූරු ලිපියක් කියවීමට හමුවිය. එහි කතුවරයා යෝජනා කර තිබුණේ යම් කිසි දෙයක් ගැන සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉගෙනගැනීම එම වැඩය පහසුකරගැනීමට හේතුවන බවයි.

උදාහරණයක් ලෙස ඇඳුම් සේදීම ගනිමු. ඇඳුම් හේදීමේ විවිධ ක්‍රම, වඩාත් කාර්යක්ෂමව ඇඳුම් හේදීමට ලෝකයේ විවිධ අය යොදාගන්නා  උපායයන්, ඇඳුම් හෝදන අතරදී තනිවම කළ හැකි ක්‍රීඩා, වතුරට රෙදි හෝදන කුඩු දමන නිවැරැදි අනුපාත, මැසිමෙන් හෝදනවාට වඩා අතින් රෙදි සේදීමේ වාසි, මෙවැනි අනේකවත් දේවල් ගැන අපට අන්තර්ජාලයෙන් සොයා බැලිය හැකිය. මේවා දැන ගැනීමෙන් රෙදි සේදීම දෙස අප බලන දෘෂ්ටිකෝණය වෙනස්වෙයි. තවදුරටත් එය විඩාව ගෙනදෙන කම්මැළි ක්‍රියාවක් ලෙස අපට නොපෙනෙයි.

මෙය ඇඳුම් හේදිම පමණක් නොව ගෙදර අතුගෑම, ඇඳූම් ඉස්තිරික්ක කිරීම, වාහනය සේදීම වැනි ඕනෑම අප අකමැති වැඩකට යොදාගත හැකිය. බෝල කූඩුවට නැවතත් බරින් නැවීමට සිදු නොවනු ඇත. රෙදි සෝදාගත් කල ගොවියා රජ කමටත් සුදුසු බව ඔබ අසා ඇතුවාට සැක නැත.

මෙම ලිපියට ප්‍රතිචාර 26 කි:

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් දැක්කේ .මචෝ අද කොයි පැත්තෙන්ද ඇහැරියේ. " අසව් ! අසව් !නින්දෙන් නැගිටි තමීරයා කටමැත දොඩනු ඇත." :)

Gayan Tharaka said...

නෙට් එකෙන් රෙදි හෝදන ක්‍රමයක් හොයන්න ගිහින් වගේ..

Thilina said...

මට හිතෙන්නේ උඹ තමීරගේ රෙදි හේදීම නියමය කියලා එකක් ඉදිරිපත් කොරන්න යනවා වගේ :P :P :P

Janith said...

රෙදි හේදීම ගැන ඔයා හොයාගන්න දේවල් ගැනත් ලිපියක් ගහන්න හොඳේ! :D

Bunny said...

මූ මේ හිනෙන් රෙදි හෝදන්න ගිහිල්ලා පනිට්ටුව පෙරලිලා බ්ලොග් එක මතක් උවා වගේ වැඩක් කරගෙන තියෙන්නෙ :D

තිස්ස දොඩන්ගොඩ said...

මොකදෑ ඕකට ඔය බෝල කූඩුව කියන්නේ...?

Thameera said...

@කවිරංග: අයියෝ, ඉගෙන ගන්න දෙයක් ලිව්වම ඒක කටමැතද? xD

@ගයාන් තාරක: වඩාත් කාර්යක්ෂම රෙදි හේදීමේ ක්‍රමයක්

@Thililna: ඔව්, ළඟදීම බලාපොරොත්තු වෙන්න

@Chavie: එල එල, හොයාගත්තම ලියන්නම්

@Bunny!: ඔව්, ටිකක් ඒ වගේ තමයි

@තිස්ස දොඩන්ගොඩ: දෙයියො තමයි දන්නෙ

ස්වප්නා said...

ඔයා නං නියමම පිස්සෙක් තමයි :)

Praසන්ன said...

ඔය රෙදි හෝදන ක්‍රම හොයන ගමන් නරකද රෙදිටික හෝදල දැම්මනං :D

දුකා said...

ඉන්නේ කොලඹට කිට්ටුවෙන් නම් පිටරටවල වගේ දැන් තියෙනවා තමා විසින්ම රෙදි සෝදා ගත හැකි ලෙස වොශින් මැශින් සවිකර සේවා සපයන ආයතන.

ගාන අඩු අති මගේ හිතේ.

ආ හැබෑට අපිත් බෝල කූඩුව කියන්නේ නම් වෙන එකකට . . හික්ස්

Thameera said...

@ස්වප්නා: ඇයි එහෙම කියන්නෙ?

@Praසන්ன: හැබෑම නේන්නං, කියනකං මීටර් වුණේ නැහැනෙ

@දුකා: ඔව්, සමහර නාට්‍යවල දැකල තියෙනවා. රෙදි ටික ගිහින් දාන්න විතරයි තියෙන්නෙ.

Anonymous said...

මචන් මගේ රෙදි ටිකක් තියෙනවා හෝදගන්න. පොඩ්ඩක් බැරි ද උඹට game එකක් එහෙම ගහන ගමන් හෝදලා දෙන්න? මහා ගොඩක් නැහැ. කොට කලිසමකුයි underwear දෙක තුනකුයි තියෙන්නේ. මොකද කියන්නේ? :D

Thameera said...

@himalkk: ඕනම නම් රෙදි ටිකත් අරගෙන රෑ වෙන්න මේ පැත්තට වරෙංකො :D

නෙරංජි සුලක්ඛනා said...

ඊයා........ එතකොට ඔයා දැන් අඳින ඇඳුම් එකක් වත් හෝදලා නැද්ද?

Thameera said...

@නීනු: ඇඳුමක් දවසක් ඇන්ද පලියට හෝදන්න ඕන නැහැනෙ

නෙරංජි සුලක්ඛනා said...

ඔව් ඒකත් හොඳ අදහසක්...ඒක නෙවෙයි දැන් බ්ලොග් ඉතිහාසය ගැන කතාවට ලෑස්තිද?

Thameera said...

බ්ලොග් ඉතිහාසය කිව්වෙ?

නෙරංජි සුලක්ඛනා said...

ඇයි එස් බී යූ ගෙට් එකේදි ඔයා ට කතාවක් තියෙනවාලු....බ්ලොග් ඉතිහාසය ගැන.
ගයන්තටත් තියෙනවා...ආරූඪ නම් සහ බ්ලොග් කලාව ගැන...

Thameera said...

ඈ? මං එහෙම සිද්දියක් දන්නෙ නැහැනෙ. හොයල බලන්ඩෝන :O

Piyaka said...

තමීරයො... ලෝකෙ තියන හැම ප්‍රශ්නයකටම උත්තර net එකේ නෑ..............................

Thameera said...

@හපාගේ කතා: සහතික ඇත්ත. මම මෙතනදි කියල තියෙන්නෙ රෙදි හේදීම ගැන විවිධ අයගෙ අත්දැකීම් හොයාගන්න අන්තර්ජාලය හොඳ තැනක් කියලයි. හැම දෙයක්ම ඉගෙන ගන්න නෙට් එකෙන් බෑ තමයි.

budhajeewa said...

හික් හික්. රෙදි සේදීම ගැන තැපෑලෙන් පංතියක් දාන්න බැරිද?

Thameera said...

@budhajeewa: දාන්න තමයි ඉන්නෙ, දැම්මම කියන්නං xD

budhajeewa said...

@Thameera: එළකිරිස්! :D

බිඟූ said...

මට පොඩි කතාවක් මතක් උනා.

කොල්ලන්ට යට ඇඳුමක් දෙපාරක් අඳින්න පුලුවන්. කෙල්ලන්ට 4පාරක්ම පුලුවන්

කියලා අපේ ස‍ර් කෙනෙක් කිව්වා අපි AL කරන කාලේ....

හික්ස්....

Thameera said...

@බිඟූ...!: හතර පාරක් කිව්වේ... මේ සංකරණ සංයෝජනවලින් ද ඕක හිතන්න වෙන්නෙ? xD

අදහස් ලියලම යන්න