Saturday, May 15, 2010

බ්ලොග් නොකියවීම

බ්ලොග් කියවීමේ පුරුද්ද කාලයක සිට මගෙන් ගිලිහී ගොස් ඇත. කාර්යබහුල බව මෙයට දිය හැකි හොඳම නිදහසට කරුණක් බව දනිමි. නමුත් එවැන්නක් දීමෙන් මුලාවන්නේ මම ම බව ද දනිමි.

මම බ්ලොග් කියවීම අඩු කළේ ඇයි? සතියේ දිනවල නම් දවල් කාලයේ ඔපීසිය තුළ කියවිය නොහැකිය. ගෙදර එනවිට රෑ 7.30 පමණ වෙයි. ඉන්පසු chess.com වලට ලොග් වන මම චෙස් ඇදීමත්, ටුවිට් කිරීමත් කරමි. යන්තම් නිදිමත හැදීගෙන එන විට කතා පොතකුත් ගෙන ඇඳට යමි. සති අන්තයේ වුවද වැඩි වෙනසක් නැත. බ්ලොග් එකක් කියවිය යුතු යැයි හැඟීමක් සිතට නො එයි.

හදිසියෙන් දවසක සින්ඩිකේටරය පැත්තට ද යමි. බ්ලොග් පෝස්ට් එකක් දෙකක් විවෘත කරමි. සමහර ඒවා දිගය. කියවන්නට කම්මැළිය. සමහර ඒවායේ ඇත්තේ මම අකමැති මාතෘකාවකි. ඒවා නොකියවමි. සමහර ඒවා මා වැනි 'උගත්' අයෙකුට නොසුදුසු යැයි සිතෙයි. ඒවා කියවීම මට 'නොතරම්' ය. සමහර ඒවා රූපයක්වත් නැති අකුරු ගොඩකි. (මගේ මේ සටහනත් එසේමය.) නොකියවමි. කලාතුරකින් පමණක් ලිපියක් කියවා කොමෙන්ටුවකුත් දමමි.

මගේ ක්‍රියාකලාපය ගැන මම කල්පනා කරමි.

මම වැරදිය. වැඩි දෙනෙකුට සාපේක්ෂව මම නූගත්ය. නිරපේක්ෂව ද මම නූගත්ය. කියවීමට 'නොතරම්' දෑ නැත. අපි කියවන හැම දෙයින්ම අපි ඉගෙන ගන්නෙමු. සෑම බ්ලොග් සටහනකම ඇත්තේ අළුත් අදහසකි. අප දන්නා දෙයක් වුවද තවත් අයකු වෙනස් ආරකින් දකින විදියකි. කියවන හැම වචනයකින්ම අපි අළුත් දෙයක් ඉගෙන ගන්නෙමු.

A bad workman quarrels with his tools යැයි කියමනක් ඇත. මගේ මේ සටහනම එම වැකියෙන් කියවෙන බව මම සිතමි. ඔබට එය එසේ නොවිය හැකිය. ඔබ සිතන්නේ මට වඩා අමුතු ආකාරයකටය. ලෝකයේ මිනිස්සු විවිධාකාර වෙයි.

අද සිට මම හැකි තරම් බ්ලොග් සටහන් කියවමි.

මෙම ලිපියට ප්‍රතිචාර 15 කි:

Ansh Lucky Sri Jay said...

එළ, එළ..
මමත් ඔහොම්ම තමයි කාලයක් හිතුවේ, නමුත් වෙනසකට එක්ක යාළුවන්ගේ අඩවි වල කරක් ගහන්න ඕනේ කියලා මට හිතෙනවා. නැත්නම් අපි නිකන් යන්තර වගේ වෙනවා. ඔය බර ප්‍රබුද්ධ ගණයේ ලිපි නම් මමත් කියවන්න අකමැතියි, මොකද නිකනුත් ඔලු රත් වෙලා තියෙන වෙලාවට මම නම් කැමති බොහොම සැහැල්ලුවෙන් විනෝද වෙන්න පුලුවන් දෙයක් කියවන්නයි.
:)

Kanishka | කණියා said...

ම‍ටත් ඔය ගැටලුවම තියේ.. ඉස්සර වගේ සිම්පල් උනා නං මෙහෙම වෙන්නෙ නෑ.. :(

වැප් said...

කිව්ව කතාව ඇත්ත ...........

වෙලාව කෙසේ වෙතත් දැන් ගොඩක් ලිපි ...... මට නම් තෙරෙන්නේ නැහැ ...... වැඩකට නැති එව්වා [මට නම් ].........

අනේ මන්දා මට නම් ..................

තිස්ස දොඩන්ගොඩ said...

මේක නිකං මුනිවරයෙක් ගේ ලිපියක් වාගේ...

ඔබට ඇත්තේ අමුතු පරිකල්පනයකි... මම එයට ප්‍රියකරමි... වැප් ගේ කථාවත් Ansh ගේ කථාවත් සහතික ඇත්ත... අතොරක් නැති කෙස් පැලෙන තර්ක බොහෝය.... කියවීමද එපා කරවයි... මෙබඳු කෙටි සටහන් පතුලටම කිමිද යයි....

ජූනි මස හමුවිය යුතුය... විවි ට එමි... එහේදීද හමුවිය හැක... අන් මගක් ඇත්නම් දන්වන්න... කෙසේ හෝ හමුවිය යුතුය... ධනිකද සමගින්...

හසිත ජයසූරිය said...

ලියල තියෙන්නෙ අමුතුම විදියකට.....අයියත් පුලුවන් විදියට ලියන ගමන් අනිත් බ්ලොගුත් කියවන්න.

නෙරංජි (නීනූ) said...

ඔය ගැටළුව මටත් තියෙනවා.මටත් ඔය වෙලාවට ත්මයි ගෙදර එන්න වෙන්නේ.. තෝරා ගත්ත බ්ලොග් අඩවි කීපයකට සතියකට වරක් ඇවිත් ගියාට මොකද කොමෙන්ටුවක් දමන්නවත් හම්බෙන්නේ නෑ.මට නම් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි.බ්ලොග් වල තියෙන බහුතරයක් තාක්ෂණික දේ නොතේරීම.ඔය කියවන ගමන් අපේ ඒවා පැත්තෙත් ඇවිත් යන්න.. ලියන්නෙත් කලාතුරකින්

හිඟන්නා said...

මමත් ඔහොම තමා !! මුලින් මුලින් මට අමතක වෙන වැඩ කෑලි මගේ බ්ලොග් එකේ ලියුවා , පස්සේ ශාකුන්තල අයියගේ බ්ලොග් එක දැකලා සිංහලෙන් ලියන්න පටන්ගත්තා , පස්සේ ටික ටික බ්ලොග් එකට කොමෙන්ට් වැටෙනකොට මම ඒවාට කොමෙන්ට් කරනවා මිසක් වෙන බ්ලොග් එකකට යැවෙන්නේ බොහෝම කළාතුරකින් , කවි නම් මට දිරවන්නේ නැති නිසා ඒවා අතහරිනවා , මම කැමති බ්ලොග් පොස්ට් දිග වුනොත් පස්සේ කියවන්න කියලා තියාගන්නවා විතරයි . ඒවා ඉතින් කියවෙන්නේ ඉතා කලාතුරකින් !! , පස්සේ මටත් තෙරුණා , අනික් අය මගේ බ්ලොග් එකේ කොමෙන්ට් කරන කොට ඒ අයගේ බ්ලොග් අඩුම ගණනේ කියවලා පොඩි කොමෙන්ට් එකක් නොදා කලේ කොච්චර වරදක්ද කියලා , දැන්නම් ඕං ටික ටික කොමෙන්ට් දාන්න පටන්ගත්තා පුලු පුලුවං විදිහට , ඒ වුනත් claz , අර වැඩ මේ වැඩ එකතුවෙලා තියන ටික කරන්න ගියහම මේවත් කියවන්න වේලාව හොයගන්න අමාරුයි (ගොඩක්ම මුණුපොතේ තමා , මල් කඩන්න , අනික මම ඔච්චර කාර්ය්‍යබහුල වෙන්න රස්සාවක්වත් කරනවයැ :P).

~බිன்ku~ said...

සිරාවටම!

අනේ මන්දා!! මෙතන කියන්න බැරි තරමේ වැරදිකාරි හැඟිමක් දැනෙනවා බන් මටත්!

Bunny ! said...

අපොයි ඔක්කොම බලාන ගියාම කම්මැලියෝ නෙ ඉන්න :D මටත් ඔය ලෙඩේ ඇත.. !! ක

budhajeewa said...

මම නං ඉතිං කියවන්නෙම නෑ කියන්න බෑ, ඒත් අඩුයි.

ගයාන් තාරක said...

උඹ හොදය. මං ගෙදර එනවිට රෑ 8.30ද පසුවේ. සමහර දිනවල 10.00ටද ආසන්නවෙයි. කියවීමට ඇති ආසාව නිසා යමිං ගමන් ජංගමයෙන්ද කියවමි. නමුදු ජංගමයෙන් කමෙන්ට දැමිය නොහැක. එවිටද බින්කුවා කියන්නා දේ මටද දැනේ. නමුදු කියවමි. ලිපින මතක තිබුනොත් පසුව හෝ කමෙන්ටයක් දමා එමි. බොහෝ විට එයද අමතකය. තවත් බර ලෝඩ් එකක් ගොඩගැසී ඇති බව රීඩරය පෙන්වයි. නමුදු සියල්ලේ මාතෘකා හෝ කියවීමට සිතේ.

නමුදු මම ලියමි, කියවමි. කියවා සම්පූර්ණ විමට උත්සහ කරමි.

කතන්දරකාරයා said...

කමක් නෑ, තමීර, ඉඩ තියෙන වෙලාවට කියවන්නකෝ.

මාත් උදේ 6:30am ඉඳලා 8:00pm වෙනකං ගමනේ සහ සේවයේ.

ජීවිතේ හැටි නේද?

කතන්දරකාරයා

තමීර | Thameera said...

@Ansh Lucky Sri Jay: ඔව්, සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් නම් වැඩිය හොඳයි. නිකම් මොකටද එක එක ඒව කියවලා ‍ඔළුව නරක් කරගන්නෙ.

@කණියා: ඔව් බිසී ලයිෆ් ස්ටයිල් එක තමයි මේකට හේතුව. :)

@වැප්: ඔව් තේරෙන්නෙ නැති ඒවා නම් ගොඩක් තියෙනවා. ඒත් ඉතින් ටික ටික කියවනකොට තේරිලා එයිනෙ. අනේ මන්දා :)

@තිස්ස දොඩන්ගොඩ: අනේ මන්දා, හිතට ආපු ටික ලියලා දැම්මා. කොහොම හරි හමුවෙමු. ඊමේල් එකක් එවන්නම්.

@හසිත ජයසූරිය: ඔව් ඔව්, පුළුපුළුවන් විදියට කියවන්න තමයි ඉන්නෙ.

@නෙරංජි (නීනූ): තේරෙන්නෙ නැති දේවලුත් පොඩ්ඩ පොඩ්ඩ කියවන කොට තේරිලා ඒවි. නෙරංජිගෙ බ්ලොග් එක පැත්තෙ නම් අපි කොහොමත් එනවනෙ :)

@හිඟන්නා: ඔය පස්සෙ කියවන්න ඉන්න එක නම් (Read it later) කෙරෙන්නේ නැහැ. පුළුවන් ඉක්මනින් කියවලා දාන්න ඕන. කාර්යබහුලයි කියන එක හැම කෙනාටම කියනවා. වෙලාව හරියට පාවිච්චි කරන එක තමයි තියෙන්නෙ

@~බිன்ku~: ඔව් බං, මටත් එන්නෙ වැරදිකාරී හැඟීමක්. කොහොම කොහොම හරි වැරැද්ද හදාගන්න එපායැ.

@Bunny !: කාටත් තියෙන ලෙඩක් වගේ තමයි මේක.

@budhajeewa: ඔව්, මලය නම් පුළුවන් තරම් කියවනවා කියල මම දන්නවා. මලය share කරන බ්ලොග් තමයි ඉතින් මාත් ගොඩක් වෙලාවට කියවන්නෙ.

@ගයාන් තාරක: "නමුදු මම ලියමි, කියවමි. කියවා සම්පූර්ණ විමට උත්සහ කරමි." මේක ආදර්ශ පාඨයක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්.

@කතන්දරකාරයා: ඔව් අප්පා, ජීවිතේ හැටි තමයි.

tbgayan said...

යලුවා සිංග්‍රීසි මෘදුකාංගය නම් නියමයි. ගොඩාක් ප්‍රයෝජනවත්.පොඩි ප්‍රශ්නයක් තියනව mangoබයන්න ටයිප් කරන්නෙ කොහොමද?

Thameera said...

@tbgayan: ස්තුතියි! ඹ යන්නට කැපිටල් M අකුර ටයිප් කරන්න.

අදහස් ලියලම යන්න