Sunday, December 20, 2009

බ්ලොග් මිතුරන්ගේ හමුවීම


2009 දෙසැම්බර් 19. මාස ගාණක් ඇඟිලි ගැණ ගැණ හිටපු දවසක් උදා වුණා. උදෙන්ම නැගිටල ලෑස්ති වුණේ සිංහල බ්ලොග්කරුවන්ගෙ හමුවීමට යන්න. බස් එකේදි කොල්ලුපිටියට ටිකට් ගත්තත් ඒකෙන් කොටුවටම ගියේ කණියාත් සෙට්වෙනවා කියපු නිසා. ඊට පස්සෙ දෙන්නත් එක්ක 120සෙ නැගල ඇවිත් බොහොම අමාරුවෙන් එක්සෙල් ලෝකය හොයාගත්ත. එතකොට ධනිකත් ඇවිල්ල ඉඳල අපිත් එක්ක සෙට් වුණා.

එතකොටත් 20ක් 25ක් විතර ඇවිල්ල හිටියෙ. කාලිංග අයියත් ලොක්ක වගේ ඇවිද ඇවිද හිටියා. කොහොමින් කොහොම හරි 11.30 විතර වෙන කොට කට්ටියත් ඇවිල්ලා වැඩේ පටන් ගත්තා. මුලින්ම කළේ කවුරුත් තම තමන්ව අඳුන්ව ගත්තු එක. අක්කණ්ඩි, කතන්දරකාරයා, සියදෝරිස් වගේ අන්වර්ථ නම් වලින් විතරක් දැනගෙන හිටපු අයත් මුල්ම වතාවට දැක ගන්න ලැබුණා.

දසුන් සමීර යුනිකෝඩ් ගැන කියමින්

ඊට පස්සෙ කාලිංග අයියා ටිකක් කතා කරලා දසුන් සමීර අයියත් යුනිකෝඩ් ගැන දේශනයක් දුන්නට පස්සෙ තමයි කවුරුත් මග බල බලා හිටිය අවස්ථාව උදා වුණේ. මෙච්චර දවස් බ්ලොග්වලින්, ට්විටරෙන්, චැට් එකෙන් විතරක් අඳුරගෙන තිබුණු යාලුවො ඇත්තටම හම්බවෙලා කතා කරන්න.

මෙයානෙ මේ ශාකුන්තල කියන්නෙ

කවුරුත් එක්ක කතා කරන කං ඉවසන්න බැරුව හිටියෙ. ගොඩක් අය පොටෝවල දැකල තිබුණත් එක සැරේට අඳුර ගන්නත් බැරිවුණා. බ්ලොග්වල එහෙම ලොකු ලොකු කතා කියන ගොඩක් අය බොහොම සුහදව කතා කරා. කවුරුත් එකම පවුලක වගේ.

ඊට පස්සෙ ආවෙ දවල්ට කෑම කන වෙලාව. කෑම තෝරගන්න බැරුව විඳපු දුකක්. තියෙන කෑමවල නම් දන්නෙත් නෑ. ඒවයෙ ගණනුත් මාරු කාසිවලින් ගෙවන්න අමාරුයිනෙ! දීප්ගෙ ගාණෙ කන්න හිටියට කොහෙද? පාටියක් දෙන්න කවුරුවත් නෑ. ඉතින් පර්ස් එකෙන් අමාරුවෙන් සීයෙ කොළ දෙකකුත් හොයාගෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. ගයාන් තාරක තමයි කෑම ඕඩර් කරේ.

කෑම තෝරගන්න බැරුව: දර්ශන, දීප්ස්, ගයන්ත, අරවින්ද, තමීර

ගයාන් තාරක කට්ටියටම කෑම අරන් දෙමින්

කන ගමනුත් කාල ඉවරවෙලත් ඉවරයක් නැතුව කතා කර කර හිටියෙ. පොටෝ ගන්නත් එපැයි.

ශාකුන්තල, ධනික, තමීර, ගයාන් තාරක, දීප්ස්. උඩින් ඉන්නෙ කවිරංග, කණිෂ්ක, උදාර (රජරට පුත්‍රයා)

තමීර, කණිෂ්ක, සුදාරක, ඉන්දරේ, කණියා, ධනික

කට්ටිය අන්තිමට ගෲප් පොටෝ එකකුත් ගත්තා. ලොකු කරල බලන්න රූපෙ උඩ ක්ලික් කරන්න

ඔය හාට් එකක ලකුණක් තියෙන සුදු පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නෙ කතන්දරකාරයා. ඒකෙ ලියල තියෙන්නෙ I love kathandara.blogspot.com කියල. කාලිංග අයිය අත දා ගෙන ඉන්න කෙනා කවුද කියල හිතා ගන්න ඇහැකිනෙ. ඒ දෙන්නට පිටිපස්සෙන් ඉන්නෙ අක්කණ්ඩි. ඊටත් පිටිපස්සෙන් නිල්පාට ටී ෂර්ට් එක මුචලින්ද. ඔහොම කියාගෙන ගියොත් ඉවරයක් වෙන්නෙ නැහැ.

ගොඩක් එන්න හිටපු අයට එදා එන්න බැරිවුණා. ඒත් ඊළඟ සැරේ මීටිමට නම් එන්න බැරිවෙලා මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්න බැරිවුණොත් සංගමෙන් නෙරපා හරින්න තීරණයක් ගන්න ඕන. එතකොට කවුරුත් ඒවිනෙ. ඊළඟ මීටිමට බිංකුවා ස්පොන්සර් කරනවා කියලත් කතාවක් තියෙනවා. ඇත්තද දන්නෙ නෑ.

(මේ දාල තියෙන පොටෝ එකක්වත් මම ගත්තුවා නෙවෙයි. ගයන්ත, ඉන්දරේ, රවිමල් මූණුපොතට දාපුවා. අන්තිම ගෲප් පොටෝ එක ගත්තෙ ලිෂ්විෂ් නොහොත් ලිෂාන්)
ඉතිරියත් කියවන්න

Tuesday, November 24, 2009

යූ නළයට වීඩියෝ ටයිම්ලයින් එකක්

යූ නළයෙ වීඩියෝ එකක් බලද්දි එන ලොකු ප්‍රශ්නයක් තමයි වීඩියෝ එක බලන්න කලින්. ඇත්තටම වීඩියෝ එකේ තියෙන්නෙ අපිට ඕන දේද කියල බලා ගන්න බැරි කම. ඒක බාගන්නව නම් ඊට කලින් ටික දුරක් ප්ලේ කරල බලන්නම වෙනව. අනික අතර මගදි පොඩිහිටියන්ට නුසුදුසු දේවල් තියෙද කියල දන්නෙ නැහැනෙ. අනිත් එක තමයි අපි වගේ ලිමිටඩ් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන අය වීඩියෝ open කරන්නෙ හරිම පරෙස්සමෙන්. Open කරන්න යන වීඩියෝ එක හරියටම මොකක්ද දන්නෙ නැත්තං open කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නත් වෙනව. :)

මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න දැන් Firefox addon එකක් සමත්වෙලා තියෙනවා. නමින් VideoSurf. මෙතනින් බාගන්න පුළුවන්.

දාගත්තට පස්සෙ යූනලයෙදි විතරක් නෙවෙයි, ගූගල් සෙවුමෙදි වගේම ට්විටරයෙදි පවා වීඩියෝවල preview එක timeline එකක් විදියට පෙන්නනවා. මෙන්න මේක දැම්මට පස්සෙ යූනලයෙ තිර සටහනක්:



ඒ විතරක් නෙවෙයි වීඩියෝ එකක් බලන කොටත් ඊට යටින් පෙන්නන timeline එකෙන් වීඩියෝ එකේ ඒ ඒ තැන්වලට ලේසියෙන් පනින්න පුළුවන්. Addon preferences වලින් අනවශ්‍ය අඩවිවල Videosurf අබල කිරීම, පොඩිහිටියන්ට තහනම් විදියේ වීඩියෝ සැඟවීම වගේ දේවල් කරන්නත් පුළුවන්.
ඉතිරියත් කියවන්න

Sunday, November 15, 2009

Karmic Koala සමග GRUB 2


මාසෙකට විතර පස්සෙ ඔන්න ආයෙත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ආවා. (ඕක ඉතින් හැමදාම කියන කතාවනෙ)
ඉඳල ඉඳල ඊයෙ තමයි අළුතෙන් ආපු උබුන්ටු 9.10 (Karmic Koala) දාගත්තෙ. මෙච්චර දවස් පරක්කු වුණේ ලැපේ CD drive එක වැඩ කරන්නෙ නැති හින්දම නෙවෙයි, උනන්දුවක් නැති කම නිසා. CD එකෙන් බැරි නිසා 1GB pen එක startup disk එකක් විදියට හදාගෙන තමයි install කළේ. 9.04 උඩ upgrade කරන්න ගියෙ නැහැ. එක හේතුවක් එහෙම කළාම sound එහෙම අල වීම. කොහොමත් ඉතින් පරණ එක උඩ දානවට වඩා අලුතෙන්ම දැම්මම නැවුම් බව වැඩියි.
9.04ට වඩා වෙනස්කම් කීපයක්ම මුල්ම වතාවේ දකින්න තිබුණා. එකක් තමයි අලුත් Ubuntu Software Center එක. Pidgin chat client එක වෙනුවට Empathy ඇවිත්. Input method එක දැන් SCIM නෙවෙයි. IBus කියල එකක්. සිංහලට මාරුවෙන එක දැන් ගොඩක් ලේසියි. අනෙක කලින් වගේ අමාරුවෙන් සිංහල install කරන්න ඕනත් නැහැ. මේ ගැන හොඳ ලිපියක් බුධාජීවගේ ලියමනේ තියෙනවා.

අළුත් Software center එක


දැකපු තව ලොකු වෙනසක් තමයි පරණ GRUB එක වෙනුවට අළුත් GRUB 2 මෙනුව ඇවිල්ල තියෙන බව. /boot/grub ඩිරෙක්ටරියට ගිහිල්ල බැලුවම menu.lst කියල ෆයිල් එකක් නැහැ. ඉතින් ඉක්මනටම ගූගල් සරණං ගච්ඡාමි කියල හොයල බැලුව මේ ගැන. බලන කොට Grub 2 පරණ එකට වඩා ගොඩක් වෙනස්.
මුලින්ම menu.lst වෙනුවට තියෙන්නෙ grub.cfg කියල එකක්. නමුත් මේක edit කරන්න එපා කියල උඩින්ම ලියල තියෙනවා. ඒ වෙනුවට edit කරන්න පුළුවන් ප්‍රධාන file දෙකක් තියෙනවා. එකක් තමයි /etc/default/grub. මේකෙන් කරන්න පුළුවන් වැඩවලින් වැඩියෙන්ම මගේ හිත ගත්තෙ GRUB මෙනුවේ resolution එක වෙනස් කරන්න පුළුවන් #GRUB_GFXMODE=640x480 පේළිය. මේකෙ # ලකුණ ඉවත් කරල 640x480 වෙනුවට අපේ මොනිටරේ සාමාන්‍ය resolution එක දෙන්න පුළුවන්.
Edit කරන්න පුළුවන් අනිත් ප්‍රධානම ගොනුව තමයි /etc/grub.d/ ඩිරෙක්ටරියෙ තියෙන 05_debian_theme කියන ෆයිල් එක. මේකෙන් තමයි මෙනුවේ වර්ණ සැකසුම් වෙනස්කරන එක පසුබිම් රූපයක් යෙදීම වගේ දේවල් කරන්නෙ. හොඳම ප්‍රවෘත්තිය තමයි දැන් පසුබිමට රූපයක් දාන්න කලින් වගේ .xpm.gz file හද හද ඉන්න ඕන නෑ. කෙලින්ම png file එකක් දෙන්න පුළුවන්. මේ ඔක්කොම කරන හැටි ගැන හොඳ විස්තරයක් මෙතන (කඩ්ඩෙන්) තියෙනවා.

තාමත් karmic koalaට මාරු වෙලා නැත්නම් ඉක්මනටම මාරුවෙන්න.

ප.ලි.
මේ ඔක්කොම කරල ඉවර වෙලා sudo update-grub කියල ගහල grub එක update කරන්න ඕන. නැත්තං මේ කියපුව වැඩ කරන්නේ නැත.
ඉතිරියත් කියවන්න