Saturday, October 3, 2009

GRUB මෙනුවේ සෙනසුරු මාරුව

හෆොයි, මාසෙකින් විතර බ්ලොග් එකේ ලියන්න බැරි වුණානෙ. කොටින්ම සින්ඩියට ගියපු කාලයක් මතක නෑ. දැන් ජීවිතේ අන්තෝ ජටා බහි ජටා වෙලා. අළුත් සෙමෙස්ටරෙත් පටන් අරන් සති තුනක් ගියා. ඒත් ලෙක්චර් තුන හතරකට වඩා යන්න බැරි වුණා. තව අතකින් කෙල්ලොන්ගෙ ප්‍රශ්න.
ඔක්කොටම හේතුව මේ සෙනසුරා මාරුවෙච්ච එක්ක. මාත් ඔය කේන්දර ලග්න එච්චර ඇඟට ගන්න කෙනෙක් නෙවෙයි, ඒත් මෙදා සැරේ සෙනසුරා නම් සිරාවටම මාරු වෙලා තියෙනවා. අද උදේ නැගිටින කොට GRUB මෙනුවෙත් සෙනසුරා මාරුවෙලා. Ubuntu වලට යන්න බෑ. වින්ඩෝස්වලටත් යන්න බෑ.

Error 11: Unrecognized device string
Press any key to continue..


Any key එකක් එබුවට හරියන්නෙත් නැහැ. ගිය මාසෙ GRUB එකට වැඩ දාපු එකේ ආනිශංස තමයි කිය කිය හිතන කොට තමයි මතක් වුණේ ඊයෙ උබුන්ටු අප්ග්‍රේඩ් කළා කියල. ඔව් නේන්නම්. GRUB එක බැලුවම kernel එකේ version එක අළුත්. වෙලාවට Live cd එකකුත් අතේ නැහැ. ඉතින් යාලුවෙක්ගෙ මැෂිමකින් නෙට් එකේ පොඩි සෙවුමක් දාල බැලුවා. බැලින්නම් මේක මේ දවස්වල ගොඩක් අයට එන ගැටලුවක්. මේක එන්නෙ GRUB එක අප්ඩේට් වෙන කොටලු.
මේකට විසඳුමකුත් තියෙනවා. GRUB මෙනුවෙ අයිතමයක් උඩට ගිහිල්ල e එබුවම ඒ අයිතමයට අදාළ විධාන ටික වෙනස් කරන්න පුළුවන්. උබුන්ටුවල අළුත් kernel එකට අදාළ විධාන වලට ඇතුළු වෙලා එතන තියෙන

root b9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb

කියන පේළිය

root (hd0,5)

කියල වෙනස් කළා. මෙතන (hd0,5) කියල කියන්නෙ පරිගණකයෙ උබුන්ටු පාටිෂන් එක.
දැන් වැඩේ ගොඩ. ඒත් වින්ඩෝස්වලට අදාළ මෙනු අයිතමය අයින් වෙලා. වෙලාවට පරණ GRUB එකේ backup එකක් තිබුණා. උබුන්ටුවලට ගිහින් අදාළ පේළි ටික කොපි පේස්ට් කරල දැම්මම වැඩේ ගොඩ.

අන්තිමට ලොකු පාඩමකුත් ඉගෙන ගත්තා. මොළේ කල්පනා කරනව නම් සෙනසුරා නෙමෙයි ගුරා මාරුවුණත් බය වෙන්න දෙයක් නෑ. හිත ඇත්නම් පත කුඩාද?

මෙම ලිපියට ප්‍රතිචාර 4 කි:

budhajeewa said...

අප්පා.. මාත් කරුමෙට ඉඩ දුන්නා!

ශාකුන්තල | Shaakunthala said...

vol_id --uuid /dev/sda6

මේකෙන් return කරන value එකෙන් ඔය root ඉස්සරහ තියෙන දිග හෑල්ල replace කළත් හරි.

Mark said...

මොළේ කල්පනා කරනව නම් සෙනසුරා නෙමෙයි ගුරා මාරුවුණත් බය වෙන්න දෙයක් නෑ. That's true Bro!

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

වෙලාවට අපේ GRUB මෙනු නෑ :)

අදහස් ලියලම යන්න