Sunday, December 20, 2009

බ්ලොග් මිතුරන්ගේ හමුවීම


2009 දෙසැම්බර් 19. මාස ගාණක් ඇඟිලි ගැණ ගැණ හිටපු දවසක් උදා වුණා. උදෙන්ම නැගිටල ලෑස්ති වුණේ සිංහල බ්ලොග්කරුවන්ගෙ හමුවීමට යන්න. බස් එකේදි කොල්ලුපිටියට ටිකට් ගත්තත් ඒකෙන් කොටුවටම ගියේ කණියාත් සෙට්වෙනවා කියපු නිසා. ඊට පස්සෙ දෙන්නත් එක්ක 120සෙ නැගල ඇවිත් බොහොම අමාරුවෙන් එක්සෙල් ලෝකය හොයාගත්ත. එතකොට ධනිකත් ඇවිල්ල ඉඳල අපිත් එක්ක සෙට් වුණා.

එතකොටත් 20ක් 25ක් විතර ඇවිල්ල හිටියෙ. කාලිංග අයියත් ලොක්ක වගේ ඇවිද ඇවිද හිටියා. කොහොමින් කොහොම හරි 11.30 විතර වෙන කොට කට්ටියත් ඇවිල්ලා වැඩේ පටන් ගත්තා. මුලින්ම කළේ කවුරුත් තම තමන්ව අඳුන්ව ගත්තු එක. අක්කණ්ඩි, කතන්දරකාරයා, සියදෝරිස් වගේ අන්වර්ථ නම් වලින් විතරක් දැනගෙන හිටපු අයත් මුල්ම වතාවට දැක ගන්න ලැබුණා.

දසුන් සමීර යුනිකෝඩ් ගැන කියමින්

ඊට පස්සෙ කාලිංග අයියා ටිකක් කතා කරලා දසුන් සමීර අයියත් යුනිකෝඩ් ගැන දේශනයක් දුන්නට පස්සෙ තමයි කවුරුත් මග බල බලා හිටිය අවස්ථාව උදා වුණේ. මෙච්චර දවස් බ්ලොග්වලින්, ට්විටරෙන්, චැට් එකෙන් විතරක් අඳුරගෙන තිබුණු යාලුවො ඇත්තටම හම්බවෙලා කතා කරන්න.

මෙයානෙ මේ ශාකුන්තල කියන්නෙ

කවුරුත් එක්ක කතා කරන කං ඉවසන්න බැරුව හිටියෙ. ගොඩක් අය පොටෝවල දැකල තිබුණත් එක සැරේට අඳුර ගන්නත් බැරිවුණා. බ්ලොග්වල එහෙම ලොකු ලොකු කතා කියන ගොඩක් අය බොහොම සුහදව කතා කරා. කවුරුත් එකම පවුලක වගේ.

ඊට පස්සෙ ආවෙ දවල්ට කෑම කන වෙලාව. කෑම තෝරගන්න බැරුව විඳපු දුකක්. තියෙන කෑමවල නම් දන්නෙත් නෑ. ඒවයෙ ගණනුත් මාරු කාසිවලින් ගෙවන්න අමාරුයිනෙ! දීප්ගෙ ගාණෙ කන්න හිටියට කොහෙද? පාටියක් දෙන්න කවුරුවත් නෑ. ඉතින් පර්ස් එකෙන් අමාරුවෙන් සීයෙ කොළ දෙකකුත් හොයාගෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. ගයාන් තාරක තමයි කෑම ඕඩර් කරේ.

කෑම තෝරගන්න බැරුව: දර්ශන, දීප්ස්, ගයන්ත, අරවින්ද, තමීර

ගයාන් තාරක කට්ටියටම කෑම අරන් දෙමින්

කන ගමනුත් කාල ඉවරවෙලත් ඉවරයක් නැතුව කතා කර කර හිටියෙ. පොටෝ ගන්නත් එපැයි.

ශාකුන්තල, ධනික, තමීර, ගයාන් තාරක, දීප්ස්. උඩින් ඉන්නෙ කවිරංග, කණිෂ්ක, උදාර (රජරට පුත්‍රයා)

තමීර, කණිෂ්ක, සුදාරක, ඉන්දරේ, කණියා, ධනික

කට්ටිය අන්තිමට ගෲප් පොටෝ එකකුත් ගත්තා. ලොකු කරල බලන්න රූපෙ උඩ ක්ලික් කරන්න

ඔය හාට් එකක ලකුණක් තියෙන සුදු පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නෙ කතන්දරකාරයා. ඒකෙ ලියල තියෙන්නෙ I love kathandara.blogspot.com කියල. කාලිංග අයිය අත දා ගෙන ඉන්න කෙනා කවුද කියල හිතා ගන්න ඇහැකිනෙ. ඒ දෙන්නට පිටිපස්සෙන් ඉන්නෙ අක්කණ්ඩි. ඊටත් පිටිපස්සෙන් නිල්පාට ටී ෂර්ට් එක මුචලින්ද. ඔහොම කියාගෙන ගියොත් ඉවරයක් වෙන්නෙ නැහැ.

ගොඩක් එන්න හිටපු අයට එදා එන්න බැරිවුණා. ඒත් ඊළඟ සැරේ මීටිමට නම් එන්න බැරිවෙලා මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්න බැරිවුණොත් සංගමෙන් නෙරපා හරින්න තීරණයක් ගන්න ඕන. එතකොට කවුරුත් ඒවිනෙ. ඊළඟ මීටිමට බිංකුවා ස්පොන්සර් කරනවා කියලත් කතාවක් තියෙනවා. ඇත්තද දන්නෙ නෑ.

(මේ දාල තියෙන පොටෝ එකක්වත් මම ගත්තුවා නෙවෙයි. ගයන්ත, ඉන්දරේ, රවිමල් මූණුපොතට දාපුවා. අන්තිම ගෲප් පොටෝ එක ගත්තෙ ලිෂ්විෂ් නොහොත් ලිෂාන්)

මෙම ලිපියට ප්‍රතිචාර 17 කි:

Indranama said...

බින්කුවා ඊලඟ හමුවීම ස්පොන්සර් කරන බව සහතික ඇත්තකි.

"සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඊලඟ හමුවීම කැනේඩියානු ආධාර මත සිදුකෙරේ"

Kanishka Hennayake said...

එල එල ආයෙත් මේ වගේ සෙට් වෙන්න අපි හැමෝම ආසවෙන් ඉන්නේ... තමීරගේ කතාවත් අ‍ැත්ත "ගොඩක් අය පොටෝවල දැකල තිබුණත් එක සැරේට අඳුර ගන්නත් බැරිවුණා" මොකද තමීර තමයි මගේ බ්ලොග් එකේ පලවෙනි කමෙන්ට් එක දැම්මේ එ‍්ත් මට දැක්ක ගමන් අඳුන ගන්නත් බැරි උනා... :D

දුකා said...

wooow . .. niyamai . . .duke ba mata enna bari unu eka gana . . me comment eka liyanneth mama ada ada . . .ihii . . . ihii . .. . tnx tamira me post ekata . ..

Thameera said...

@ඉන්දරේ
ෂහ් කැනේඩියානු ආධාර තියෙනව නම් ගමකට කන්න බැරිය!

@කணிshක Hennayake
ඔව් සමහරුන්ගෙ මූණුවල කෑලි විතරයිනෙ පේන්න තියෙන්නෙ. හැබැයි කණිෂ්කව නම් අඳුර ගත්තා

@දුකා
අපිටත් දුකයි දුකා නොහිටිය එක ගැන. ඊළඟ සැරේ කොහොම හරි සෙට් වෙමු

Rachintha Jayawardhana said...

මචෝ. . .මරු ෆන් එක නේද බං.
එළ එළ.මට ඊලඟ පාර බින්කුවගේ කැනේඩියානු ආධාරයි,දුකා අයියගේ මැද පෙරදිග ආධාරයි දෙකෙන්ම හම්බෙනවා. රොම්බ හැපී!!!

Kanishka said...

බලහන් මෙච්චර ඉඳලත් මූට නික් නේම් එක තාම බෑනෙ.. කානියා නෙමෙයි කණියා හො‍ඳේ.. find & replace ASAP :P

Thameera said...

@මුචලින්ද
ඔව් ඔව්, ආධාර නැතුව මේ වැඩේ කරන්න අමාරුයි. දුකා අයියත් දෙනව කිව්වද? මරුනෙ

@කණියා
හෆොයි ඔන්න වෙනස් කරා. මෙයා හරියට සහතිකේක නම වැරදිලා වගේනෙ! නික්නේම් එක කණියා වුණාට ආදරේට කියන්නෙ කානියා කියලා :D

LishWish said...

මාර දවස සහෝ. මට උඹ කතා කරනකොට හිතාගන්න බැරි උනත් එක්ක මේ කවුද කියලත්. පස්සෙ මේ හැම දොහේම ට්වීටරේ විකුම් පාන තමීර කියල දැනගත්තා ම හිතේ පිපුනු මල් අනන්තයි අපරිමානයි.

Unknown said...

20 අපේ පොඩි එවුන්ට wecome එක දෙන්න තිබුන නිසා එන්න බැරි උනා. බොහොම කනගාටුයි. ඊළඟ පාර එන්නම්..

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

බලන්නකො මමත් එන්න හිටියෙ ඒත් එන්න විදියක් තිබුනෙ නැහැනෙ :( තමීර අයිය දැක්කනෙ මම කොහොද හිටියෙ කියල :( ඊලඟ එකටවත් එන්න බලනව. එතකොට අපිටත් කට්ටියම බලාගන්න පුළුවන් වේවිනෙ..

Thameera said...

@Lishwish
ඔව් අර හිත පතුලටම වදින කවි ලියන ලිෂාන් අඳුරගත්තම ඇතිවෙච්ච සතුටත් ඒ වගේමයි!

@සුසිත රවින්ද සෙනරත්
අපරාදෙ. ඊළඟ එකේදි අනිවා සෙට් වෙමු

@KaniRockz
කමක් නැහැ, ඒකට එන්න බැරිවුණත් අපි දෙන්න එදා උදේ හම්බ වුණානෙ. ඊළඟ එකට කොහොම හරි එන්න.

GNS said...

මම මේ පෝස්ට් එක දැක්කෙ නෑ නෙ.. කොහොම උනත් එදා නම් සිරා ම දවසක්.. <3

ධනික | Dhanika said...

ආනේ අදයි මේක දැක්කෙ...
කොහෙද මේ විභාගයක් හින්දා දැන් වැඩිය ජංජාල ගත වෙන්න බෑ නෙව!
එදා නම් සිරාවටම අමතක නොවෙන දවසක්, ලබන අවුරුද්දෙත් අපේ සංසදේ තෙවෙනි සංවත්සරේ සමරන්නම කට්ටිය සෙට් වෙමුකො.. :D

Thameera said...

@ගයන්ත @ධනික
එල එල, ලබන සැරෙත් අනිවා සෙට් වෙමු!

ශාකුන්තල | Shaakunthala said...

හප්පේ... මගේ පිංකූරෙකුත් දාලා... :)
එළ එළ... :D හැබැයි පිංතූරෙ ටිකක් අවුල් වගෙ... :S

(1e06 සොරීස් වෙන්න ඕනේ.... මට මේ ලිපිය මඟහැරිලා. :| )

Thameera said...

@ශාකුන්තල
ඉතින් වෙන පින්තූරයක් දැම්ම කියල අවුල නැතිවෙනවයැ? :D

Unknown said...

wada hodaei

අදහස් ලියලම යන්න