Thursday, April 29, 2010

ඔන්න දෙවෙනි කවියත් ලිව්වා

ගත්තා පටන් ලියුමට පොඩි සරල කවී
දැන් නම් එකින් එක ලියවෙයි වැරදි වෙවී
වැරදුණෙ කවිය පහුගිය බොරුවටම නෙවී
කන්නට හිතයි මට හොඳ රතු ඉදුණු ලොවී

ලොවි කියලා දැම්මෙ එන්නයි රයිම් එක
චින්තිත් දානවනෙ ඔය වගෙ වචනෙ දෙක
රයිම් කරන්නට දත යුතු වචන නෙක
ඉගෙන ගන්න ඕන වචන එකින් එක

මේ දිනවල කොළඹට හරියට වැස්ස
කුඩයක් අරන් නොගියොත් වෙන්නේ කොස්ස
මං ඉන්නා ගෙදර වහලේ පිටිපස්ස
එක දෙක තුන හතර පහ එකසිය විස්ස

එනවා නිතර කවි සිතුවිලි දෝරෙ ගලා
මට දැනෙනවා යයි මගෙ හිත දිගට ගලා
ලියපන් කොල්ලො ලියපන් උඹ හොඳට කළා
කියලා කොමෙන්ට් එන තුරු මම ඉන්නෙ බලා

මෙම ලිපියට ප්‍රතිචාර 26 කි:

Jay said...

මේක නම් නියමයි..
:)

වැප් said...

කමෙන්ට් වැටෙන තුරු බලා ඉන්ට එපා
ඔබේ කවි සිතුවිලි මග හැර යන්ට එපා
එන හැම හැල්ලම මේකේ ලියන්ට එපා
ඊලඟ කවි පෙළට එක දෙක තුන එපා

ත‍රිඳු said...

රයිම් කරන්නට දැම්මත් ඉදුන ලොවී
රස ගුණ වෙනස් වෙනවා ඉන් උඹේ කවී
ගලනා විටදි කවි සිතුවිලි මැවී මැවී
ලියපන් මලේ ලියපන් උඹ නතර නොවී

Thameera said...

@Ansh Lucky Sri Jay: එල, තැන්කූ!

@වැප්:
තාම ඉතින් පොඩි පොඩි අතපසු වෙනවා
ටික ටික ලියන කොට ඒවා හරි යනවා
හෑලි ඉතින් මොනව නැතත් කියවෙනවා
මේ දුන් සප් එකට නම් තැන්කූ වෙනවා

@තරිඳු:
රයිම් කරන්නට දැම්මේ ඉදුණු ලොවී
හිතට නා නිසයි වදනක් වගේ "වෙවී"
අමතක වුණා තිබෙනා බව වචනෙ "මැවී"
තැන්කූ තරිඳු ලියනවමයි දිගට කවී

freedom said...

අද කවි කුස්සියේ- සාලයෙ නිසඳැස්ය
හද වත නිහඬවම වැළපී සරතැස්ය
පද බැඳි කුළුඳුලෙන් සොහොයුර, සුවහස්ය
දද ජය නඟනු ඇත මෙලොවේ නොවලස්ය

Thameera said...

@freedom:
කුස්සියෙ ඉඳ වුවත් කවිමයි ලියන්නේ
නිසදැස් නැහැනෙ කිසි ගතියක් ගෙනෙන්නේ
දැන් ඔය සරතැසින් නිදහස් වෙයන්නේ
freedomටත් ඉතින් තැන්කූ කියන්නේ

SIDATH said...

අනේ මන්ද, මම කවියකින් කමෙන්ට් එකක් දාන්න හැදුවට පද ගැලපෙන්නෙම නෑ අප්පා.

අන්න... තමීර කවි කියනව කියලා යුක්‍රේන පාර්ලිමේන්තුවේ ගහගෙන :P

චේජනා said...

මැරතන් එකට මුලු රෑ නිදිවරපු වෙලේ
මොන වරදක් වුනාදෝ මේ කොලුගෙ මොලේ
කවි යයි සිතා පද අමුනන පුංචි මලේ
තව කවි ලියාපන් 'නොකවි' ද සිතට ලොලේ

Thameera said...

@තර්ඩ් මෑන්: සිරාවට? නෑ! තව මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ!

@‍චේජනා:
මැරතන් එකට මුළු රෑ නිදිවරපු වෙලේ
ගැහුවා ‍කවුද පොල්ලක් ගෙන උඩට මොළේ
දැන් නං කවිය දෙක ලියවෙයි මෙන්න බොලේ
තැන්කූ අක්කෙ ලියනව දිගට කවි කොලේ

Supun Sudaraka said...

මේකත් පට්ට! :D

පබලු said...

කවි ලියනවා ලියනවා නොනැවතීම
ඔහොම යන්න ඔහොම යන්න මල්ලි තමීර

Kasun Nadeeshana said...

සරල කවී පටන් ගත්තා ලියුමට පොඩි
වැරදි වෙවී ලියවෙයි දැන් නම් එකින් එක
බොරුවටම නෙවී වැරදුණෙ කවිය පහුගිය
රතු ඉදුණු ලොවී කන්නට හිතයි මට හොඳ

Thameera said...

@Supun Sudaraka: එලම තමයි!

@පබලු: තැන්කූ, අර කුප්පිය වෙලාවක ඕන

@Kasun Nadeeshana: ෂහ්, මේ ටීකාවක්ද කොහෙද ලියල තියෙන්නෙ, පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා, ඔහොම යනකොට හදාගන්න පුළුවන් වෙයි

ජීවිතේ මල් said...

යක්සයෝ...මේ තියෙන්නේ ලස්සන කවි.. තමීර ලියන්න තව ලියන්න... හැකියාව සැඟවිලා තිබිලා. එලියට අරං polish කරලා ගන්න ... ජය වේවා!!!

Thameera said...

@ජීවිතේමල්: බෝම ස්තුතියි, ජය වේවා!

ස්වප්නා said...

හී හී. මට හිනාව නතර කර ගන්න බැරි උනා. ඔය තියෙන්නෙ නියම කවි. හී හී

Naya said...

ශා...ඔය තියෙන්නේ...දවසක දියුණුව නියමයි..!!

Thameera said...

@ස්වප්නා: හිනාගියෙ සතුටට නේද? තැන්කූ!

@Naya: එල, ඔව් දවසෙන් රයිමිං ගොඩ දැම්මා :D

Anonymous said...

රයිම් ඕනේ නැහැ හැම තැනටම මල්ලී
පොඩි නොකරමුද මින් පස්සේ ඔවැනි ලොවී
කොළඹට වැස්ස වැටෙනා අතරේ සෙල්ලී
කවි ඕනෑ තරම් ලියවෙනු ඇත පසුවී

එතකන් ලියමු මේ විදියට මෙහෙම හොඳයි
නොලියා ඉන්න ගියොතින් වෙන්නේ අවැඩයි
එබැවින් කොහොම හරි අමුනා පද පේලි
මෙහි රඳවන්න කියවන්නත් අය බොහොමයි

Thameera said...

@nimanthi:
අකුරෙන් අකුර අමුණන මේ පද පේළී
තාමත් වගෙයි පොඩි එකෙකුගෙ කවි කෑලී
අව් රැස නිසාවෙන් කවි පද ගිය වේලී
අක්කගෙ කොමෙන්ට් දැක නංවයි ජය කේළී

Thanoja Rajapaksha said...

“ලොවි කියලා දැම්මෙ එන්නයි රයිම් එක
චින්තිත් දානවනෙ ඔය වගෙ වචනෙ දෙක
රයිම් කරන්නට දත යුතු වචන නෙක
ඉගෙන ගන්න ඕන වචන(ඕනෑ මම) එකින් එක“

කවි පන්තියේ දෙකවෙනි කව අගට නුඹ
මේ ලෙස දැම්මොතින් නරකද පුතේ නුඹ
ලොවි හෝ උගුරැස්ස දැම්මත් රසට නුඹ
රයිම් කොමෙන්ට් නොම දාපන් පුතේ නුඹ

Thameera said...

@තනෝජා රාජපක්ෂ:
ඇත්තයි තනෝජා අක්කේ ඔබෙ කීම
දැන් නෙව දැක්කෙ ඒ පදයේ වැරදීම
රාජපක්ෂ කෙනෙකුන් කිවම එහෙම
කොහොමත් ඉතින් "ඔව්" නොකියා වෙන කෝම?

Udara || උදාර ධර්මසේන said...

පට්ටයි යකෝ පට්ටයි මේ තොගේ කවී
දැක්කම අපිට ජෙලසක් ඇති වේය නිති
මමත් ලියන්නෙමි කවියක් දෙකක් ගතී
අනිවා ඩෙෆා දෙනවා තොට ගේම හැපී

ලස්සනයි බං.. :)

Thameera said...

@Udara || උදාර මදුෂංක:
දැන් නෙව උදාරයො දැක්කේ කොමෙන්ට් එක
තැන්කූ කිව්ව දුන්නට හොඳට සප් එක
ලියපං මචෝ ලියපං කවි එකින් එක
ගේමට ලියමු කවුරුන් පැරදුණත් මොක!
:D

චමිත් ජයවීර said...

නිදිබර ගතිය ඇති මුත් මගෙ දෙනෙත් වල
කැරකෙන නමුදු මා වට කොට මදුරු කැල
කියවන කලට ඔබෙ රසබර වදන් වැල
කොහොම හොයන්න ද නිදි රස යහන් වල

Thameera said...

@Chamith:
ඔව් ඔව් කවි රසයි නිදිමත නැතිවෙනවා
මේ වගෙ රස ගෙනේවිද තව වෙන මොනවා
මේ වගෙ කොමෙන්ට් දැක්කම කවි කියවෙනවා
තැන්කූ සප් එකට උඹටද පින් දෙනවා

අදහස් ලියලම යන්න