Sunday, July 12, 2009

ඩුබායි සිට ලියමි

මේ ලියන්නෙ ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළේ ඉඳන්. අපි මේ ජර්මනියේ පැවැත්වෙන 50වැනි අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයට සහභාගීවෙන්න යන ගමන්. මේක පැවැත්වෙන්නෙ ජර්මනියෙ බ්‍රේමන් නගරයේ. ඉතින් කොළඹ ඉඳල කෙළින්ම ගුවන්යානයක් ගන්න බැහැ. කොළඹින් ඩුබායිවලට ගිහින් එතනින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්වලට ගිහින් එතනින් තමයි බ්‍රේමන් වලට යන්නේ. ඉතින් දිග ගමනක්. ලොකුම අවුල තමයි එයාපෝට්වල පැය ගණන් ඉන්න වෙන එක. ඩුබායිවල ඉඳලයන්න තව පැය 7 1/2ක් ඉන්නවෙනවා!


ඔය අතරෙ අපේ ඉන්ද්‍රනාමත් එක්ක චැට් එකට සෙට් වුණාම තමයි බ්ලොග් එකක් ලියමු කියල කිව්වෙ. ගමන පුරාවටම පෝස්ට් දාන්න තමයි අදහස. ඒත් නෙට් හම්බ වෙන හැටියට තමයි. මෙහෙ ඩුබායිවල නම් free wifi තියෙනවා. ඒ නිසා අවුලක් නැහැ. ඉතින් මාත් ලැප අරගෙන පැත්තකට සෙට් වුණා.


මට ඉතින් free වුණාට ඔලිම්පියාඩයට සහභාගී වෙන අපේ කණ්ඩායමට නම් විවේකයක් නැහැ. ආපු වෙලාවෙ ඉඳන් ගණන් හදනවා. කොහොම හරි මෙදා සැරේ ලංකාවට පදක්කම් කීපයක් ගේන්න තමයි ට්‍රයි එක.


මේ ඉන්නෙ මෙතෙක් ලංකාවෙන් ගණිත ඔලිම්පියාඩය නියෝජනය කරන හොඳම ටීම් එක. ඒ හින්ද වෙනද වගේ ලෝකඩ පදක්කමක් නෙවෙයි, රිදී පදක්කමක් වුණත් ලැබෙන්න හොඳටම ඉඩ තියෙනවා.

දැන් බැටරි බහින්න එන්නේ. 230V සොකට් එකක් හොයා ගත්තොත් ගොඩ. මෙතනින් නවතිමි.
කෂ්ටියට එනකොට මොනවහරි ගේන්න ඕන නම් කියන්න. හැබැයි අතේ සල්ලි නැහැ. ටොපි චොකලට් තමයි ඉතින්. :-)

මෙම ලිපියට ප්‍රතිචාර 28 කි:

Narada said...

මට නම් මුකුත්ම එපා, ඒත්අපේ රටට ලක්වාසී අපිට ආඩම්බරයක් ගෙනින් කොලු රූන එක්ක! අපි උඹලා එක්කයි! සුභ පැතුම් මචෝ/ කොල්ලනේ!

ජය ජය ජය ශ්‍රි.....!

GNS said...

ela ela... GO LIONS GO!!!!

Anonymous said...

කට්ටියටම සුභ පැතුම්, ජයෙන් ජය වේවා!

Anonymous said...

සුභ පැතුම්!!!. එනකොට පදක්කම් ටිකක් අරන් වරෙන්‍. ඒක මුළුලංකාවටම ඇති.

චින්තන said...

ටොපි චොකලට් නෙවේ අර රවුමට තියන පදක්කම් ටිකක් අරන් වරෙන්

susantha said...

man oyata suba pathanawa malli

änthräX said...

දිනලා වරෙල්ලා මචන් ලා...

Anu said...

එළ එළ.. මගෙනුත් සුභ පැතුම් ..එනකොට මැඩල් අරං එන්න..

නදුන් උයන said...

සුභ පැතුම් ගොඩක් !!!

chathura said...

පදක්කම් සෙට් එකක් අරන් වරෙල්ලා..

Thilina said...

පදක්කමක් අරන් එන්න. ජය......

Thilina said...

පදක්කමක් අරන් එන්න. ජය......

Thilina said...

පදක්කමක් අරන් එන්න. ජය......

දිමුතු said...

මෙන්න මගෙත් සුභ පැතුම්.

Chrishi said...

ජය වේවා !!!!!!!!!!!!!!!

Deeps said...

මොන ටොෆීද හලෝ..පදක්කම් ටිකක් අරං එන්න. ඒ හොඳටෝම ඇති..සුභ පැතුම්

පොතේ ගුරා said...

අපෙන් පුබපැතුම් සහෝදරයා!ජයෙන් ජය ප්‍රාර්ථනා කරනව ඔබ ඇතුලු කණ්ඩායමටම..!!

Indranama said...

ඔන්න මගෙනුත් සුබපැතුම්. රන් පදක්කම් ගේන්නට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

rane said...

මගෙත් සුභපැතුම් .අපේ රට දිනවන්න ඔබට හැකිවේවා

Rasika Nanayakkara said...

මල්ලිලා කට්ටියම එකතු වෙලා,
රත්තරන් පදක්කම් ගොඩකුත් අරගෙන,
අපේ රටට ආයෙත් එනවා බලන්න,
අනිවා මම Airport එනවා.....

ජයම වේවා....

dgamlath said...

දැන් නම් කට්ටිය ඩුබායි නෙමෙයි ‍ඇම්ස්ටර්ඩෑම් වලටත් ඇවිල්ලා නේද? මම SMS කරන්න හැදුවත් බැරි වුණා, සමහර විට දැන් ඊළග Flight එකේ වෙන්න ඇති. ඔක්කොම කට්ටිය සනීපෙන් ඇති කියලා හිතනවා. අලුත් තොරතුරු දැනගන්න බලන් ඉන්නවා.
බුදු සරණයි !

Kaushalya said...

පළමු වරට රන්, රිදී පදක්කම් ගේන්න හකිවෙවා කියල ප්‍රාර්ථනා කරනවා!
(උඹ නිකන් ඉන්න එකේ අපිට ටොෆි චොකලට් ගෙනාවත් නරකක් නෑ ;-) )

දුකා said...

jaya weawaa

budhajeewa said...

එළ එළ..
ආතල් එකේ ගේම දෙන්න ආ !

(මොනව හරි ගේන්නම ඕන නං ඔය අයිනක වැටිල තියන ලැපක් එහෙම දැක්කොත් උස්සං එන්ඩ. ඉස්කෝලෙට එනගමං ගෙනල්ල මට දෙන්ඩ ! හික්ස් ! :-D )

LishWish said...

උඹලට බුදු සරණයි. මල්ලිලා කොහොම හරි පදක්කම් ටිකක් අරන් එන්න.. ජයෙන් ජය පතනවා...

Anonymous said...

දිනලා වරෙන් කොල්ලෝ....

Thameera said...

ඔන්න අද තමයි ඊට පස්සෙ හරියට නෙට් හම්බවුණේ. සුබ පතපු කාටත් බොහොම ස්තුතියි! තවම තරගෙ ඉවර නෑ. ප්‍රතිළුල ලැබුණු හැටියෙ පෝස්ට් එකක් දාන්නම්!

arc said...

Go moraz!

අදහස් ලියලම යන්න