Wednesday, April 28, 2010

මගේ මුල්ම කවිය


බ්ලොග්වල ලියන කවි ගැන කතාබහ
යනවා මේ දවස්වල සංසදේ ගොඩක්
ඉතින් හිතුණා මටත් ලියන්නට
හොඳ කවියක්

කවි දාලා ගහනවාලු පොතක්
ඒ පොතට දාගන්නට ඕනැ කවියක්
ඒකට කවි ලියල ප්‍රැක්ටිස්
වෙන්න ඕන

මේ අන්තිමට ලියපු පද හතර නම්
හරියට රයිම් වෙන්නෙ නැහැ නේද
ගණන් ගන්නෙපා මුලදි කවුරුත්
ඔහොම තමයි

ලියන්ඩෝනැ අද ඉඳල කවි
කියවන්ඩෝනැ අනිත් අය ලියන කවිත්
දාගන්ඩෝනැ කවි ගැන කුප්පියකුත්
අද හෙටම

මේ රූපෙ ඉන්නෙ මං නෙවෙයි
ඒ ඉන්නෙ මොනවද ලියන වඳුරෙක්
හැබැයි අපි පැවත එන්නෙත් ඉතිං
වඳුරන්ගෙන්

මේ කවියෙ දොස් පරොස් ඇති
පද අරුත් වියරණ වැරදි ඇති
ඒ වගේ මොනව හරි දැක්කා නම්
සොරි වෙන්ඩෝෙන

එහෙනං අදට ලිව්ව ඇති
කවි වුණත් ඕනවට වඩා ඕනම නෑ
ආයෙත් හෙට විතර ලියනව තව
කවියක්

මෙම ලිපියට ප්‍රතිචාර 25 කි:

Anonymous said...

මචං කවි ලියනව කියන්නෙ සාමාන්‍යයෙන් ලියන වාක්‍ය පේලි 4කට කඩලා ලියන එක නෙමෙයි :P

Harshani said...

ශා.. මාරයිනේ..ඔයට ලොකු හැකියාවක් තියෙනව..දිගටම ලියන්න..මට හිනා වෙලා පණ ගියා :)

budhajeewa said...

අපි පහුගිය දවස් වල The Club එකේ ටුවිට් කළ සිද්ධි ටික හෙමි හෙමීට කවි කළා නං ගොඩම තමා!

Supun Sudaraka said...

හහා... මේක පට්ට. :D

වැප් said...

මුල්ම කවිය කවියක් හෝ වැකියක් වේවා
ලිව්ව කවිය පදයක් හෝ පද 4 ක් වේවා
උබේ කවිය මුල් පිටුවෙම පල වේවා
මෙතැන් පටන් කවි ලියන්ට හැකි වේවා

Thameera said...

@chathuraw: උඹට කවි රස විඳින්න තරම් රසඥතාවක් නෑ වගේ :P

@Anuradha: ඔව්, මටත් මගක් ලියද්දි හැකියාවක් තියෙනව කියල තේරුණා

@budhajeewa: ඔව් නේද, ටුවිට් කවි නැගල යාවි

@Supun Sudaraka: එලම තමයි, තාම මේ පුරුදු වෙනව

@වැප්: මචං උඹටත් මට වගේම හැකියාවක් තියෙනව වගේ. :)

Raven said...

ලියමු ලියමු දිගටම. එතකොට රවුම් වෙලා රයිම් වෙලා ෂයින් වෙලා එයි.
ජයවේවා!

Thameera said...

@Raven: ඔව් ඔව් දිගටම ලියනකොට තව හරියයි. තැන්කූ!

තිස්ස දොඩන්ගොඩ said...

අම්මප මූට පුලුවන් කෙලියකුත් නැතී..
හැරිලා බැලුවහම නොදන්න දෙයක් නැතී...
තදවෙල පිස්සු, මදිවද, ගෙන ආපු පෙතී...
කිව් මලහත්තිලව්වක් තේරුනේ නැතී..

Thameera said...

@තිස්ස දොඩන්ගොඩ:
ගණන් ගන්නෙපා හැමදාටම පෙත්ත
බොනවා තිස්ස අයියෙ ඒක නං සත්ත
රයිම් කරන එක කවිවල අග පැත්ත
තාම මට නං හරියට කරගන්න අමාරුයි

ස්වප්නා said...

අනේ මන්ද මේ තීරයෙ කවි අමුතුයි
පේලි වලට කඩලා ඇති කතා වගෙයි
නිසදැස්, සදැස් මේ ඔක්කොම කැලේ වගෙයි
මාව නිකං කරකැවිලා ගියා වගෙයි

Thameera said...

@ස්වප්නා:
කරකැවිලා යන්නයි මේ කවි ලිව්වේ
නිසදැස් සදැස් ගැන නැහැ කිසිවක් හෙව්වේ
ස්වප්නට ඔන්න මම දැන් තැන්කූ කිව්වේ
තාමත් හැබැයි අන්තිම පේළිය රයිම් වෙන්නෙ නෑ

පබලු said...

එහෙනම් තමීරත් දැන් කවියෙක්
සුභපැතුම් මගෙනුත්....

තිස්ස දොඩන්ගොඩ said...

අපිව කඩේ යවන එකනං කැචයි සහෝ....

Thameera said...

@පබලු: තැන්කූ තැන්කූ. පබලුත් කවිකාරියක් නේද? වෙලාවක දාගන්න ඕන කුප්පියක් :)

@තිස්ස දොඩන්ගොඩ: කවුද කඩේ යැව්වෙ? තාම පටන්ගත්ත විතරයි. හොඳ හොඳ කවි එලිවෙන ජාමෙට :)

Kasun Nadeeshana said...

මාර කවියෙක් නේ :D මට සාගර පලන්සූරිව මතක් උනා :D

CD Athuraliya said...

භාෂාව වෙනස් වුවත් මුනිදාස කුමාරතුංගයන්ගේ කවි ශෛලිය සිහිවුනා.

Thameera said...

@Kasun Nadeeshana: කේයස්ගෙ ආභාෂය මේ කවිවල ඇති :)

@CD Athuraliya: එහෙනං කොච්චර දෙයක්ද! :)

Naya said...

ආරම්භය හොඳයි..දිගටම ලියමු..!

Thameera said...

@Naya: එල, අනිවා දිගටම ලියනවා! :)

Narada said...

පුතේ, ගෙදර පෙති ඉවර වෙලා වගේ! එවන්නද ආපහු පෙට්ටියක්? ;-)

Unknown said...

කොමෙන්ට්ස් කියවලා කියන්න හිටපු දේත් අමතක උනා. ඊලඟ එකට කලින්ම දාන්නම්.

Thameera said...

@~බිன்ku~: එවන්ට එවන්ට. අර අර පෙති එවන්න. දන්නවනෙ ඉතින්?

@DJ Slash (ස්ලෑෂ්): එල එල. තැන්කූ කොමෙන්ටුවට!

Anonymous said...

පලවෙනි රචනාව
සහ
දෙවනි කවිය යැයි සිතා
තෙවනි කවියට යනවිට
තවත් රසවනු ඇතිය
නිසැකව :D
මේ මල්ලී
තාම නිදිමතේ නේද ඔයා මේක ලිව්වේ..
දිගටම ලියන්න එතකොට ලියන්න පුලුවන්

Thameera said...

@nimanthi:
අනේ මන්ද මැරතන් එකෙන් පස්සෙ
පොඩ්ඩක් අවුල් වගේ ලියවෙන කවිත්
තාමත් ලියන්න ක්‍රමයක් හොයනව හොඳ
කවියක්

අදහස් ලියලම යන්න