Friday, December 17, 2010

බ්ලොග්කරුවන්ගේ හමුව සහ තමීරගේ නොපැමිණීම



2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව දෙසැම්බර් 19 වැනිදා කොළඹ නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේදී පැවැත්වේ.

මේ හමුවට යෑම සඳහාම තමීර තම බ්ලොග් එක නැවත ලිවීම ආරම්භ කළ බව පසුගිය බ්ලොග් ලිපියක පළවුවත් එම හමුවට ඇත්තෙන්ම ඔහු සහභාගී නොවන බව නිල නොවන ආරංචි මාර්ගයෙන් දැනගැනීමට හැකි විය. මේ ගැන තමීරගෙන් කළ හේතු විමසීමකදී දැන ගැනීමට ලැබුණේ මේ තොරතුර සත්‍යයක් බවත් එදින ඔහු සහභාගී නොවන්නේ පෞද්ගලික හේතුවක් මත බවත් ය.

සිංහල බ්ලොග් ලොවම කම්පා කළ මේ තීරණය ගැන අපි රටේ නමක් දිනා ඇති බ්ලොග්කරුවන් කිහිපදෙනෙකුගෙන් කළ අදහස් විමසීමකදී ලැබුණේ මෙවැනි පිළිතුරු ය.

තාක්ෂණික බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: මම නම් එදාට එන්න හිටියෙම තමීර හම්බවෙන්නමයි, දැන් නං ඉතින් ඇවිල්ල තේරුමක් නෑ. කොහොමත් ඔය හමුවෙදි එක එක්කෙනාගෙ වල්පල් කතා ටිකක් අහං ඉඳල එන එක විතරනෙ කෙරෙන්නෙ.

සින්ඩියක් පවත්වාගෙන යන බ්ලොග්කරුවෙක්: මාත් ඕකට එන්නැතුව ඉන්න තමයි කල්පනා කළේ. බ්ලොග්කරුවන්ගෙ හමුවක් කියල අලි බොරුවක් ඔතන කරන්නෙ. තමීරටත් මේ ගැන තේරිලා තිබීම ගැන සතුටුවෙන්න ඕන.

නිතර කවි ලියන බ්ලොග්කරුවෙක්: මට නම් මේක එක සැරේට විශ්වාස කරන්නත් බැරි වුණා. තමීර එන්නෙ නෑ කියන්නෙ තව කී දෙනෙක් එන්නැතුව ඉඳීද දන්නෙ නෑ. මාත් හිතුණොත් යන්නෙ නෑ ඔය කෙහෙල්මලට.

තවත් තාක්ෂණික බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: ඕක එච්චර කලබල වෙන්න ඕන දෙයක් කියල මම නම් හිතන්නෙ නෑ. තමීරය කොහොමත් අමු පිස්සනෙ. අපි නම් හමුවට අනිවාර්යෙන් එනව.

විවිධ විකාර අදහස් ලියන බ්ලොග්කරුවෙක්: මං මේ කල්පනා කරේ අවුරුද්දකට සැරයක් තියෙන හමුවකට නොඑන්න තරම් තමීරට තියෙන පෞද්ගලික ප්‍රශ්නෙ මොකක්ද කියල. මෑන් යන කැම්පස් එකත් මේ දවස්වල වහලනෙ තියෙන්නෙ. බොරු කතාවක්ද දන්නෙත් නෑ.

බොහොම හැඟීම්බර බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: තමීර හොඳ වැදගත් දේම ලියන බ්ලොග්කරුවෙක්. මේ වගේ අයත් මේ හමුවට එන්නෙ නෑ කියන්නෙ හමුවෙ පරමාර්ථ ඉෂ්ඨ වෙන්නෙ නෑ කියන එකයි. හැබැයි එක්කෙනෙක් නොඑන නිසා හමුව අසාර්ථක වෙයි කියල කියන්න අමාරුයි. අපි මේක යථාර්ථවාදීව හිතල බලන්න ඕන ප්‍රශ්නයක්.

කවිත් ලියන, බ්ලොග් එකේ තීම් එකවත් හරියට හදාගන්න බැරිවුණු බ්ලොග්කාරියක්: අයියෝ තමීර එන්නැද්ද? මං හිටියෙ එදාට හොඳවයින් දෙකක් කතා කරන්න. මැරතන් එකේදිත් මට එකේක පද හැදුව. අපරාදෙ.

ලිනක්ස් සහ ෆොස් ගැන පමණක් කතා කරන බ්ලොග්කරුවෙක්: මම නම් කොහොමත් ඔය හමුවට විරුද්ධයි. මයික්‍රොසොෆ්ට් එකෙන්නෙ අනුග්‍රහය දෙන්නෙ. අපි එයි ඕවට. තමීරත් නොඑන එකමයි හොඳ.

තාක්ෂණය ගැන ඇති දැනුමක් නැතත් තාක්ෂණික බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: කවුද තමීර කියන්නෙ?

මේ කුමන අදහස් මතු වුවත් මෙවර සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව තමීර නැතැයි කියා ගැටලුවක් නොවී සාර්ථකව පැවැත්වෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මෙම ලිපියට ප්‍රතිචාර 26 කි:

Malinthe Samarakoon said...

හැක් හැක් හැක් :P

budhajeewa said...

:P

Anonymous said...

පට්ටයි. මේ සිරාවටම එන්නෙ නැද්ද?

Unknown said...
This comment has been removed by the author.
Madhawa Habarakada said...

තවත් බ්ලොග් කරුවෙක්.
ඕක එන්නෙ නෑ කියන එක ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ. ඇයි ඉතින් ඕකට ලෝකෙ නැති වැඩනෙ තියෙන්නෙ.
පුදුම බිසී ඩයල් එකක්.

නෙරංජි සුලක්ඛනා said...

අයියෝ තමීර අයියා ..ඔබ එන්නෙ නැද්ද?..කිමද අයියා මේ සෝකේ?..කවුද ඔබාට මේ හොඳ දෙකක් කියනවා කී බ්ලොග් කාරි....මං ඇය ගැන බලාගන්නම්...ඔබ බිය නොවන්න අය්යා ...බ්ලොග් කාරියෝ ගණනාවක් ඔබේ නොපැමිණීම සැලවී පිස්සු හැදිලාලු අයියා....

කමක් නෑ...ඔබ නාවත් මට ඔබා ගැන තිබෙන බ්ලොග් මිත්‍රත්වය අංශු මාත්‍රාවක් වැඩි වෙන්නෙ නෑ අයියා...

GNS said...

හරි හරි.. පුද්ගලික හේතුවත් එක්කගෙන එදාට එන්න එතකොට ඉවරයිනෙ ප්‍රශ්නෙ.. ;-)

Janith said...

මට කියන්න තියෙන්නෙත් ගයන්ත කිව්ව ටිකම තමයි. හික් හික්. ;)

Gayan Tharaka said...

පවුල් පන්සල් උනාම ඉතිං හිතුන හිතුන විදියට යන්න එන්න බෑනෙව.. ලේසිම වැඩේ කැන්දගෙනම එන එක.

හික් හික්.

උඹ නැතිව කවුද මේ පාර මෙනු එක බලල ඕඩර් කරන්නේ...
ගයන්තයට නං දෙන්න බෑ.. ලොල්..

Anonymous said...

තමීර නැතුවට මොකද? අපි එනවනෙ. :P

Thameera said...

@thiraya: ගොඩක් දුරට එන එකක් නෑ

@Buddhima Gamlath: මොනවද මේ කියන්නෙ?

@Madhawa Habarakada: ඇත්ත කතාව, මාර බිසි ඩයල් එකක්

@නීනු: ඔබේ වචන කනට මී පැණි වක්කරනවා වගෙයි, නංගී :P

@ගයන්ත, @Chavie: එක්කගෙන එන්න පුළුවන් හේතුවක් තාම නැහැ

@ගයාන් තාරක: හප්පා, ගයන්තට නම් ඕඩර් කරන්න දෙන්න එපා, අර දීප්ස් වගේ අල්ල ගන්න xD

@himalkk: ඒකත් ඇත්ත :P

Anonymous said...

බලන් ගියාම මාර බිසී ඩයල් එකක්නෙ :D:D

Supun Sudaraka said...

හහා! පට්ට! :D

දුකා said...

අවුරුද්දටම එක පාරයිනේ තියෙන්නේ . . එහෙව් එකේ නොයන්නේ මොකෝ ලංකාවේ ඉඳලත් . .

Thameera said...

@Hasitha ජයසූරිය: බිසිදත් අහනවා

@දුකා: දුක තමයි, පුළුවන් නම් නෑවිල්ල අරින්නෙ නෑ :(

ස්වප්නා said...

අනේ මන්දා... දාහකින් හොයා ගන්න බැරි පිස්සා .. තමීර. අපරාදෙ හමුවට නොයන එක

තිලිණ said...

නිල ආරංචි මාර්ග වලින් අපට දැනගැනීමට ලැබුනේ තමිරයා යම් පුද්ගලයෙක්ගෙන් පහර කෑමට බියවී, වෙවුලා මෙම හමුවට නොපැමිණි වගයි

නෙරංජි සුලක්ඛනා said...

මම නම් හිතන්නෙ ....පුද්ගලියක්

Thameera said...

@ස්වප්නා: අපරාදෙ නේන්නං. ස්වප්න ගියාද?

@තිලිණ: දැන් රටේ හැමතැනම දූෂමාන ආරංචි

@නීනු: මොනව කියනවද මන්ද

Indranama said...

අඩේ උඹේ අලුත් රචනා ස්ටයිල් එක කොර බං!

Gayan Tharaka said...

තමීරයෝ දැන්ම පිටපත්ලිවීම ගනිං එය ස්ටයිල් එකට

Thameera said...

@Pravin: හික් :D

@ගයාන්: පිටපත් ලිවීම? :S

Gayan Tharaka said...

පිටපත්= copy
ලිවීම=write

:D

Thameera said...

ලොල්, ඔව් ඔව් වහාම ගන්න ඕන :D

ෆැන්ටසි said...

ලියන විදිය පට්ට අතල් ...එල කිරි අය්යේ

Kanishka said...

:D පට්ට

අදහස් ලියලම යන්න