Tuesday, November 24, 2009

යූ නළයට වීඩියෝ ටයිම්ලයින් එකක්

යූ නළයෙ වීඩියෝ එකක් බලද්දි එන ලොකු ප්‍රශ්නයක් තමයි වීඩියෝ එක බලන්න කලින්. ඇත්තටම වීඩියෝ එකේ තියෙන්නෙ අපිට ඕන දේද කියල බලා ගන්න බැරි කම. ඒක බාගන්නව නම් ඊට කලින් ටික දුරක් ප්ලේ කරල බලන්නම වෙනව. අනික අතර මගදි පොඩිහිටියන්ට නුසුදුසු දේවල් තියෙද කියල දන්නෙ නැහැනෙ. අනිත් එක තමයි අපි වගේ ලිමිටඩ් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන අය වීඩියෝ open කරන්නෙ හරිම පරෙස්සමෙන්. Open කරන්න යන වීඩියෝ එක හරියටම මොකක්ද දන්නෙ නැත්තං open කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නත් වෙනව. :)

මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න දැන් Firefox addon එකක් සමත්වෙලා තියෙනවා. නමින් VideoSurf. මෙතනින් බාගන්න පුළුවන්.

දාගත්තට පස්සෙ යූනලයෙදි විතරක් නෙවෙයි, ගූගල් සෙවුමෙදි වගේම ට්විටරයෙදි පවා වීඩියෝවල preview එක timeline එකක් විදියට පෙන්නනවා. මෙන්න මේක දැම්මට පස්සෙ යූනලයෙ තිර සටහනක්:



ඒ විතරක් නෙවෙයි වීඩියෝ එකක් බලන කොටත් ඊට යටින් පෙන්නන timeline එකෙන් වීඩියෝ එකේ ඒ ඒ තැන්වලට ලේසියෙන් පනින්න පුළුවන්. Addon preferences වලින් අනවශ්‍ය අඩවිවල Videosurf අබල කිරීම, පොඩිහිටියන්ට තහනම් විදියේ වීඩියෝ සැඟවීම වගේ දේවල් කරන්නත් පුළුවන්.

මෙම ලිපියට ප්‍රතිචාර 5 කි:

Anonymous said...

මමත් මේ වගේ එකක් හොය හොයාමයි හිටියේ තැන්කූ වේවා කිව්වාට :)

Kanishka said...

මේක නම් ගොඩක් වටිනව.. මාත් වීඩියෝ ගොඩක් බලන්නෙ නෑ ලිමිටඩ් කනෙක්ෂන් එකක් නිසා..

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

තොරතුරට ස්තූතියි මිත්‍රයා.හුඟ දවසකින් මේ පැත්තේ එන්න බැරිවුනා මිත්‍රයා.අපේ කැම්පස් එක වහලනේ.මේ ලියන්නේ ගෙදර තියෙන dialup connection එකෙන්.

Anonymous said...

මේක නම් ගොඩක් වටිනවා ! නියමයි!!!

Unknown said...

වටිනවා...මෙ වගෙ එව තව...ඔනි

අදහස් ලියලම යන්න