Friday, December 3, 2010

ගෝල් දේශයේ කතාවක්



ගෝල් දේශයේ තමීර නම් කොල්ලෙක් වාසය කළේය. මේ කොල්ලා හැඩකාරය. මොළකාරය. කටකාරය. හැබැයි ටිකක් ආඩම්බරකාරය. ඔහුට බ්ලොග් එකක් ද තිබුණේය. කාලයක් මේ කොල්ලා යස අගට මේ බ්ලොග් එක ලිය ලිය හිටියේය.

මෙහෙම යන විට ගෝල් දේශයට විශාල ඉඩෝරයක් ආවේය. මේ ඉඩෝරය තමීරට බොහොම දරුණුවට බලපෑවේය. බ්ලොග් ලිවීම ද එහෙම්ම නැවතී ගියේය.

මෙහෙම කාලයක් ගතවුණේය. දවසක් පාර අයිනේ කජ්ජකට කුරුමාණම් අල්ලමින් හිටි තමීරට බ්ලොග්කරුවන්ගේ සංසදයේ හමුවීමක් ගැන ආරංචියක් කන වැකුණේය. එක පාරටම තමීරට 'හුටා'යි කියවුණේය. ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්නට ඔහුට ඕනෑ වුණේය.
මෙහෙම හිතා කඩදාසියක පොඩි බ්ලොග් පෝස්ට් එකක් ද ලියා සංසදයෙන් විසික් වී තිබුණු බ්ලොගය නැවත දාන්ටැයි ඉල්ලීමක් ද කර හමුවීමට යන්නට ලක ලැහැස්ති වුණේය.

මෙම ලිපියට ප්‍රතිචාර 26 කි:

Jay said...

මෙහෙමවත් මේක මතක් වුණ එක මදැයි..! :D

Unknown said...

අම්මෝ... කාලෙකට පස්සෙ මතක් වුණාද? ඇති යන්තම්..

Gayan Tharaka said...

හික් හික්. මට තාම මතකයි අහපු හැටි..
ගියපාර මතකනේ වෙච්චි දේවල්. වරකෝ

Anonymous said...

සම්මානයක්වත් ගන්නද?

Anonymous said...

උඹව ආපහු ගන්නෙ නෑ මෙහෙම පෝස්ට් එකක් ලියපු පලියට :P

Anu said...

මැජික් අරිෂ්ෙටත් අරං වෙරං

Anonymous said...

හික් :P

Piyaka said...

සී.......සර් ඔන්න අපි ආ........වා

Thameera said...

@Ansh, @Gamlath:
කෝම හරි මතක් වුණ එකම මදෑ :)

@ගයාන් තාරක:
මොකක්ද ගිය පාර වුණේ? :O බයේ බෑ දැන් නං

@madhaw4:
සම්මාන? කවද ගත්ත සම්මානද?

@chathuraw:
උඹ දන්න මගුලක් නෑ බං

@Anu:
අනිවා ගේනවා xD

@හපාගේ කතා:
පප්පල ටිකත් එක්ක හැරෙන්න අමාරුවෙයි

දුකා said...

කොල්ලෝ අර මැජික් අරිෂ්ටෙන් බින්දුවක් දිවේ අහ් නෑ අතේ ගාගත්තා නම් මාසෙකට අඩු තරමේ බ්ලොග් පෝස්ට් හතරක් වත් ලියන්ට ඇහැක් වෙනවා . . අත්දුටුයි . . හික්ස්

Thameera said...

@දුකා: අරිෂ්ටෙන් වැඩ ගන්න තමයි දුකා අයියෙ ඉන්නෙ දැන්, නැත්තං කරන්න බෑ මේක xD

budhajeewa said...

ගෝල් දේසෙ කීවට ගෝල් දේසෙම නෙවේ.. ඊට පොඩ්ඩක් මෙහා, නෙවද?

මැජික් අරිස්ටෙ නං ඉතිං මාරයියගෙං ඉල්ලගත්තෑකි. බට් ඉතිං අරිස්ටෙ වැඩි වෙලත් බෑ! ;)

Praසන්ன said...

මාරයාගෙ මැජික් අරිෂ්ටෙ බිව්වොත් කොහෙන් නවතීද කියන්න බෑ කොල්ලො.

නෙරංජි සුලක්ඛනා said...

ආ.... තමීර අයියෙ...එන්නද හදන්නෙ ....බ්ලොග් උත්සවේට... ඒවා කොහෙද? දානවා කොටුවේ ඉඳන් ලොකූ බැරියර් එකක්... මට මැරතන් එකේදී කරපු අපහාසෙට....දැන් මට පාරෙ බැහැලා යන්න බැහැ....කට්ටියම අහනවා මොකද මේ ගොං පෝස්ට් ලියනවයි කියලා ලෝකයා කියන්නෙ කියලා.....බලාගමු.... එන්නකො එදාට......

Neranji-

Thameera said...

@budhajeewa: ඔව් පොඩ්ඩක් එහයින් තමයි. අරිස්ටෙ ගැන මගෙත් විස්වාසයක් නෑ, ඕව තාවකාලික දේවල්.

@Praසන්ன: නොබොන්න තමයි හිතාන ඉන්නෙ, අරිස්ටෙ බීල හරි ගියපු මිනිස්සු අඩුයි.

@නීනු සත්‍යංගා: හෆොයි මළ කෙළියයි, නීනුත් එනවද ඒකට. දැන් නං ඉතින් මං එන නොඑන එක 50-50 වගේ තමයි. ආවත් මගේ අයන් මෑන් කිට් එක ඇඳන් තමයි එන්නෙ.

Anonymous said...

හැහ්! උඹ කවුද බං?
උඹ කලින් බ්ලොග් ලිව්වද ඇහ්?
මම නං අඳුරන්නෙ නෑ උඹව!

නෙරංජි සුලක්ඛනා said...

ගෙන්නලා ගස්සන්නේ....මම සැරයිනේ....මම මේ දවස් වල කාලා ෆිට් ගන්නවා කට්ටියගෙන් ගුටි කන්න.... ඔයාත් එහෙම කරන්න.

Neranji

Thameera said...

@Pravin: කොහෙ අඳුරන්නද මං මේ දැන් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ.

@නීනු: මලලසේකරයි. හරි අපිටත් කස්ටිය ඉන්නවනෙ ඉතිං. බලාගම්මු.

නෙරංජි සුලක්ඛනා said...

http://neranji-sulakkana.blogspot.com/2010/12/blog.html

ඔයාගෙ කෙරුවාව මම මෙකේ ලිව්වා... දැන් ඉතින් ලෝකයා දැන ගනීවි...ඔයාගේ තරම.....මම ගීතා අක්කටත් කිව්වා..

Kanishka said...

අඩේ.. මේ බ්ලොග් එක දැකලා පුරුදුයි බං :D

Thameera said...

@නීනු: අපි බයවෙයි ඕවට. ඔන්න මම කොමෙන්ට් කරා. බලාගමු.

@කණියා: දැකල පුරුදුයි? සිරාවට? වෙන්න බෑ!

නෙරංජි සුලක්ඛනා said...

අන්න තමීරයියා දැන් කස්ටිය මට ශක්තියක් වීගෙන වීගෙන යන්නෙ.....ඔයට ලේසි වෙන්නෙ නැහැ.....ගංගාරාමේ ළඟ ඉඳන් හෙල්මට් එකක් දාගෙන එන්න වෙන්නෙ

Thameera said...

@නීනු: එව්ව බලාගමුකො, කතාව නම් තියෙනවා ලෝකෙම පාගන්න පුළුවන් ගාණට.

Thilina said...

සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වෙලා වගේ. හොදා හොදා. :P

Madhawa Habarakada said...

අප්පට සිරි. මූව මේ පැත්තෙ දැකපු කල්.
මූට දැන් හරියට වැඩනෙ.එදා මම කැම්පස් එකේදි කතා කරපු දවසෙත් පට්ටම බුසීනෙ. :D

Thameera said...

@Thilina: ඔව්, බුවා, වැරදිල මතක් වුණේ.

@Madhawa Habarakada: බිසීදත් අහනවා, මේ පෝස්ට් එක දාන්නත් බෝම අමාරුවෙන් වෙලාව හොයාගත්තෙ

අදහස් ලියලම යන්න