Friday, March 11, 2011

ගූගල් ක්‍රෝම් සඳහා සිංග්‍රීසි

සිංග්‍රීසි කියන්නෙ අළුත් ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක්. කලින් තිබුණු සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකයෙන් වගේම මේකෙනුත් කරන්නෙ සිංග්‍රීසියෙන් අපි ටයිප් කරන වචන සිංහල යුනිකෝඩ්වලට හරවන එක. අළුත් එක්ස්ටෙන්ෂන් එකට ලිනක්ස්, වින්ඩෝස්, මැක් ඕන මෙහෙයුම් පද්ධතියක ක්‍රෝම් එක්ක වැඩකරන්න පුළුවන්. මේ තියෙන්නෙ ස්ක්‍රීන්ෂොට් එකක්:

singreesi


ක්‍රෝම් API එකෙන් clipboard එක පාවිච්චි කරන්න දෙන්නෙ නැති නිසා සිංහල අකුරු ටික කොපි කරගන්න Select ඔබල Ctrl+C වගේ විධානයකින් කොපි  කරගන්න ඕන. අනිත් එක තමයි ටු, රෑ වගේ අකුරු කීපයක් ටයිප් කරන කොට විකාර සංකේත වගයක් එනවා. තාම බග් එක මොකක්ද කියල හොයාගන්න බැරිවුණා. පුළුවන් තරම් ඉක්මනින් නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා.

තාම මේක පටන්ගත්ත විතරයි. අළුතෙන් එකතු කරන්න පුළුවන් දෙයක් මතක් වුණොත් කියන්න අමතක කරන්න එපා.

මෙතනින් බාගන්න. 

මෙම ලිපියට ප්‍රතිචාර 17 කි:

සෝරෝ said...

bohoma honda deyak..

jaya wewa....!!

Razor said...

jaya wewa onna mamath gannawa

thankz machan..

budhajeewa said...

පට්ට බ්‍රෝ!

තිස්ස දොඩන්ගොඩ said...

ආ..ආයේ තරමක විවේකයක් ලැබිලා වාගෙයි...
මේ වචනත් පොඩ්ඩක් බලන්න..

"නොඑන" --> noena කියා ටයිප් කලහම "නෝන" කියා වදී..
"කව්රු" --> kawru --> "කවෘ"

firefox වලත් මේ හුටපටේ තිබේ... සෑදුවොත් සෙත්...

Anonymous said...

එල නියමයි

Thameera said...

@තිස්ස දොඩන්ගොඩ:
අකුරු වෙන්කරන්න \ ලකුණ පාවිච්චි කරන්න.
උදා: no\ena = නොඑන
kaw\ru = කව්රු

සංකල්ප said...

පට්ට වැඩ කෑල්ලක් නෙ මල්ලි. නියමයි එල එල

Janith said...

පට්ට! :D

Unknown said...

සිංග්‍රීසි හැදුවට පින්,නිකන් දුන්නට ඩබල් පින්..........

නෙරංජි සුලක්ඛනා said...

කපටියා....ඉන්දරේ අයියේ මූව අයින් කරන්න...මෙයා ගාණට මාස තුනෙන් තුනට සින්ඩියෙන් අයින් කොරන්න කලින් ලිපි දානවා...අහුවෙන්න එපා මෙයා හරි භයානකයි...

ඒ වුණාට මම මේක බා ගන්නවා...වැදගත් දෙයක් ඉඳලා හිටලානෙ කොරන්නෙ....

@ මධුරංග
මාව දන්නෙ නෑ කිව්ව නේද?.. මුලු බ්ලොග් ලෝකයේ තමීර කියන ඉහත සඳහන් පුද්ගලයාට ඇති හා නැති තැන පහර දෙන දරුණුම වෛරක්කාරියක්..මම හරී සැරයි...

Thameera said...

@නීනු: හෆොයි, නීනුට වැඩේ අතටම අහුවුණා. දැන් ඉඳල හමාරයි.

Anonymous said...

simply එල.

අනූ said...

තමිර අයියා මේ බ්ලොග් එක අප්ඩේට් කරන්නැද්ද අනේ?

Thameera said...

@කඩේ හාමිනේ: දැන් වැඩිපුර ලියවෙන්නෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ තමයි ඉතිං (http://thameera.wordpress.com)

Unknown said...

බොහොම ස්තූතියි සහෝ!!!!!!!!!!

Amateur's DIY said...

වැඩ්ඩො කියන්නෙ ඔයාලට

ignatzmachan said...

Teton, USA. titanium granite countertops | TiN Architects
Teton, babyliss pro nano titanium USA. titanium cookware titanium granite countertops. Teton, USA. titanium titanium earrings granite countertops. Teton, USA. titanium granite thaitanium countertops. Teton, USA. titanium granite countertops. trekz titanium headphones Teton, USA. titanium

අදහස් ලියලම යන්න