Saturday, May 30, 2009

මොනවද මේ Bookmarklets?

අද නෙට් එකේ රස්තියාදු ගගහ ඉන්න කොට මැණික් ගලක කකුල හැපුණා. මෙච්චර කල් දැනගෙන හිටියෙ නැහැ bookmarklets කියල දෙයක් ගැන. බැලින්නම් මේකෙ පිටිපස්සෙ තියෙන්නෙ හරි අපූරු ‍සිද්ධියක්.
නමින් කියවෙන විදියටම මේක බුක්මාක්ස් එක්ක සම්බන්ධයි. මේකෙදි වෙන්නෙ අපි බුක්මාක්ලට් එකක් බුක්මාක් එකක් විදියට save කර ගන්නවා. හැබැයි මේ බුක්මාක්ලට් එකේ තියෙන්නෙ වෙබ් අඩවියකට ලින්ක් එකක් නෙවෙයි. ඒක පටන් ගන්නෙ http: කියලවත් ftp: කියලවත් නෙවෙයි javascript: කියල. උදාහරණයක් විදියට මට හම්බ වුණා ශබ්දකෝෂයකින් තේරුම් බලල දෙන බුක්මාක්ලට් එකක්. ඒකෙ code එක තමයි:

javascript:void(q=prompt('Dictionary.com%20Search:',getSelection()));
if(q)%20void(location.href='http://dictionary.reference.com/search?r=1&q='%20+%20escape(q))

මේකෙන් වෙන්නෙ මේ බුක්මාක්ලට් එක උඩ ක්ලික් කළාම input box එකක් එනවා. ඒකට අපිට තේරුම ඕනෙ වචනය ඇතුළත් කළාම dictionary.com අඩවියෙන් ඒ වචනයෙ තේරුම හොයල දෙනවා.
ඉතින් අපි මේ code එක bookmark එකක් විදියට save කරගත්තම එක ක්ලික් එකකින් ශබ්දකෝෂයට යන්න පුළුවන්. මේක විශේෂයෙන් වැදගත් වෙන්නෙ ක්‍රෝම් වගේ add-ons තවම නැති බ්‍රව්සර්වලට.

මේ විදියෙ බුක්මාක්ලට්ස් නොමිළේ ඕන නම් http://bookmarklets.com සහ http://www.bmlet.com අඩවි වලට ගිහිල්ල බලන්න.

මෙම ලිපියට ප්‍රතිචාර 2 කි:

Narada said...

ස්තුතියි! :)

Deeps said...

මම නම් නිතර පාවිච්චි කරන දෙයක්. Send it with Gmail, Add to google Reader, google bookmark, share with face book, stmble upon තම මම වැඩිපුරම පාවිච්චි කරන්නේ. Fire Fox වලදි නම් අපිට ඔනේ වෙබ් අඩවිවලට Bookmarklets හදාගන්න පුලුවන්. හිතන්න අපිට www.facebook.com අඩවියට bookmarklet එකක් හදන්න ඔනේ කියලා. කරන්න තියෙන්නේ මෙච්චරයි. www.facebook.com යන්න. ඊට පස්සේ එක facebook tab උඩ click කරලා address bar එකට පල්ලයාහින් තියන බාර් එකට (එකේ නම දන්නේ නෑ. අර most visited, Latest headlines කියන book marlekts තියෙන්නේ, අන්න ඒ බාර් එකට )ඩ්‍රැග් කරන්න. ඔන්න දැන් ඔයාලටත් පුලුවන් හදන්න bookmarklets

අදහස් ලියලම යන්න