
කවුරුත් මේ දවස්වල පහුගියපු 2009 ගැන බ්ලොග්වල ලියනව. සමහරුන්ට මේ අවුරුද්ද සතුටුදායක සිදුවීම්වලින් පිරිලා. ඒත් තවත් සමහරුන්ට නම් සතුටට වඩා දුක උරුමවෙච්ච අවුරුද්දක් මේක.
ඒත් ඉතින් මැරෙන්න යනකොට කරපු පින් ගැන විතරක් කල්පනා කරන්න කියනවනෙ. මේ අවුරුද්දෙ මම නම් පැනපු ලොකුම පිම්ම තමයි මේ බ්ලොග් එක පටන්ගැනීම. තව මොනවද? ට්විටරයට සම්බන්ධ වුණු එක, ජර්මනියෙ පැවති 50වැනි ගණිත ඔලිම්පියාඩය, සිංග්‍රීසි, තනිකරම උබුන්ටුවලට මාරුවීම, ඉන්දියාවෙ අම්රිතාපූරිහි පැවැත්වුණු acm ICPC තරගාවලිය, සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම... මේ කීපයක් විතරයි. ෂහ්, මාර ෆන් අවුරුද්දක්නෙ! මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ තිබුණු අවුරුදුවලින් චාටර්ම එක කියල. ආ, ඒ අතරෙ සෙනසුරත් මාරුවුණා නෙව.
කස්ටියට කියන්නත් බැරිවුණා අළුතෙන් පටන් ගත්තු Bash In Action බ්ලොග් එක ගැන. තාම පටන් ගත්ත විතරයි. හොඳ හොඳ වැඩ ඉස්සරහට.
ඔන්න ඉතින් කාටත් ඇකඩමික් වැඩ අඩු, ආදරයටත් ඉඩක් ලැබෙන, කෝස්වර්ක් වෙලාවට කරල ඉවර කරන, ප්‍රැක්ටිකල් කට් නොවෙන, ආදී වශයෙන් සියලු පැතුම් ඉටුවන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!
මෙම ලිපියට ප්‍රතිචාර 12 කි:
සියළු පැතුම් ඉටු වෙන ආර්තල් අවුරුද්දක් වේවා!
තනි දවසින් ඇක ගොඩදාන්න පුලුවන් පට්ට ෆිල්ම් ටිකක් බලන්න ලැබෙන බ්ලොග් එක ලියන්න වෙලාව ඉතුරු වෙන... වගේ ඒවා ටිකකුත් දාමු :D
සුබ අළුත් අවුරුද්දක් ඔයාටත් !!
එහෙනම් TP අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා !!
සුභ අලුත් අවුරුද්දක් වේවා
උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා . ..
සුබ අලුත් අවුරුද්දක් වේවා..........
සුබ අළුත් අවුරුද්දක් වේවා සහෝ!!
ජය වේවා!!
Supun, akila87, පිස්සා, වෙනෝද්, වැප්, තිළිණ, දුකා, දුමින්ද, දර්ශන
කාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!
සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මාත් ප්‍රාර්ථනා කරනව !
ජය වේවා!!
අදහස් ලියලම යන්න