Sunday, September 6, 2009

GRUB මෙනුවට හැඩ වැඩ දාමු

දැන් අපේ ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නෙ වින්ඩෝස් - ලිනක්ස් ද්විත්ව ස්ථාපන (dual boot) නෙ. ඉතින් පරිගණකය දාපු ගමන් ඉස්සර වගේ වින්ඩෝස්වලට යන්නෙ නැහැ. මුලින්ම මෙනුවක් පෙන්නනවා අපිට ඕන පද්ධතිය තෝරගන්න. මෙන්න මේ වගේ:


මේකට කියන්නෙ GRUB (ග්‍රබ්) මෙනුව කියල. මෙතනින් ඕන මෙහෙයුම් පද්ධතිය තෝරගත්තට පස්සෙ තමයි පරිගණකය ඉස්සරහට යන්නෙ. මොකුත් ඔබන්නෙ එහෙම නැතුව හිටියොත් තත්පර 10කින් උඩින්ම තියෙන මෙහෙයුම් පද්ධතිය ඉබේට පණගැන්වෙනවා. ගොඩක් අය කරල තියෙන විදියට වින්ඩෝස් එක්ක උබුන්ටු දාල නම් උඩින්ම තියෙන්නෙ උබුන්ටු.

GRUB මෙනුව ගොඩක් ප්‍රයෝජනවත් වුණත් මේකත් එක්ක සම්බන්ධ වෙච්ච ගැටලු කීපයක් තියෙනවා.
1. තත්පර 10ක් යනතුරු යතුරක් ඔබන්නෙ නැතුව හිටියොත් උඩින්ම තියෙන මෙහෙයුම් පද්ධතියට ඉබේම යෑම. වින්ඩෝස්වලට යන්න මැෂින් එක දැම්මම අමතක වෙලා ලිනක්ස්වලට යන එක ගොඩක් අයට අළුත් අත්දැකීමක් නෙවෙයි
2. වින්ඩෝස් ඔප්ෂන් එක මෙනුවේ යටින්ම පිහිටීම
3. අවලස්සන කළු සුදු තිරය - පොඩ්ඩක් පාට කරල ගන්න තියෙනම්!

ඉතින් මේ ප්‍රශ්නවලට විසඳුමක් නැද්ද? GRUB මෙනුව ගැන විස්තර තියෙන්නෙ /boot/grub/menu.lst කියන තැන. විසඳුම තියෙන්නෙ එතන. මේ ෆයිල් එකේ පොඩි පොඩි වෙනස්කම් කරල GRUB මෙනුව අපිට කැමති විදියකට වෙනස් කරගන්න පුළුවන්.

හැබැයි මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මෙතනින් පහළ තියෙන දේවල් කරන්න ගිහිල්ල මොනව හරි අලාභහානියක් වුණොත් වගකියන්න වෙන්නෙ තමන්ටම බව. මේව මම අත්හදා බලල තමයි තියෙන්නෙ. ඒත් එක සැරයක් පොඩි වැඩ කෑල්ලක් දාන්න ගිහිල්ල නූලෙන් බේරුණෙ. ඒ නිසා බොහොම ප්‍රවේසමෙන් කරන දෙයක් කරන්න.

ඔක්කොටම කලින් කරන්න ඕන menu.lst ෆයිල් එක විවෘත කරගන්න එක. ටර්මිනල් එකක් අරගෙන මේ විධානය දෙන්න:

sudo gedit /boot/grub/menu.lst


දැන් menu.lst, geditවලින් විවෘත වේවි. ඔක්කොම වෙනස්කම් කරන්න තියෙන්නෙ මෙතන තමයි. ඔය # ලකුණුවලින් පටන් අරගෙන තියෙන්නෙ comments. ඒවයෙ බලපෑමක් නෑ. පොඩ්ඩක් හොඳට බැලුවොත් කරන්න ඕන වෙනස්කම් කරන හැටි නිකම්ම වගේ තේරෙයි.

1. Timeout වෙනස් කිරීම
menu.lst ෆයිල් එකේ timeout කියල ලියල තියෙන තැන හොයා ගන්න. කලින් වෙනස් කරල නැත්නම් මෙතන තියෙන්නෙ timeout 10 කියල. ඒ කියන්නෙ අර තත්පර 10කින් උඩම තියෙන පද්ධතිය ඉබේට පටන්ගන්න කතාව. මෙතන 10 වෙනුවට 30 වගේ ආදේශ කළොත් තත්පර 30ක් යනතුරු Grub මෙනුව නැතිවෙන්නෙ නෑ. ඕන නම් 10ට වඩා අඩු කරන්නත් පුළුවන්.

2. මෙනුවේ අයිතමවල පිළිවෙල සැකසීම
menu.lst වල යටටම ගියොත් බලාගන්න පුළුවන් Grub මෙනුවෙ දිස්වෙන අයිතම ටික පිළිවෙලට තියෙනවා. හැබැයි ටිකක් විකාර විදියකට තියෙන්නෙ. නිකං මෙන්න මේ වගේ:

title Ubuntu 9.04, kernel 2.6.28-11-generic
uuid ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb
kernel /boot/vmlinuz-2.6.28-11-generic root=UUID=ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb ro quiet splash
initrd /boot/initrd.img-2.6.28-11-generic


# This entry automatically added by the Debian installer for a non-linux OS
# on /dev/sda1
title Windows Vista (loader)
rootnoverify (hd0,0)
savedefault
chainloader +1


බය වෙන්න දෙයක් නැහැ. මෙනුවෙ පිළිවෙල වෙනස් කරන්න අපිට තියෙන්නෙ අදාළ කොටස්වල පිළිවෙල වෙනස්කරන එක. ඉතින් අපිට ඕන නම් මෙනුවෙ මුදුනටම වින්ඩෝස් දාගන්න අදාළ කොටස උඩටම ගෙනියන්න. මෙන්න මේ වගේ:

title Windows Vista (loader)
rootnoverify (hd0,0)
savedefault
chainloader +1

title Ubuntu 9.04, kernel 2.6.28-11-generic
uuid ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb
kernel /boot/vmlinuz-2.6.28-11-generic root=UUID=ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb ro quiet splash
initrd /boot/initrd.img-2.6.28-11-generic


දැන් වින්ඩෝස් තියෙන්නෙ උබුන්ටුවලට වඩා උඩින්. පොඩ්ඩක් අතපතගාල බැලුවොත් මේ මෙනුව අපිට ඕන විදියකට වෙනස් කරගන්න පුළුවන් බව තේරේවි.

3. මෙනුවට රූපයක් දැමීම
කළු පාට පසුබිම වෙනුවට අපිට පාට පින්තූරයක් දාන්නත් පුළුවන්! මේවට කියන්නෙ splash screens කියල. grub splash screens කියල ගූගල් සෙවුමක් දැම්මම මේ පින්තූර ගොඩක් හොයාගන්න පුළුවන්. නැත්නම් තමන්ටම කියල වුණත් එකක් හදාගන්න පුළුවන්. ඒක කරන හැටි මෙතන තියෙනවා. මේ රූප තියෙන්නෙ .xpm.gz කියන ෆෝමැට් එකට. ඒ කියන්නෙ .xpm පින්තූර .gz ආකාරයට සිප් කරලා. දැන් අවශ්‍ය රූපය /boot/grub/ ඩිරෙක්ටරියට කොපිකරලා menu.lst එකේ උඩින් මේ පේළිය ඇතුළත් කරන්න:

splashimage=(hd0,5)/boot/grub/splash.xpm.gz


ඔතන splash.xpm.gz කියන තැනට ඇත්තටම දාන්න ඕන පින්තූරෙ නම. hd0,5 කියන තැනට ලිනක්ස් බූට් පාටිෂන් එකේ අංකය දෙන්න.

දැන් ඉතින් menu.lst save කරල දෙයියො බුදුන් සිහිකරගෙන මැෂිම රීස්ටාට් කරන්න. වැඩේ හරියට කළා නම් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. මට නම් අවුලක් නැතුව වැඩකළා.


දැන් නම් ඉතින් මැෂිම දාන්නෙ හරිම ආසාවෙන්. පැයකට දෙකකට සැරයක් රීස්ටාට් කරනවා Grub මෙනුව බලන්න. :D



සිංග්‍රීසි නව 1.6 සංස්කරණය: http://singreesi.vndv.com

මෙම ලිපියට ප්‍රතිචාර 14 කි:

Kanishka said...

වෙලාවට මගෙ GRUB menu එකක් නැත්තෙ :P

budhajeewa said...

හෆොයි. අහිංසක මැසිමට කෙළවෙන පොටක් ඔය කියන්නේ ! :P

Thameera said...

@Kanishka
අපෝ මොකක්ද ඔය GRUB එකක් නැති ජීවිතේ? :P

@Supun Budhajeewa
මටත් කෙළවෙන්න ගියා. හැබැයි දැන් මාර ආතල්

Thilina said...

එළ එළ. ස්තූති වේවා... ඒත් මේක කොරන්න ගිහිල්ලා සේරටම කෙල වෙයිද මන්ද? බලමු ට්‍රයි පාරක් දාලා....:D

Siribiris said...

අලුත් සිංගිරිසිය බොහොම අගෙයි, කොලුවො. ඔං මාත් උදැහැණැක්කෙමෙ බා ගත්ත.

Thameera said...

@Thilina
ප්‍රවේසමෙන් කරන්න. පොඩි රිස්ක් එකක්වත් ගන්න බැරි නම් වැඩක් නෑනෙ :D

@LazyOwl
එල එල, පාවිච්චිකරල හොඳ නරක කියන්නකෝ

සමීර විමලරත්න said...

අඩේ මරුනේ තමීර!! නිදහස් වෙලාවක් එනකන් ඉන්ටකෝ මාත් වැඩේ දීලා බලන්න...

ශාකුන්තල | Shaakunthala said...

මේකෙ ලොකු අවදානමක් නෑ. menu.lst එක සංස්කරණය කරන්න කලින් backup එකක් හදාගන්න.

# cp /boot/grub/menu.lst /boot/grub/menu.lst.bak

දැන් හිතේ හැටියට බය නැතුව edit කරන්න.

වැරදුණොත්?
වැරදුණොත් බූට් වෙන එකක් නෑ.

කෙළවෙයිද?
බූට් වෙන්නෙ නැත්තං Live CD එකෙන් බූූූූට් කරලා... වැදගත් විධියට boot partition එකත් mount කරලා... බැකප් එකෙන් original එක replace කරන්න.

# cp -f /boot/grub/menu.lst.bak /boot/grub/menu.lst


මම හැමෝටම කියන්නේ මේ වගේ දේවල් අත්හදා බලන්න. කුතුහලය ඇති කරගන්න... පුළුවන් නම් අතපත ගාලා අළුතෙන් දෙයක් ඉගෙනගන්න උත්සාහ කරන්න.

Thameera said...

@සමීර
ඔව් ඔව්, කරල අපිටත් කියන්න

@ශාකුන්තල
ඔව්, මට කියන්න අමතක වුණා, menu.lst වල බැකප් එකක් හදාගන්න ඕන. මොන ප්‍රශ්නෙ ආවත් Live cd එක තියෙනම් ගොඩ.
ඇත්ත, මේ වගේ දේවල් අතපත ගෑවම පොත් කියවලා ලබාගන්න බැරි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ලිපිය ලියල තියෙන හැටියට කවුරුත් බය වෙනවා. :)

Anonymous said...

එළකිරි මම උබුන්ටු අයින් කරා.(අයින් උනා කිව්වොත් හරි, දාලා තිබුනේ side by side ඉතින් vista recover කරද්දි එකත් ගියා.) මටත් ඔය OS පිලිවෙල වෙනස් කර ගන්න ඔනේ වෙලා තිබ්බේ එළ එළ :D ubuntu දාපු ගමන් කරලා බලන්න ඔනේ. :)
තැන්කූ...!!!!

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මගේ නම් තියෙන්නෙ වින්ඩෝස් විතරයි... ඒක නිසා ඔක හදන්න බෑ... :( ඉක්මනින් දවසක ට්‍රයි කරල බලනව...
ගොඩක් ස්තූතී!

Thameera said...

@akila87
මාත් විස්ටා රිකවර් කරල ග්‍රබ් එක ගිහිල්ල තිබුණෙ. ඒක රිස්ටෝ කරන්නෙ නැතුව උබුන්ටු අළුතෙන්ම දැම්මා. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

@KaniRockz
එල එල, හදාගත්තු දවසක අපිටත් කියන්නකො

somebody-anybody said...

මේ ubuntu එක්ක එන grub එක හෙන කැතයි නෙ. Backgroung එක වෙනස් කළාට Theme එක වෙනස් වුනේ නැත්නම් කැතයි...


මෙන්න මේ Ubuntu Grub එක නම් හොඳයි
http://bp0.blogger.com/_RNREcwdqBrE/Rx2AIg43Z8I/AAAAAAAAAcw/DTDQQ6c9klU/s400/ubuntu-grub.png

ඒ විදිහට වෙනස් ක‍ර ගන්නෙ කොහොමද?


නැත්නම් මේ වගේ වෙනත් Grub ඒව සිරා!..


Mint
http://www.dedoimedo.com/images/computers/2009/bootchart-grub.jpg

OpenSuse
http://www.benkevan.com/gallery/albums/userpics/10001/lost_root.jpg

PCLinuxOS
http://easy-linux.co.cc/wp-content/uploads/2009/08/pclinuxos_booting_installed.jpg

Mandriva One/Free
http://images.howtoforge.com/images/the_perfect_desktop_mandriva_2008.1_kde/big/21.jpg


මම දැකපු සිරාම grub එක Mandriva Powerpack එකේ තියෙන්නෙ (Load වෙන්න වෙලා යන්නෙ නෑ වැඩ කෑලි තිබ්බට). ඒත් ඒකෙ Screenshot නෙට් එකේ දැක්කෙ නෑ! හම්බුනේ Mandriva Free, Mandriva One වල ඒව විත‍රයි. ඒව එච්චර ගති නෑ.....

Thameera said...

@Akila DJ
gfxboot කියල ක්‍රමයක් තියෙනවලු ඔහොම හදාගන්න පුළුවන්. එක සැරයක් කරල බැලුව හරි ගියේ නෑ. ආයි වෙලාවක කරල බලන්න ඕන. හරිගියොත් අනිවා පෝස්ට් එකක් දාන්නම්. ස්තුතියි මතක් කළාට.

අදහස් ලියලම යන්න