

ඔය මාතෘකාවෙන් කියවෙන සින්දුව තියෙන්නෙ සෝමලතා සුබසිංහගෙ "විකෘති" කියන වේදිකා නාට්‍යයෙ.

විබාගෙ විබාගේ
එහේ බැලුවත් විබාගේ
මෙහෙ බැලුවත් විබාගේ
විබාගේ තමයි අපේ අබාගේ
විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට
වෙලාව නෑ විබාගේ
බස් එකේ කෝච්චියේ පාරතොටේ
යන එන හැම තැන
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
විබාගෙ ප්‍රතිපල කොහොමද
විබාග ප්‍රතිපල වසංගතේ
පද වැල් නම් හරියටම හරිද දන්නෙ නෑ.

මේ අව් අස්සෙ තව අළුත් වැඩකටත් අතගැහුව. අළුත් සිංහල බ්ලොග් එකක්. ඒ ගැන විස්තර ළඟදිම කියන්නම්. එහෙනම් අපි ගියා. විබාගෙට පරක්කු වෙනවා. මටත් විබාගෙ ලියන කාටත් සුබ පැතුම්!
මෙම ලිපියට ප්‍රතිචාර 7 කි:
විභාග ෙහාදයි කියලා හිතෙයි job කරද්දි ... හි හි
එලට ලියපන් මචං,
ඇට්ටි හැලෙන්න, බැට්ටි බහින්න
/බිඟුවා...!
විභාගේ ලියන ඔක්කොටම සුභ පැතුම්! Good luck!
ඔව් බං මාත් බලන් ඉන්නේ මේ මගුල ඉවර වෙනකම්. බ්ලොග් ලියන්න විතරක් නෙමේ තව සොෆ්ට්වෙයා පැත්තෙ පොඩි වැඩක් කරන්නත් අදහසක් තියනවා. :D අද නම් පැකට් පනින තරමට නෙට්වර්ක් කෙල උනා. බලමු හෙට අනික් සමාජ අඩ්යනය සබ්ජෙක්ට් එකට මොනව වෙයිද කියල :D
ඔය අබාගේ අපටත් මේ දවස් වල තියෙනවා... පිටි පිට දවස් 4ක සබ්ජෙක්ට් 4ක්! පිස්සු හැදෙන සඳ....
විභාගයා හොඳට ලියන්න..සුබ පැතුම් මගෙනුත්..
@වැප්
අනේ මන්දා, විබාග නැත්තං ඕන එකක් :)
@බිඟුවා...!
අනිවා ලියනවා!
@LG
එලස්!
@akila87
මේ සැරේ ඔක්කොම සමාජ අධ්‍යයනය වගේ තමයි :)
@ශාකුන්තල
ඔව් අප්පා, අපිටත් සමහර දවස්වල එක දිගට. පිස්සු හැදෙනවා.
@ධනංජය
එල තෑන්ක්ස්!
අදහස් ලියලම යන්න