Saturday, August 8, 2009

සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකය 1.5 සංස්කරණය


සිංග්‍රීසිවලට හිතුවට වැඩිය ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ප්‍රතිචාර දීපු කාටත් බොහොම ස්තුතියි! නමුත් බොහෝ දෙනෙකුට තිබුණු ගැටලුවක් වුණේ ටිකක් ටයිප් කරගෙන යනකොට ස්ටක් වෙලා ලිය ලිය හිටපු ඔක්කොමත් නැතිවෙන එක. පස්සෙ බලන් යනකොට තේරුණේ මේක වෙන්නෙ පේළියේ කොනටම ටයිප් කරගෙන ගොස් ඉබේම ඊළඟ පේළියට යනකොට බවයි. ඉතා දරුණු වරදක්. සමාවෙන්න. ඔන්න ඒ අඩුපාඩුව හැදුවා.

මීට අමතරව වැඩසටහනට තවත් පොඩි පොඩි කොටස් කීපයක් එකතු කළා. කලින් දීපු Help file එකේ විස්තර ගොඩක් අඩුයි. කොටින්ම යංසය ලියන්නේ කොහොමද කියලවත් තිබුණෙ නැහැ. ඒ අඩුපාඩුවත් හැදුවා.

මෙනු තීරුවේ තියෙන Copy Sinhala Text බොත්තමෙන් සිංහල අකුරු ටික ක්ලිප්බෝ‍ඩ් එකට කෙළින්ම පිටපත් කරගන්න පුළුවන්.

Zip file එකේ උදාහරණ කීපෙකුත් ඇතුළු කරලා තියෙනවා.

සමහරවිට සිංග්‍රීසි හදන එක මම අතෑරල දාන්නම තිබුණා. නමුත් ඒකට ඉඩදුන්නෙ නැත්තෙ සිංග්‍රීසි පාවිච්චි කරල ප්‍රශංසා කරපු, අඩුපාඩු පෙන්නල දීපු ඔබ සැම. බ්ලොග් එකට දීපු ප්‍රතිචාර වගේම ලිපිත් සෑහෙන ගණනක් ලැබුණා. කීප දෙනෙක්ම සිංග්‍රීසි මගින් සිංහල බ්ලොග්කරණෙට පිවිසුණු බවත් අසන්න ලැබුණා. මේ පුරසාරමකට කියන දෙයක් නෙමෙයි. තමන් හදපු දෙයක් ගොඩක් දෙනා පාවිච්චි කර‍නවා දකින කොට හිතට ‍ලොකු සතුටක් එනවා.

මේ සිංග්‍රීසි 1.5 සංස්කරණය. මේකෙත් අඩුපාඩු ඇති. ඒව පෙන්නල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මේ තත්වෙට හරි ගේන්න පුළුවන් වුණේ ‍එහෙම පෙන්නල දීපු නිසයි.

මෙතනින් බාගන්න:
http://www.mediafire.com/?g2ymzzzmwnz

(මේක වැඩකරන්න Dot Net Framework 3.5 තියෙන්න ඕන.)

ඊමේල් ලිපිනය: thameera123@gmail.com

මෙම ලිපියට ප්‍රතිචාර 22 කි:

Indranama said...

එල වැඩක් කොල්ලෝ.. එල !
අපි විජේසේකර කීබෝඩ් එකෙන් කෙටුවත් මේ වගේ නිර්මාණ අපි ඉහලින්ම අගය කරනවා..

rane said...

thanks aiya

Siribiris said...

Thanks, mate.Great job.
Few more request:

1. Pls. give us an option to swap windows. It may be a personal taste; but to me, it feels odd to write in the bottom window, while checking the upper.

2. Pls, include a button to check the key-board lay out,as most of our time is spent searching for correct Sinhala characters.

Overall, everything else if fine. Performance is much better than many others. Thanka, once again taking the time to do this for us.

Siribiris said...

Correction:

"Key-board lay out" may be the wrong terminology, I meant to say,the correct combination of keys to type a particular Sinhala character.

සහන් සටහන් said...

මේ පෝස්ට් එක දාන්න කලිං මට දුන්න සංස්කරණයට පසුවත් මෙහි වෙනස්කම් කරල තියනවද

Thameera said...

@ඉන්ද්‍රනාම @රන්දීර තැන්කූ, තැන්කූ

@LazyOwl එළ, මචං උඹේ අදහස් ටික ව‍ටිනවා. ඒ සඳහන් කරපු අංග දෙකම ඇතුළත් කරන්නම්.

@සහන් ඔව්, වෙනස්. මේක බාගන්න.

Anonymous said...

Thank you very much for your great product... Yes, I am one of those who entered the Sinhala Blogging arena through your Singreesi transliterater. I am sorry I did not comment to commend you on your blog before; I was too busy pestering you through emails and over the phone...! Your software is so useful and you were so helpful that I thought you were developing this software just exclusively for me alone...

I agree with Lazy Owl above. It is nice to do the typing on the upper window. Can't you make this software run in the background and let us type on Word, Outlook or Firefox? It would be great...

Anonymous said...

තව එකක් කියන්න අමතක උනා. මේකෙ text size එක ටිකක් ලොකු කරගන්න විදිහක් නැද්ද? එහෙම කරගන්න පුලුවන් උනොත් හරිම වටිනවා...

Siribiris said...

@Thameera
බොහොම ස්තුතියි, මිත්‍රයා. මේක කෙ‍ටුවෙත් ඔයාගෙ ගැජමැටික් එකෙන්.

Shall wait for the update.

Thameera said...

@sinhavalokana මෙතනදි මම කිව්වෙ නැති වුණාට මේ සංස්කරණය එළියට දාන්න ලොකුම අනුබලය ලැබුණෙ ඔබේ ප්‍රතිචාරවලින් තමයි.

background එකේ වැඩ කෙරෙන්න දාන එක ටිකක් ගේමක් තමයි, ඒත් කරගන්න බැරිවෙන එකක් නෑ. හොඳ අදහසක්
හැබෑ නේන්නම්, ෆොන්ට් සයිස් අඩු වැඩි කරගන්න බැරි එක ලොකු අඩුපාඩුවක්නෙ. ස්තුතියි මතක් කළාට.

muthunayake@gmail.com said...

මේක නම් ඉතා හොද වැඩක් ඔන් ලයින් නැතුව වැඩ කරන එකයි මේ විදිහට English වලට මාරු වෙන එක ඉතා පහසුවක්. පාවිච්චි කරල තව සැරයක් මේ පැත්තේ එන්නම්

කුමාර said...

ෂා...මේක මරුනෙ. නියමෙට වැඩ. ස්තූතියි.

ඒත් හෙල්ප් ෆයිල් එක වැඩ නැහැ. නමුත් ඒක මගෙ වරදක්ද දන්නෙත් නැහැ.

Thameera said...

@Muthunayake අනිවා එන්න!

@කුමාර තැන්කූ.
Adobe Reader නැතිව හෙල්ප් ෆයිල් එක වැඩ නැහැ. නැත්නම් ඔය සිප් ෆයිල් එකේ තියෙන pdf එක පාවිච්චි කරන්න. Adobe Reader තියෙද්දිත් හෙල්ප් ෆයිල් වැඩ නැත්නම් කියන්න.
මේකට ඇත්තටම හේතුව නියම විදියට හෙල්ප් එකක් හදන්න තවමත් නොහැකිවීම. මීළඟ සංස්කරණයටවත් හොඳ හෙල්ප් එකක් දෙන්න බලාපොරොත්තු වෙනව.

itnishantha said...

එල එල

H.D.K.Thrilanka said...

පිස්සු හැදෙන ගැජට් එකක් නේ බං...මේ ලියන්නේ උඹේ සිංග්‍රීසියෙන්...ඔහොම යං...ජයවේවා...

Thameera said...

සිංග්‍රීසි 1.6 සංස්කරණය නිකුත් කළා
http://singreesi.vndv.com

Octa HeliX said...

සිංග්‍රීසි 1.6 ත් ඇවිල්ලා... ඒ තියා මම 1.5 දැක්කෙත් නෑ

බොහොම ස්තුතියි...

LG said...

මල්ලී .. සින්ග්‍රීසි සොෆ්ට් වෙයා එක හැදුවේ ඔයා කියලා මම මේ දැනුයි දන්නේ..මට කියන්න වචන නෑ කොච්චර හොදයිද කියලා මේක..මම බ්ලොග් ලියනන් ගත්ත දා ඉදන් පාවිච්චි කරන්නේ මේක..

බොහොම බොහොම ස්තුති ඔයාට..

ජයෙන් ජය වේවා...!

Thameera said...

@LG
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට!

Suneth Writes said...

මේක නම් ඉතා හොඳ වැඩක්.
මගේ සුබ පැතුම් !

Aruna Telshan said...

සුපිරි ඇප් එක .... නියමයි ..

Unknown said...

මෙන්න අපේ දේ.........සුපිරි ආ...ජයවේවා මට නම් Net Framework 3.0 හරි ගියා xp වලට

අදහස් ලියලම යන්න