Thursday, June 25, 2009

සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකය


අපේ බෝඩිමේ ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල කී බෝඩ් එක හුරු නැතිකම. මේ අර්බුදයට විසඳුමක් දෙන්න කියල මාත් ලිව්ව පොඩි සොෆ්ට්වෙයා එකක්. නම සිංග්‍රීසි. නමෙන් කියවෙන විදියටම සිංග්‍රීසියෙන් ටයිප් කළාම සිංහලෙන් (යුනිකෝඩ්) වදිනව. උදාහරණයක් විදියට තමීරගෙ තීරය කියල ටයිප් කරන්න ඕන නම් thameerage theeraya කියල ගැහුවම හරි. යුනිකෝඩ් එසැනින් පරිවර්තකය වගේ. හැබැයි ඒකෙ නැති විශේෂාංග කීපයක් එකතු කරන්න උත්සාහ කරා. උදාහරණයක් විදියට අතරමගදි ඉංග්‍රීසියෙන් කොටන්න ඕන වුණොත් ඒක කරන්න පුළුවන් (රූපයේ ආකාරයට). ඒක සඳුන්ගෙ අදහසක්.

මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ (බීටා සංස්කරණය :-) ). මෙන්න බාගන්න ලින්ක් එක:
[සබැඳුම ඉවත් කරන ලදී. නව සංස්කරණය බාගැනීමට මෙතනට යන්න.]

හොඳද බලල වැරැද්දක් එහෙම අහුවුණොත් කියන්න අමතක කරන්න එපා. ඊමේල් ලිපිනය ඒකෙ තියෙනවා. මේක Visual C# 2008 වලින් ලිව්වෙ. ඒ හින්ද වැඩ කරන්න .Net Framework 3.5 ඕන වේවි.

ප.ලි. මෙම පෝස්ට් එක ලිවීමෙන් දින කිහිපයකට පසු මෙම ලිපියට ලැබුණු ප්‍රතිචාර අනුව සිංග්‍රීසි 1.2 නමින් මෙය වැඩිදියුණු කළෙමි. උපකාරක ගොනුවක් ද අමුණා ඇත. දැන් ඉහත සබැඳිය මගින් එය බාගත හැකිය. ප්‍රතිචාරවලට ස්තුතියි!

මෙම ලිපියට ප්‍රතිචාර 34 කි:

Narada said...

බොහෝම හොඳයි, මේනු එහෙමත් සිංහල කොරන ඒක අවුලක්ද?

තව කොපි පේසට් කරන බොත්තම් තිබ්බා නම්?

Undo හා Redo එහෙව් එව්වා අනිත් අයට ඕන වෙයි නම් දාන්නකෝ!

Narada said...

අනික ෆයිල් ඒක .RAR එකෙන් නැතිව .Zip එකෙන් දුන්නා නම් හොඳා!

Indranama said...

ෂහ් ! එල කොල්ලෙක්නේ ! එලකිරි වැඩක් මල්ලි !
ඔහොම යං ඔහොම යං....
තාම බීටා නෙව, තව දියුණු කරන්න.
අර බින්කු කිව්වා වගේ Copy බටන් එකක් තිබ්බොත් හොඳයි.

Chamara said...

එලකිරි මස්සිනා ඔහොම යං

muthunayake@gmail.com said...

එල වැඩක් මල්ලී අන්තර්ජලේ නැතිවෙලාවට ලියන්න. මිට කලින් මේ වගේ එකක් හමු උනා එකේ ටිකක් අවුල්. මේ අක්ශර සටහන help දැම්මනම් කොහොමද?

මහෞෂධ said...

එල කොල්ලෙක් නේ.. great work ...:)

Chrishi said...

ජය වේවා !! තව දියුනු කරන්න මගෙන් සුභ පැතුම් !!

ශාකුන්තල | Shaakunthala said...

නියමයි!

keheliya said...

තමීරගෙන් අපූරු වැඩක්. අතරමැදදි ඉංග්‍රිසියට මාරු වෙන්න පුලුවන් එක නම් හැබෑම පහසුවක්.ලිනක්ස් වලටත් ඔය අගනා අදහස සංක්‍රමණය කරගන්න ලැබුනොත් මරේ මරු.
ජය වේවා!

පොතේ ගුරා said...

නියම වැඩක්..ගොඩක් අයට ප‍්රයෝජනවත් වෙයි..ඔබතුමාගෙ ඊමේල් ලිපිනය දෙන්න පුලුවන්ද?දැනගන්න කාරණා දෙක තුනක් තියෙනව.. :)

(නැත්නම් baiskoop[at]gmail[dot]com වලට ඊමේල් එකක් එවනවද ත‍රහ නැතුව! :) )

Chamitha said...

අම්මට සිරි. පට්ට වැඩක්. ජය වේවා!!

Thameera said...

ප්‍රතිචාර දක්වපු කාටත් බොහොම ස්තුතියි! අද ටිකක් වැඩ වැඩි දවසක් නිසා මෙච්චර පරක්කු වුණෙ. අඩුපාඩු කීපයක් අහුවුනා. ණේ අකුර එහෙම වැඩ කරේ නැහැ. ඒ ටික හදලා ඔන්න ආයි අප්ලෝඩ් කරා. ඉතුරු හරිය පොඩ්ඩක් පස්සට.
http://www.mediafire.com/?doytglyw3tm

@බින්කු ඔන්න zip විදියට අප්ලෝඩ් කරා. අදහස්වලට ස්තුතියි. හෙට අනිද්දම ඒ ටික එකතු කරන්න බලාපොරොත්තුවෙනවා. අද හොඳටම බිසි! :-)

@ඉන්ද්‍රනාම @chamara jayakody @මහෞෂධ @Chrishi @ශාකුන්තල @Chamitha බොහොම ස්තුතියි.

@Muthunayake පොඩි Help ෆයිල් එකක් pdf එකක් විදියට අමුණලා ඇති

@Keheliya Gallaba එළ. ලිනක්ස්වලට ළඟදිම දෙන්න තමයි ඉන්නෙ. Mono වලින් පුළුවන් වෙයි නේද?

ඊමේල් එක thameera123@gmail.com
මේකෙ ගොඩක් අඩුපාඩු ඇති. ඒ වගේ වැරැද්දක් දැක්කොත් පෙන්නල දෙනව නම් බොහොම පින්.

Narada said...

එළ, මමත් ඔන්න බෑවෙන්න දැම්මා. මචෝ දියුණු කරද්දී වීසන් ඒක දාන්නකෝ version 1 beta 1....2.....3....වගේවත්. ඒක ලේසි පටලවා නොගෙන ඉන්න!

kdilhara said...

එලකිරි මචාන් .......මේක සිරා වැඩක්

Octa HeliX said...

බොහොම ස්තුතිය් සහොදරයා මේ Software එකට, මමත් සින්හල Type කරන්න දන්නෙ නෑ, ඒ උනාට, ඔබගේ Software එකෙන් ඒක හරිම පහසුය්. ඔබට මේ වගෙ වැඩ තවත් ඉදිරියට කරන්න ශක්තිය ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා.



ඔබගේ, Software එක, මාගේ Blog එකේ දැමුවෙමි,
ඔබ අහිතක් නොසිතය් යැය් සිතමි.

ඔබගේ සම්පූර්ණ rights සු‍රැකී ඇත

Thameera said...

@Kasun තැන්කූ!

@Octa HeliX කිසිම අවුලක් නැහැ. හැබැයි මචෝ මේකේ වැඩිදියුණු කරපු අප්ඩේට් එකක් තියෙනවා. ඒක බ්ලොග් එකට දාන්න බැරිවුණා. මේකෙ පරණ සංස්කරණෙ අඩුපාඩු ටිකක් හදලා, අළුත් වැඩ කීපෙකුත් දාල තියෙනවා.
ලිපිනය: http://www.mediafire.com/?wzycyt5gwwm
ඔබේ පෝස්ට් එකේ ලිපිනය මේකට වෙනස්කරන්න.

Octa HeliX said...

ස්තුතියි මචන්!!!

මම Post 1 අප්ඩේට් කළා.

කැමති නම්, මගෙ බ්ලොග් එක පැත්තෙත් රවුමක් ගහලා යන්න එන්න.

http://octasblog.blogspot.com/


නැවත වාරයක් ඔබට ස්තුතියි මෙවැනි Software එකක් හැදුවට!!!

Anonymous said...

පට්ටයි ඈහ්.............

Anonymous said...

මේක අදයි මම දැක්කේ. තවත් දියුණුකරගෙන ඉදිරියටම යා...

Anonymous said...

මම අද තමයි පාවිච්චි කරේ
වැඩේ එළ!
copy button එකක් තිබුනොත් හොඳයි, මට හැමතිස්සෙම copy වෙන්නෙ english text එක:P

Thameera said...

Help file එක revise කළා. යංසය ලියන හැටි ඇතුළත් කර ඇත. ප්‍රතිචාරවලට ස්තුතියි!

@kaumad Copy Sinhala Text button එකක් ඇතුළත් කර ඇත.

Thameera said...

අළුත් ලින්ක් එක දාන්න අමතක වුණා
http://www.mediafire.com/?iy1u1zgwdto

Ravimal said...

ගොඩක් හොඳ නිර්මාණයක්. ඔබේ මෘදුකාංගයේ අඩු පාඩු නිර්ණය කරගැනීමට සහ නව අදහස් සඳහා
http://madurax86.co.nr/Unicode.zip
භාවිතා කර බලන්න. මෙයද ඉතා සාර්ථක නිර්මාණයක්.

නමුත් උත්සාහය අතහරින්න එපා. දිගටම කරගෙන යන්න. හැකිනම් linux වලටත් හදන්න.

සහන් සටහන් said...

තමීර මචන් වැඩේ නම් නියමයි නමුත් පොඩි පුරස්නයක් තිබේ වචන ටිකක් වැඩි වෙනකොට සොෆ්ට්වෙයා එක crash වෙනවා.පොඩ්ඩක් හොයල බලන්න errors හදලා ලින්ක් එක මටත් මේල් කරන්න

Thameera said...

@සහන් ඔව්, මචන්, කීප දෙනෙක් මේ ගැන කිව්වා. ක්‍රෑෂ් නොවෙන විදියට දැන් හදල තියෙන්නෙ. ඒත් තව තව අඩුපාඩු ටිකක් හද හද ඉන්න නිසා තාම අප්ලෝඩ් කළෙ නෑ. හෙට අනිද්දම පුළුවන් වෙයි. එතකොට අළුත් පෝස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ. උඹෙ ඊමේල් එක එවන්න පුළුවන් නම් දන්නවන්නම්. ස්තුතියි!

සහන් සටහන් said...

kohomada ewanne

Thameera said...

@සහන් thameera123@gmail.com

Thameera said...

සිංග්‍රීසි 1.5 සංස්කරණය නිකුත් කළා.
http://thameeragetheeraya.blogspot.com/2009/08/15.html

Thameera said...

සිංග්‍රීසි 1.6 සංස්කරණය නිකුත් කළා
http://singreesi.vndv.com

meepani said...

තමීර...ICTA එකෙන් ඉ-ස්වාභිමානී කියල වැඩපිලි වෙලක් තියෙනවා ඔයාලට උදව් කරන්න. 011 2 369099 ගන්න. විස්තර කතා කරන්න.

Thameera said...

@Kurulla
තැන්කූ විස්තරේට. මේක ඉතින් දරුණුවට කරන වැඩක් නම් නෙවෙයි. බොහොම පොඩියට පටන් ගත්තෙ.

සීසර් said...

මොන පොඩිද? දරුනුවටම නැගලා යනවා... ඉස්සරහට තව features දාන්න(මටනම් දැනටම perfect වගේ) දැන් ucsc converter එකත් අතෑරලා ඉන්නේ. මේක online use කරන්න පුලුවන් විදිහට දාන්න බලන්න...
නියම සොෆ්ට්වෙයාර් එක... තව තව දියුණු වේවා!

Ranul Hashika Gomas said...

මේ ඔයා මොනව කියනවද පොඩියට පටන් ගත්තෙ කියල.මම මගේ බ්ලොග් එක සම්පූර්ණයෙන් ලියල තියෙන්නෙ මේකෙන්.සිංහල ටයිප් කරනවනම් ඉතින් වෙන මොන පිහිටක්ද?මේක නැතිවුනොත් බ්ලොග් ලියලත් ඉවරයි.

Unknown said...

ජයවෙවා...! මම,ත් මෙ sof එකෙ නව සාමජිකයෙක්........සුපර්

අදහස් ලියලම යන්න