Saturday, February 20, 2010

පෙප්සි සහ apt-get



මාතෘකාව දැක්කම හිතෙනව ඇති තවත් තක්කාලි සහ බෝල්ට් ඇණ වගේ කතාවක් කියල. biggrin මේක නම් ඇත්තටම ඊයෙ (20) වෙච්ච සිද්දියක්.

එක එක ජාති දාන්න ගිහින් මගේ උබුන්ටු ස්ථාපනය අවුල් ජාලයක් වෙලා තිබුණේ. තිබුණ සමහර ප්‍රශ්න කිසිම පෝරමයකින් නිරාකරණය කරගන්න බැරි වුණා. ඉතින් අන්තිමට තීරණය කළා ආයිත් උබුන්ටු දාන්න.

උබුන්ටු දාන එක නෙවෙයි වැඩේ. ආයෙත් සොෆ්ට්වෙයා දාන එක. confused මුල ඉඳන් අළුතෙන් දාන්න වීමක් තියෙන්නෙ. මම නැවතිල ඉන්න බෝඩිම තියෙන හරියේ ඩයලොග් සම්බන්ධතාවය හොඳටම අවුල්. ඒ පාර ලැපත් අරගෙන ගියා එක්සෙල් ලෝකය පැත්තට. වයි ෆයි තියෙනව කිව්වත් මොකක් හරි අවුලක් නිසා වැඩ කළෙ නැහැ. Food court එකේ ඉඳගෙන පෙප්සි එකකුත් බිබී (wink) උබුන්ටු දාලා අත්‍යවශ්‍ය අප්ඩේට් ටිකක් බාන්න apt-get විධානයක් දුන්නා (apt-get කියන්නෙ උබුන්ටුවල මෘදුකාංග ස්ථාපනය කරන ක්‍රමයක්).

අප්ඩේට් බෑවෙන අතරෙ මොකක් හරි වුවමනාවකට බෑග් එක අරින්න අනිත් පැත්තට හැරෙන කොටම නොදැනුවත්වම අත පෙප්සි බෝතලයෙ වැදුණා. බෝතලය පෙරලිලා වැටුණෙ ලැප උඩට! එතනින් නැවතුණේ නෑ, මූඩිය වහල තිබුණත් හොඳට තදවෙලා තිබිල නෑ. ඇතිවෙච්ච කම්පනයට බෝතලෙන් සූස් සූස් කිය කිය පෙප්සි විදින්න ගත්තා. තත්වෙ තවත් භයානක වෙන්න ටච් පෑඩ් එකෙත්, කී බෝඩ් එකේ කොටසකත් පෙප්සි. sad මැසිම කිසිම කතාවක් බහක් නැතුව ඕෆ් වුණා. හරියට වීරය මැරුණු ගමන් හින්දි චිත්‍රපටියක් ඉවර වුණා වගේ.

මේ වගේ වෙලාවක හිතට එන හැඟීම විස්තර කරන්න සිංහල බාසාවෙ වචනයක් නැතුව ඇති. eek ඒ වෙලාවට දැනෙන කම්පනය මරණාසන්න අත්දැකීමකට සමානයි. මොනව කරන්නද කියල හිතාගන්න බැරුව මොහොතක් ඒක දිහා බලං ඉන්නකොට අල්ලපු මේසෙ හිටපු ලස්සන අක්කල කීපදෙනෙක් (wink) පේපර් ස'වියට් කීපයක් දුන්නා. ඒ ටිකෙන් ඉක්මනට තෙත මාත්තු කරල, ලේන්සුවෙනුත් සුද්ද කරා.

ඊට පස්සෙ ඒ අක්කලටත් ස්තුති කරල තව ස'වියට් ටිකකුත් ගෙනත් දීල වෙන මේසෙකට ගියා. ඕන් කරාම මැසිම නම් වැඩ. ඒත් apt-get තනිකර අවුල් ගිහින්. Broken packages ලු. cry කිසිම දෙයක් ඉන්ස්ටල් කරන්න බැහැ. එක එක විදියට apt-get clean කර කර ප්‍රශ්නෙ විසඳන්න හැදුවත් හරි ගියෙ නෑ. කොහොමත් ඒ වෙලාවෙ සන්සුන්ව ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න තරම් මානසිකත්වයක් තිබුණෙ නැහැ. ඉතින් කමක් නෑ, දැම්ම විතරනෙ කියල හිතල ආයිත් මුල ඉඳල උබුන්ටු දැම්මා. හොඳ වෙලාවට USB pen එකෙන් උබුන්ටු දාන්න යන්නෙ විනාඩි 15ක් විතරයි. ඊට පස්සෙ ඉතින් ඕන කරන ඔක්කොම කොඩෙක්, සොෆ්ට්වෙයා දාගෙන තමයි එක්සෙල් ලෝකෙන් එළියට ආවෙ. ඒ හරියෙ බට්ටට 1Mbps විතර නියත වේගයක් එන නිසා කරදරයක් නැතුව ඉක්මනට වැඩේ කරගත්තා.

ඉතින් මේකෙන් ගන්න තියෙන පාඩම තමයි උබුන්ටු දාද්දි පෙප්සි බොනව නම් ප්‍රවේසම් වෙන්න කියන එක. lol දැනට නම් මැසිමට අවුලක් නෑ, ඒත් දීර්ඝ කාලීන බලපෑමක් අනිවා තියේවි.

අර අක්කල තුන්දෙනාගෙ නම් අහගන්නත් බැරිවුණා. ඒ අයට බොහොම ස්තුතියි, කරදරේට පත්වෙලා හිටිය මල්ලියෙක් බේර ගත්තට.

මෙම ලිපියට ප්‍රතිචාර 23 කි:

Gayan Tharaka said...

මාර සීන් එකක්නේ වෙලා තියෙන්නේ. ඇතුලට පෙප්සි ගියාද දන්නෑ. කොකටත් සුද්යක් දීල ගන්න.

Thilina said...

ඇති යන්තං ඔයින් ගියා.. නැත්නං උබුන්ටු දාන්න වෙන්නේ අළුත් ලැපකට :P

ශාකුන්තල | Shaakunthala said...

මාත් යන්න ඕනේ ලැප අරගෙන එක්සෙල් වර්ල්ඩ්... :D

බිඟූ said...

@ශාකූ,
යනකොට මතක් කරලා පෙප්සි එකකුත් අරගෙන යමන් හරිද?
අනික හොඳ තැනක් බලලා ඉඳ ගනින් මතක් කරලාම.

මේ එක නෙමේ මොකෝ උනේ අර අක්කාලාට ඊට පස්සේ...
උඹේ ලැප ගැන නම් පස්සේ බලන්න බැරියැ...

/බිඟුවා...!

Thameera said...

@ගයාන් තාරක
හ්ම්, තනි සුද්දයක් දෙන්න වෙයි වගේ

@Thilina
හෙහෙ, එහෙම වුණා නම් ජීවත් වෙලා මොකටද? :D

@ශාකුන්තල
අනිවා! අධිවේගී සබඳතාවය. ආහාර පාන. නළ ජලය. සුන්දර වටපිටාව. :D

@බිඟුවා
මම ඉතින් ප්‍රතිපත්තියක් විදියට ගෑණු ළමයි දිහා බල බල ඉන්නෙ නෑ, උඹල දන්නවනෙ ඉතින් ;)

Madushanka said...

මගේ laptop එකට වතුර වැටිල හරි වදයක් උනා මාස කිහිපයකට කලින්. ඔක්කොම කෑලි ගලවල වෙනම දවසක් විතර වේලෙන්න තියල ගත්තහම හරි ගියා. හැබැයි battery එක ටිකක් අවුල්.

Rachintha Jayawardhana said...

ඒකට මම වගේ ඔක්කොටම කලින් කෑම බීම ටික ඉවර කරලා ඉඳහන් බං.මාත් ඔය කැඩිච්ච ලැපකුයි, පෙප්සියකුයි අරන් එක්සෙල් ලෝකේ පැත්තේ යන්න ඕන.

Buddhi said...

ඔය පෙප්සියකුයි ලැපකුයි අරං එක්සෙල් ලොකෙට යන්න ඉන්න අය මතක් කරලා පෙපර් සර්වියටි ටිකකුත් අරං පලයල්ලා. තමීරයට උදවි කරපු අර අක්කලා හිටියෙ නැත්තං එහෙම......

Thameera said...

@Madushanka
ඒක තමයි බය, එක සැරේට පේන්නෙ නැතිවුණාට ඔය වගේ ලෙඩ දෙන්න ගනීද දන්නෙ නෑ.

@මුචලින්ද
හෆොයි උඹේ කෑම ඉතින් අපි දැකල තියෙනවනෙ :D

Thameera said...

@බුද්ධි
අක්කල නම් ඉතිං ඕන තරම්, පොඩ්ඩක් වටපිට බලල සුදුසු තැනකින් වාඩි වෙන එක තමයි තියෙන්නෙ ;)

budhajeewa said...

අප්පා, මාර සීන් එක! අර කීවත් වගේ සර්විස් පාරක් දාල ගත්තනං නේද හොඳ?

වතුර ගියොත් සමහරු වොරන්ටි එකට සර්විස් කරන්නෙ නෑ නෙ, මතක ඇතුව කියන්න වතුර නෙවේ පෙප්සි ගියේ කියලා. ලැප ඇමරිකන් නිසා ඇමරිකන් බීම වලට ඔට්ටු ඇති! :D

Thameera said...

@Supun Budhajeewa
වොරන්ටි නම් ඉවරවෙලා අවුරුද්දකටත් වැඩියි.

"ලැප ඇමරිකන් නිසා ඇමරිකන් බීම වලට ඔට්ටු ඇති!"
:D :D

GNS said...

ඕකනෙ කියන්නෙ කෝක් බොන්න කියල.. :D | http://bit.ly/9cbR3N

GNS said...

ඕකනෙ කියන්නෙ කෝක් බොන්න කියල.. :D | ඕකනෙ කියන්නෙ කෝක් බොන්න කියල.. :D | http://bit.ly/9cbR3N

sanjeew said...

වැටුනෙනම් පෙප්සි තමයි, හැබැයි ඔයවිදියට නෙමේ නේද

Thameera said...

@ගයන්ත
හික්, මට ඕක අමතක වුණානෙ!

@BEAUTIFUL SRI LANKA
ඔය විදිය කිව්වෙ? :/

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

අරගොල්ලෝ අක්කලා කියලා ෂුවර්ද ?? ;)

Thameera said...

@ඉශාන් තිළිණ
අක්කල තමයි මයෙ හිතේ, කොහොමත් වැඩි ආරස්සාවට අක්කල කියන එක ඇඟට ගුණයිනෙ ;)

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

ඒකනම් අමූලික ඇත්ත :p

තිස්ස දොඩන්ගොඩ said...

ඕං අක්කලා...

Thameera said...

@තිස්ස දොඩන්ගොඩ
අනිවා :)

Sandun Dasanayake said...

ලස්සන ගෑණු ළමයි ඉන්න මේසයක් ළඟ තියන මේසෙකටට යනවා. පෙප්සි එක හලාගන්නවා. ෂා.. ලස්සනට ප්ලෑන් කරල වැඩේ දීල තියනවනෙ. වහිලුවක් කරේ. වතුර වැටීම වගේ සිද්ධිවලදි වොරන්ටිත් නැතුව යනව නේ. වැඩ කලේ නැත්නම් සොරි ඩොට් කොම් තමා නේද.

Thameera said...

@දසයා
පොඩි ප්ලෑනක් නොතිබුණෙමත් නෑ, හැබැයි පෙප්සි හැලිච්ච එක ප්ලෑනෙ ‍කෑල්ලක් නෙවෙයි :D
ඔව් ඉතින් එහෙමවුණොත් බර ගාණක රෙපයාර් වැටෙයි

අදහස් ලියලම යන්න