Thursday, July 16, 2009

බ්‍රේමන් සිට

දිගටම බ්ලොග් එකට ලියනව කිව්වට මොකද ඩුබායිවලට පස්සෙ අන්තර්ජාලෙ හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. ඇම්ස්ටර්ඩෑම්වල wifi පාවිච්චි කරන්න විනාඩි 15ට යුරෝ 3ක් ඕන! ඒ කියන්නෙ රුපියල් 500කට කිට්ටුයි. ඉතින් වැඩේ අතෑරලා දැම්මා. මේ සිද්ධිය සාමාන්‍ය දෙයක්. ඩුබායි, හොංකොං වගේ ගුවන්තොටුපොළවල නොමිලේ අන්තර්ජාලය අනිවාර්යයි. අනිත් පහසුකම් අතිනුත් උපරිමයි. ඒත් දියුණු රටවල (USA වගේ) ගුවන්තොටුපොළවල තියෙන පහසුකම් හරිම සීමිතයි. මගීන් තම රටට අද්දා ගැනීමේ වුවමනාවක් ඔවුන්ට නැහැ.



ඔන්න ඊට පස්සෙ කොහොමින් කොහොම හරි බ්‍රේමන්වලට ආවා. අපිට නවතින්න තිබුණේ යාකොබ් විශ්වවිද්‍යාලයේ (Jacobs University). ඒකෙ හොස්ටල් අපේ කැම්පස්වල හොස්ටල් වගේ නෙවෙයි. Room service එකකුත් තිබුණා නම් තරු පහේ හොටෙල් එකක් වගෙයි!
ඉතින් ඔක්කොම විස්තර කිය කිය හිටියොත් පොතක්ම ලියන්න වෙනවා. සැකෙවින් කියනව නම් වැඩකටයුතු සිද්ධ වුණේ මෙහෙමයි.

14 - සමාරම්භක උත්සවය තිබුණා. සියලුම රටවල තරගකරුවන් තමන්ගේ රටවල කොඩි ප්‍රදර්ශනය කරමින් ගමන් කරා. තවම මේවයෙ ෆොටෝ ලැබුණෙ නෑ. ලැබුණු ගමන් අප්ලෝඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

15 - තරගයේ පළමු දවස අද. තරගකරුවන් ගණන්වල කිමිදිලා ඉන්න වෙලාවේ කණ්ඩායම්වල උප නායකයන්ට (අපිට) බ්‍රේමන් නගරයේ සංචාරයක් සූදානම් කරලා තිබුණා.








බ්‍රේමන් හරිම ලස්සන නගරයක්. ගොඩක් කතා කියන්න තියෙනවා. ඒකට වෙනම පෝස්ට් එකක් ඕන.

අපි ඊට පස්සෙ තරගකරුවන් හමුවෙන්න විභාග මධ්‍යස්ථානයට ගියා. තත්වය හිතපු තරම් නරක නෑ. කට්ටිය හොඳට කරල තිබුණා. ඒත් ඒ තරගයෙ පළමු දවස විතරයි.

16 - අද දෙවැනි දවස. අදත් උදෙන්ම කට්ටිය පිටවෙලා ගියා තරගෙට. ඉතින් අපිට උදේ free. ඒ අතරෙ තමයි මේ wifi spot එක හොයාගත්තෙ.

අපේ කණ්ඩායමේ නායකයා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ හිටපු අංශ ප්‍රධාන චානක්‍ය විජේරත්න මහතා. සර් අපිට කලින් ජර්මනියට ආවත් අපිට මුලින්ම මෙහෙදි හමුවෙන්නෙ අද. අද හවස ඉඳලා උත්තර පත්තර බලන්න සෙට්වෙනවා. ඒ හින්දා විවේකයක් හම්බ වෙන එකක් නෑ.

මේක බොහොම කලබලෙන් ලිව්වෙ. මොනව ලියවුණාද දන්නෑ. වරදක් වුණා නම් සමාවෙන්න. :-) ප්‍රතිඵල නිකුත් කරන්න පුඵවන් වුණ හැටියෙ ආයිත් ලියන්නම්.

මෙවර ඔලිම්පියාඩ් එක ගැන වැඩිපුර විස්තර ඕනේ නම් මේ අඩවියට යන්න:
www.imo2009.de

මෙම ලිපියට ප්‍රතිචාර 9 කි:

Thilina said...

එළ එළ. හොදට ඇවිදලා කරලා විස්තර බලාගෙන A-Z ලිපියක් ලියන්න.

Anonymous said...

අපිට ගේන්න තෑගි තෝරනව වගේ ;-)
පින්තූර සහිත විස්තරයක් ඕන

Deeps said...

අනේ පව් අර ළමයි ටික ගණන් හදකොට මෙයා රවුම් ගහනවා. මේවා ජාතික අපරාද

Basuru said...

මචන් අපිවත් අමතක කරන්න එපා.

Thameera said...

@Thilina ලියනවා ලියනවා

@kaumad නෑ බං, ඕව ගන්නෙ කොහෙද, මේ පොඩ්ඩක් හැඩ බැලුවා. ඔයිට හොඳ ඒවා දෙවුන්දරින් ලාබෙට ගන්න පුළුවන් :-)

@deeps මේකයි, අපේ ළමයි මාර බ්‍රයිට්නේ, ඉතින් සඟක් නැතුව ඒගොල්ලො දිහා බලන්න අමාරුයි. අනික ඔය කට තිබුණු පළියට කතා හදන්න එන්නත් එපා

@basuru එහෙමත් අමතක වෙනවද?

Indranama said...

ආ බුවා එහේ ගොඩ බැහැපු ගමන් සඟක් එහෙම දාලා පොෂ් වෙන්න වගේ හදන්නේ :P

Thameera said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම තව මොනවද පොෂ් වෙන්න තියෙන්නෙ? අපි කොහොමත් පොෂ් කොල්ලො! :D :D

Anonymous said...

කෝ බ්‍රීමන් ගැනපෝස්ට් එක ලියලද තියන්නේ

Thameera said...

@nimanthi
ලියන්න වුණෙ නැහැනෙ. දැන් ඉතින් කොහොමත් ලියල වැඩක් නැහැ. අක්කගෙ බ්ලොගේ ජර්මනිය ගැන ලිපි ටිකක් දැම්මොත් කොහොමද?

අදහස් ලියලම යන්න