
අපේ කස්ටිය ඉතින් පත්තර කියවනවා, ප්‍රවෘත්ති බලනවා බොහොම අඩුයිනෙ. රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ බොහොම අඩුවෙන්.

පියාසැරියෙ අරමුණ ලෝකෙ සිදුවන අළුත්ම පුවත් බර වචන නැති, අපිට තේරෙන බාසාවෙන් ඉදිරිපත් කරන එක. මේ තොරතුරු ඔක්කොම ගන්නෙ අන්තර්ජාලෙ තියෙන එක එක පුවත්පත්වලින්ම තමයි. මේ නිසා හැම ලිපියකම අවසානයට ඒ මූලාශ්‍රවල සබැඳිත් ලබාදෙනවා. මීට අමතරව පුවතේ තිබෙන විශේෂ කරුණු ගැන වැඩිදුර විස්තර හොයාගන්න පුළුවන් අඩවිවලටත් (වැඩිපුරම විකිපීඩියා) සබැඳිත් දෙන්නයි බලාපොරොත්තුව. මේ නිසා වැඩිදුර කරුණු දැනගන්න ඕන නම් ඒකටත් ඉඩ සලසනවා.
මේක තාම පටන්ගත්ත විතරයි.

ආ තව දෙයක් තියෙනවා. http://twitter.com/piyasariya නමින් ට්විටර් ගිණුමකුත් පටන්ගත්තා. මේකෙන් පියාසැරියේ පළවන අළුත් පුවත්වලට සබැඳි විතරක් නෙවෙයි, ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් එසැනින් සිංහලෙන් ලබාදෙන්නත් හිතාගෙන ඉන්නෙ. කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න බෑ, තීරණය වෙන්නෙ ප්‍රතිචාර අනුව තමයි.

මේ සබැඳියෙන් පියාසැරියට යන්න.
http://piyasariya.blogspot.com
මෙම ලිපියට ප්‍රතිචාර 5 කි:
එළ කිරිස්!
හොඳ වැඩක්, ඒත් මේකට යොදවන්න කාලය තියනවද සහෝ?
@Supun Budhajeewa
වෙලාව තමයි ඉතින් ලොකුම බාධකය. පුළු පුළුවන් විදියට උපරිමෙන් කරන්නයි බලාපොරොත්තුව
සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්න කියල සුභ පතනව...
එල එල :P දිනෙන් දින දියුණට පත් වේවා කියල පතනව :)
@indik @කණියා
බොහොම ස්තුතියි!
අදහස් ලියලම යන්න