Tuesday, February 23, 2010

දළුව කඩා මුල් බැඳගෙන පලයන්න


කිරින්ද කිව්වම ගොඩක් අයට මතක්වෙන්නෙ තිස්ස කිරින්ද. ඒත් දකුණු පළාතෙ තවත් කිරින්දක් තියෙනවා. මේ කිරින්ද අහුවෙන්නෙ මාතර ඉඳල හක්මණ පාරෙ කිලෝමීටර් 16ක් 17ක් විතර යනකොට. මම ඉපදුණු හෙට්ටියාවල ගම තියෙන්නෙ මේ කිරින්දෙ ඉඳල බෙලිඅත්ත පාරෙ කිලෝමීටර් හතරක් ගියපු තැන. අන්දරේ lol ඉපදුණයි කියන ගැටමාන්න තියෙන්නෙත් මේ කිරින්ද බෙලිඅත්ත පාරෙමයි.

මුල්ගිරිගල, එහෙමත් නැත්නම් මුල්කිරිගල, ගැන අහල නැති කෙනෙක් ඉන්න බෑ. මේක හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් පුරාණ ලෙන් විහාරයක්. සද්ධාතිස්ස රජ්ජුරුවො හැදෙව්වයි කියල තමයි කියන්නෙ. හක්මණ උමංගලින් පටන් ගන්න උමං මාර්ගයෙ අනෙක් කෙළවර තියෙනව කියන්නෙ මේ මුල්ගිරිගල. ඒත් දන්න තරමට මේ උමගට ගියපු කවුරුවත් ආයෙත් එළියට ඇවිල්ල නැහැ. rolleyes

අපේ ආච්චි අම්ම දවසක් අපිත් එක්ක මුල්ගිරිගල වඳින්න යනකොට බොහොම අගේ ඇති කවියක් කියල දුන්න. මෙන්න මේකයි ඒ කවිය:

---
කිරිඳි වැල කඩා සක උගුලා ගන්න
වේපත ඉරා දෙන සවි කර බැඳගන්න
මීය මරා කණුවට සිරකරගන්න
දළුව කඩා මුල් බැඳගෙන පලයන්න
---

තේරුමක් නැති කවියක් කියල එක සැ‍රේට හිතුණත් මේ කවියෙ වැදගත් තොරතුරක් ගැබ් වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නෙ කිරින්දෙ ඉඳල මුල්ගිරිගල වඳින්න යන පාරෙදි හමුවෙන මං සලකුණු.

කිරිඳිවැල = කිරින්ද
සක = හක්මණ
වේපත ඉරා = වේපතඉර
දෙන = දෙනගම
මීය = මීඇල්ල
කණුවට = කණුමුල්දෙනිය
දළුව = දළුවක්ගොඩ
මුල් = මුල්ගිරිගල

ඒ කාලෙ හිටපු අය නම් මේ කවිය හොඳට දැනගෙන හිටියලු. ඒත් අද කාලෙ කීයෙන් කීදෙනාද මේක දන්නෙ. එක අතකට ඒ කාලෙ මේ කවියෙන් තිබුණු ප්‍රයෝජනේ දැන් නැහැ. හැම තැනම අළුතෙන් පාරවල් හැදිල. ඒත් මේ වගේ දේවල් නැතිම වෙලා ගියොත් ඒක ඉතිහාසය මකල දැම්ම වගේ වැඩක්. මේ වගේ කවි තව ගොඩක් පළාත්වල ඇති. පුළුපුළුවන් ‍විදියට ඒව හොයාගෙන සංරක්ෂණය කරන එක අපි කාගෙත් යුතුකමක්.

කාටත් දැනගන්න කියල මෙන්න සිතියම. ගූගල් මැප්ස්වල හෙට්ටියාවල තිබුණෙ නෑ, ඒක අතින් දැම්මෙ wink

මෙම ලිපියට ප්‍රතිචාර 32 කි:

Lahiru said...

Nice post machan. gama gana ahanakotath harima asay :)

sithija said...

හ්ම් ගොඩක් වටිනා ලිපියක්. මමත් අද තමා ඔය කවිය ඇහුවේ. මම ඒ කවිය මගේ මොළයේ bookmark කරගන්නම් :) ස්තූතියි මේ ලිපිය දැම්මාට

Thameera said...

@Lahiru
ඔව් මචං, අපි කීදෙනෙක්ගෙ ගම් මේ සිතියමේ තියෙනවද!

@sithija
එල, මොළේ තියාගන්න අමාරු නම් digg කරන්න :D

budhajeewa said...

ඔය තියෙන්නේ ගම් පළාත ගැන ලියලා. එළේල, බොක්ක හොඳේ! :D

Thameera said...

@Supun Budhajeewa
එලස්! අපිම ලියන්නෙ නැත්තං ඉතිං වෙන කවුරු ලියන්නද?

Anu said...

මට තාම ඔය කිරින්දවල් දෙකෙන් එකකට වත් යන්න බැරි උනානෙ.. බලමු ළඟඳිම යන්න.

තිලිණ said...

ඔක්කොම දකුණෙ නේ. එලේල

තිස්ස දොඩන්ගොඩ said...

මල්ලී මාර පොරක් නේ... ෂහ් මාත් හරි ආසයි ඔය වගේ දේවල් වලට... ඔය අපේ සීවලී යන්ත්‍රය, රත්නමාලී යන්ත්‍රය වගේ දේවල් තියනවා නේද...? මම හිතන්නේ අපි ඒවයින් ගත යුතු වඩේ නෙමෙයි ගන්නේ... ඒවායෙත් ඔය විදිහේ මොනවා හරි සැඟවුනු formulas තියනවා කියලයි මට හිතෙන්නේ... එක කාලෙක LECO එකේ හිටපු Chief කියල තියනවා ඔය 2000 වල එනවා කියපු millenium Bug එක සීවලී යන්ත්‍රයේ තියන digit system එකෙන් විසදන්න පුළුවන් කියලා... මේක අහපු මගේ යාලුවා ආපහු කියලා "මට C ++ බෑ..." නේ කියලා... ඌට ඇහිලා තියෙන්නේ "C වලින්..." කියලා...

Thameera said...

@Anu
අනිවා එන්න, කිරින්දවල් දෙකටම!

@තිලිණ
අඩේ තිළිණත් දකුණෙද?

@තිස්ස දොඩන්ගොඩ
ඔව්, මොනවහරි සැඟවිච්ච දෙයක් අනිවාර්යයෙන් තියෙන්න ඕන
මේක අහපු මගේ යාලුවා ආපහු කියලා "මට C ++ බෑ..." නේ කියලා... ඌට ඇහිලා තියෙන්නේ "C වලින්..."
මරු කතාව! ඒ ගැනත් කියල බ්ලොග් පෝස්ට් එකක් දැම්මනම්!

Anuradha Ratnaweera said...

ඔන්න මාත් අපේ ගම් පලාතේ කවියක් ලියුවා. අපේ ගම් පලාත කියුවට අපේ "මුල් ගම", ඒ කියන්නෙ සීයගෙ ගම වන දෙවුන්දර ගිරුවාපත්තුව පැත්ත නම් ඔය සිතියමෙත් තියනවා. :-)

Thameera said...

@Anuradha Ratnaweera
එල, මෙහෙමවත් ලිව්වෙ නැත්තං ඊළඟ පරම්පරා එනකොට ඕව දන්න කවුරුවත් ඉන්න එක්ක නෑ.
දෙවුන්දර ගිරුවාපත්තුවකුත් තියෙද?

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මේක කියවද්දි දවසක ඔය පැත්තෙ ඇවිත් බලල යන්න හිතෙනව ඇත්තටම ලස්සනයි!

Anuradha Ratnaweera said...

@තමීර

ඒක නම් හරියට දන්නෙ නෑ. සීයගෙ ගම "දෙවුන්දර" සහ "ගිරුවාපත්තුව" කියල යි කියන්නෙ. විස්තර හොයල බැලුවෙ නෑ.

ගිහින් බලන්න නම් ආසයි.

Thameera said...

@KaniRockz
දැන් ඉතින් එන්න පුළුවන්නෙ, කවියෙ පාර කියල තියෙනවනෙ :D

සරත් ගුණතුංග said...

දෙවුන්දර අයිති බටහිර ගිරුවාපත්තුවට. ඉස්සර දිග සටහන් වුනේ හැතැක්ම වලින්. හරියටම හැ.115 කනුව ලඟ විශාල බුලු ගහක් තිබුන. එතැනින් තමයි, බටහිර සහ නැගෙනෙහිර ගිරුවාපත්තුව වෙන්වුනේ. එතැනින් හරියටම හැතැක්මක් තංගල්ල පැත්තට ගිය තැන අපේ මහගෙදර තිබුනෙ. සිතියමේ A2 කියල තියෙන්නෙ හරියටම එතැන. ඉස්සර ගිරුවාපත්තුවට කිව්වෙ 'පඬුවන්ගේ ජන්මභූමිය' කියල.

Thameera said...

@සරත් ගුණතුංග
බොහොම ස්තුතියි කියල දුන්නට. හිතාගෙන හිටියෙ ගිරුවාපත්තුව කියන්නෙ වීරකැටිය පැත්තෙ ප්‍රදේශෙකට විතරයි කියල. පඬුවන්ගෙ ජන්මභුමිය කිව්වෙ පාණ්ඩ්‍යයන්ගෙ සම්බන්ධයක් නිසාවත්ද?

Kanishka said...

සැහ්.. අපේ පැත්තෙත් මේව තියේද කියල හොයල බලන්ඩ ඕන :D

සරත් ගුණතුංග said...

තමීර මහත්මයා,

මෙතන පඬුවන් කියන්නෙ පණ්ඩිතයන්ට, පඬිතුමන්ලට

Thameera said...

@Kanishka | කණියා
නැති වෙන්ඩ බෑ

@සරත් ගුණතුංග
ආහ්, ඔව් නේන්නං. ඒක තේරුණේ නැහැනෙ. ස්තුතියි!

සඳුන් රත්නායක said...

කිරින්දෙ ඉපදිල මේකට කමෙන්‍ටුවක් දැම්මෙ නත්නම් මගෙන් වැඩක් නෑනෙ......
මමත් මෙහෙම කවියක් තියනව කියල දැන ගත්තෙ මේකෙන්.
අපේ ගම මම හිතුවට වඩා වැදගත් වගේ
හෙ හෙ

Thanoja Rajapaksha said...

තමන් උපන්න ගම ගැන ආඩම්බර දරුවො රටකට වාසනාවක් කියලයි මම නම් හිතන්නෙ... ඒවගේ දරුවො එයාලගෙ ගමට, රටට වගේම අම්මට, තාත්තට ආඩම්බරයක්!!

Thameera said...

@සඳුන් රත්නායක
අනිවා, අපේ ගම් ගැන අපි නොදන්න තව කොච්චර දේවල් ඇත්ද?

@තනෝජා රාජපක්ෂ
ප්‍රතිචාරයට ස්තුතියි!

ධනික | Dhanika said...

ෂහ් මරු ලිපිය... මේ වගේ දේවල් ගැන ලියන එකනම් හරිම වටිනවා... නැත්නම් තව කාලයක් යද්දි ඔය කවි කාටවත් මතකතියෙන එකක් නෑ... :)

Thameera said...

@ධනික
ඒකම තමයි ලිව්වෙ :)

kalani Ruwanpathirana said...

Nice post. මගේ ගමත් කිරින්ද :)

Thameera said...

@kalani Ruwanpathirana
නෑ? බැලුවම කවුරුත් කිරින්දෙනෙ!

බිඟූ said...

මේ තියෙන්නේ නියම කවි.
තව හොයන්න.

අහ්. මමත් කැමතියි අර කවුරුවත් ආපහු ආපු නැති උමගට ගිහින් බලන්න.
සමහර විට වෙන ලෝකෙකට යනවද දන්නේ නෑනේ..



/බිඟුවා...!

Thameera said...

@බිඟුවා...!
යමු මචං වෙලාවක. ආයෙ මේ ලෝකෙට එන්න නැතුව කොයි ලෝකෙන් මතුවුණත් සැපයි!

Unknown said...

පලයන්න කිව්වෙ පාථකයට නෙමේ නේද? ;)

Thameera said...

@änthräX
යන්තං ඇති, änthräXට හරි තේරුණා ;)

Thilanka Kaushalya said...

Ube profile description eka poddak wenas wenna ona.

THAMEERA PRIYADARSHI SENANAYAKA
MATARA, SRI LANKA
Another brilliant mind ruined by himself.

Mekata education gawa ganna epa. E ahinsaka kella palith na. Ubama thamai.

Thameera said...

@Thilanka

Mchan, 5 things

1. Oka me blogger acct eka hadapu dawaswalama daapu description ekak. Methana ruined kiwwe umba kiyana ekama newei.
2. Umba kiyapu widiyata kellek gaawa gena na methana.
3. Eth umba kiyapu ithuru tika 100% aththa.
4. And that description ain't by me, it's just a quote
5. Here's another quote: "In the whole round of human affairs little is so fatal to peace as misunderstanding."

අදහස් ලියලම යන්න