Friday, May 29, 2009

Notepad++: all-in-one notepad එකක්


SendTo මෙනුවට Notepad එක දාගන්න හැටි අපි කලින් කතා කළා. ‍නමුත් Notepad එකෙන් සමහර ‍ෆයිල් විවෘත කළාට ඒවා අපිට ඕන විදියට පෙන්නන්නේ නැහැ. උදාහරණයක් විදියට NetBeans වලින් හදපු ජාවා ෆයිල් එකක් Notepad ‍එකෙන් බලනකොට පෙන්නන‍්නෙ ඔක්කොම එක ගොඩේ. මේ ප්‍රශ්නය ‍හැම වෙලේම වගේ එන්නෙ source code වලට. මේකට හොඳම විසඳුම තමයි Notepad++.


අර කලින් කිව්ව වගේ source code එකක් open කළාම NetBeans වලින් පෙන්නන විදියටම විවිධ පාටින් ඉන්ඩෙන්ට් එක්ක පෙන්නනවා. මේකෙ ඉඳගෙනම source code edit කරන්නත් පුළුවන්. විශේෂත්වය වෙන්නෙ ඕනම language එකක් එක්ක මේකට වැඩ කරන්න පුළුවන් එක. සාමාන්‍ය Notepad එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍ය Notepad එකක නැති පහසුකම් ගණනාවක් මේකෙ තියෙනවා. සෑම programmer කෙනෙකු ළඟම තිබිය යුතු වැඩසටහනක් කියල කියන්න පුළුවන්.

මේක විවෘත කේත මෘදුකාංගයක්. මෙතනින් බාගන්න පුළුවන්. SendTo මෙනුවට මේක දාගන්න ඕන කමක් නැහැ. මොකද ෆයිල් එකක් රයිට් ක්ලික් කළාම එන context මෙනුවට මේක ඉබේම එනවා.

මෙම ලිපියට ප්‍රතිචාර 6 කි:

Narada said...

මාක් ඉස්සර භාවිතා කරා මේක, දැන් නැති වුවත් ඉදිරියට ඕන වෙවි.

ස්තුතියි මතක් කරාට! :)

Word verification අයින් කරන්න හැකි නම්, එය සිංහලෙන් යතුරු කරන අපිට කරදරයක්.

Thameera said...

Word verification එකක් නැහැ නේද?

Narada said...

word verification still enabled! it's not working for you. try out in other browser or computer

ඉ-නැණ පියස said...

මාත් ඕක තමයි භාවිතා කරන්නේ...
එළ....

ශාකුන්තල | Shaakunthala said...

මම නං Gedit.

CJ said...

ලිනක්ස් වලදී gedit වලට වඩා දියුනු plain text editers තියනවා නේද නෝට් පෑඩ්++ වලට ලඟින්ම යන ඒවා.සමහර ඒවායේ ටර්මිනල් එක වෙනම ටැබ් එකක ඕපන් කරගන්නත් පුලුවන්.

කමෙන්ට්ස් වල වර්ඩ් වෙරිෆිකේශන් එක තියනවා නේන්නම්

අදහස් ලියලම යන්න