Monday, June 15, 2009

උබුන්ටු වලින් ඩොස් ගේම්!

ඊයෙ උබුන්ටු 9.04 සීඩී එකක් හම්බ වෙලා ඉන්ස්ටල් කරගත්තා. 8.04 එක්ක බැලුවම ලොකු වෙනසක් තියෙනවා. දැන් E220 වෑර්ලස් එක වැඩ කරන්න කලින් වගේ ගේමක් දෙන්න ඕන නැහැ. (8.10වලත් මේ පහසුකම තිබුණා කියලා ඇහුවා) දැන් නම් මාර ම ලේසියි.

ඉස්සර කාලෙ (වින්ඩෝස් 95 වගේ කාලෙ) ඩොස් ගේම් ගැහුව මතකද? Super Mario, Dave, Prince of Persia එහෙම. ඒ කාලෙ තිබුණ හොඳම ගේම් තමයි ඒව. ඒත් දැන් කවුරුවත් ඒව ගහන්නෙ නෑ. ඒකට එක හේතුවක් අළුතෙන් එන මෙහෙයුම් පද්ධති ඒවට සපෝට් නොකිරීම. අනිත් එක මෙච්චර හැඩ වැඩ ගේම් ඇවිල්ල තියෙන කොට අර කාටූන් වගේ ගේම් ගහන්නෙ කවුද?

හැබැයි සමහරු දන්නෙ නැතුව ඇති මේ පරණ ඩොස් ගේම් උබුන්ටු වලිනුත් ගහන්න පුළුවන් කියලා. උබුන්ටුවල කොහොමද .exe ෆයිල් වැඩ කරන්නේ? මේකට කරන්න තියෙන්නේ DosBox Emulator ඩවුන්ලෝඩ් කරගන්න එක. මෙන්න ලින්ක් එක. මේක හොයාගත්තෙ GetDeb.net සයිට් එකෙන්. මීට අමතරව ඩොස් ගේම් එකකුත් ඕන :-)

DosBox ඉන්ස්ටල් කරගත්තම ඒක Games මෙනුවට එනවා. ඒක විවෘත කළාම එන්නෙ කොන්සෝල් එකක්. දැන් අපේ ගේම්ස් තියෙන ෆෝල්ඩර් එක මවුන්ට් කර ගන්න ඕන. උදාහරණයක් විදියට ගේම්ස් තියෙන්නෙ home/(username)/games ඩිරෙක්ටරියෙ නම් මේ විදියට කමාන්ඩ් එක දෙන්න.

mount c ~/games



දැන් C: කියලා virtual drive එකක් හැදෙනවා. දැන් ඩොස් ක්‍රමේට C: මගින් drive ඇතුළට ගිහිල්ලා cd කමාන්ඩ් එකෙන් ගේම් එක තියෙන ඩිරෙක්ටරියට යන්න. ඊට පස්සෙ ගේම් එකේ නම ගහලා එන්ටර් කරන්න. (උදා dave.exe)

C:\> cd dave
C:\> dave



දැන් ඉතින් ගේම් එක ගහල ලොස් වෙන්න තමයි තියෙන්නෙ. මේව ගහනකොට පරණ කාලෙ මතක් වෙනවා. දැන් කාලෙ ගේම් හැටියට මේව මොනවද, නේද? ඒත් මේවයෙ අමුතු ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා.

මේ ඩොස් ගේම් බාගන්න ඕන නම් ගූගල් සර්ච් එකක් දාන්න. ඕන තරම් හොයා ගන්න පුළුවන්.
කාටත් ලේසි වෙන්න කියල ඔන්න මං ගාව තිබුණ ගේම් කීපයක් MediaFire එකට අප්ලෝඩ් කළා.
Dangerous Dave
Prince of Persia
Xatax

මෙම ලිපියට ප්‍රතිචාර 9 කි:

Chanaka Aruna Munasinghe said...

MAxa. I started to play Prince of Persia

G.K.D said...
This comment has been removed by the author.
Gayan Kalhara said...

abandonware.com එකෙන් පරණ ගේම් දාගන්ට පුලුවන්

මේ ඩේව් එක (ස්ක්‍රීන්ශොට් එකේ තියෙන) එක තමයි මම ජීවීතේ මුලින්ම ගහපු ගේම් එක. ඔකෙන් තමයි පරිගණකෙට අත තිබ්බෙ. :)

ඕල්ඩ් ඉස් ගොල්ඩ්.

මම සෑහෙන්න කාලෙකට කලින් ඩොස්බෝක්ස් දාගෙන පරණ ගේම ගහගහ හිටිය දැන් FPS ගේම් වල මීමුත්ත වගේ වෙන වුල්ෆ්3D එහෙම ගහල බලන්න. මාර ගතියක් තියෙනව.

දැන් කාලෙ වගේ නෙමෙයි ඉස්සර මේ ගේම් හදාපු අය අප්‍රමාණ කැපවීමකින්,අමාරුවකින් වගේම ඉථාම සූක්ශමව තමයි ඕව හැදුවෙ.. ඒ ගතිය ගේම් ගහනකොට විඳගන්න පුලුවන්...

Indranama said...

@ගයාන් කල්හාර,
"දැන් කාලෙ වගේ නෙමෙයි ඉස්සර මේ ගේම් හදාපු අය අප්‍රමාණ කැපවීමකින්,අමාරුවකින් වගේම ඉථාම සූක්ශමව තමයි ඕව හැදුවෙ"



දැන් ඒවත් එහෙමම නෑ කියන්න බෑ නේද මචං, අර Crysis වගේ ගේමක ග්‍රැපික් අඳින්න කොයි තරම් කැපවීමක් ඕනෙ වෙන්න ඇත්ද?

ශාකුන්තල | Shaakunthala said...

අපූරුයි. අත්හදා බලන්න වටිනවා.

Narada said...

Ahem Ahem! Thanks a lot!

Wanna Save my princess with mario and persia! :D

Thameera said...

@චානක කුමාරිව බේරගන්න මගෙන් සුභපැතුම්

@ගයාන් මම මුලින්ම ගැහුවෙ බයික් රේස් ගේම් එකක්. ඊට පස්සෙ ඩේව් තමයි ගැහුවෙ.

@ප්‍රවීන් ඔව්, දැන් කාලෙ ගේම් හදන්න ගන්නෙ පුදුම මහන්සියක්. ඒවට මුල පිරුණෙ මේ පරණ ගේම් වලින්නෙ

@ශාකුන්තල ස්තුතියි!

@බින්කු ගොඩක් මිනිස්සු ජීවිතේ නැති කරගෙන තියෙන්නෙ කුමාරිකාවො බේර ගන්න ගිහිල්ලා. :-D එළ එළ!

Anonymous said...

සිරා බ්ලොග. ඒ වගේම සිරා ආරම්භයක්... ඩොස් බොක්ස් එකයි වයින් එකයි මම බෑවෙ එකම දවසෙ... ඒක හින්ද මම ඩොස් බොක්ස් එක කොම්පයිල් කලේ නෑ...ඒත් දැන් වැඩේට බහින්න හිතයි....

Thameera said...

@Impeiris අවවාදයයි: ලොස්වන සුළුයි! :-)

අදහස් ලියලම යන්න