Sunday, November 15, 2009

Karmic Koala සමග GRUB 2


මාසෙකට විතර පස්සෙ ඔන්න ආයෙත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ආවා. (ඕක ඉතින් හැමදාම කියන කතාවනෙ)
ඉඳල ඉඳල ඊයෙ තමයි අළුතෙන් ආපු උබුන්ටු 9.10 (Karmic Koala) දාගත්තෙ. මෙච්චර දවස් පරක්කු වුණේ ලැපේ CD drive එක වැඩ කරන්නෙ නැති හින්දම නෙවෙයි, උනන්දුවක් නැති කම නිසා. CD එකෙන් බැරි නිසා 1GB pen එක startup disk එකක් විදියට හදාගෙන තමයි install කළේ. 9.04 උඩ upgrade කරන්න ගියෙ නැහැ. එක හේතුවක් එහෙම කළාම sound එහෙම අල වීම. කොහොමත් ඉතින් පරණ එක උඩ දානවට වඩා අලුතෙන්ම දැම්මම නැවුම් බව වැඩියි.
9.04ට වඩා වෙනස්කම් කීපයක්ම මුල්ම වතාවේ දකින්න තිබුණා. එකක් තමයි අලුත් Ubuntu Software Center එක. Pidgin chat client එක වෙනුවට Empathy ඇවිත්. Input method එක දැන් SCIM නෙවෙයි. IBus කියල එකක්. සිංහලට මාරුවෙන එක දැන් ගොඩක් ලේසියි. අනෙක කලින් වගේ අමාරුවෙන් සිංහල install කරන්න ඕනත් නැහැ. මේ ගැන හොඳ ලිපියක් බුධාජීවගේ ලියමනේ තියෙනවා.

අළුත් Software center එක


දැකපු තව ලොකු වෙනසක් තමයි පරණ GRUB එක වෙනුවට අළුත් GRUB 2 මෙනුව ඇවිල්ල තියෙන බව. /boot/grub ඩිරෙක්ටරියට ගිහිල්ල බැලුවම menu.lst කියල ෆයිල් එකක් නැහැ. ඉතින් ඉක්මනටම ගූගල් සරණං ගච්ඡාමි කියල හොයල බැලුව මේ ගැන. බලන කොට Grub 2 පරණ එකට වඩා ගොඩක් වෙනස්.
මුලින්ම menu.lst වෙනුවට තියෙන්නෙ grub.cfg කියල එකක්. නමුත් මේක edit කරන්න එපා කියල උඩින්ම ලියල තියෙනවා. ඒ වෙනුවට edit කරන්න පුළුවන් ප්‍රධාන file දෙකක් තියෙනවා. එකක් තමයි /etc/default/grub. මේකෙන් කරන්න පුළුවන් වැඩවලින් වැඩියෙන්ම මගේ හිත ගත්තෙ GRUB මෙනුවේ resolution එක වෙනස් කරන්න පුළුවන් #GRUB_GFXMODE=640x480 පේළිය. මේකෙ # ලකුණ ඉවත් කරල 640x480 වෙනුවට අපේ මොනිටරේ සාමාන්‍ය resolution එක දෙන්න පුළුවන්.
Edit කරන්න පුළුවන් අනිත් ප්‍රධානම ගොනුව තමයි /etc/grub.d/ ඩිරෙක්ටරියෙ තියෙන 05_debian_theme කියන ෆයිල් එක. මේකෙන් තමයි මෙනුවේ වර්ණ සැකසුම් වෙනස්කරන එක පසුබිම් රූපයක් යෙදීම වගේ දේවල් කරන්නෙ. හොඳම ප්‍රවෘත්තිය තමයි දැන් පසුබිමට රූපයක් දාන්න කලින් වගේ .xpm.gz file හද හද ඉන්න ඕන නෑ. කෙලින්ම png file එකක් දෙන්න පුළුවන්. මේ ඔක්කොම කරන හැටි ගැන හොඳ විස්තරයක් මෙතන (කඩ්ඩෙන්) තියෙනවා.

තාමත් karmic koalaට මාරු වෙලා නැත්නම් ඉක්මනටම මාරුවෙන්න.

ප.ලි.
මේ ඔක්කොම කරල ඉවර වෙලා sudo update-grub කියල ගහල grub එක update කරන්න ඕන. නැත්තං මේ කියපුව වැඩ කරන්නේ නැත.

මෙම ලිපියට ප්‍රතිචාර 11 කි:

budhajeewa said...

එහෙනං දැං GRUB එක්ක ඔට්ටුවෙන්න බය වෙන්න ඕන නෑ?

සබැඳියට ස්තුතියි! :)

Unknown said...

ubuntu startup disk pen 1 හදන්නෙ කොහොමද?

Anonymous said...

https://help.ubuntu.com/community/Installation/FromUSBStick

Thameera said...

@Supun Budhajeewa
Grub එක්ක ඔට්ටුවෙන්න බය වෙන්න එපා :P

@shamee de silwa
ඔය පහන් දීල තියෙන ලින්ක් එකෙන් තමයි මාත් විස්තරේ හොයාගත්තෙ

Anonymous said...

වේගය කලින් ඒවට වඩා වැඩියි වගේ නැද්ද?

සිංහල අවුලක් තිබුනා. ඉතින් මම පරණ විදියටම SCIM දා ගත්තා. iBus දැක්කෙ පස්සෙ.

GRUB එක /boot/grub එක අස්සෙ නෑ කියලා අදයි දැක්කෙ. හොයන්න ගෙදර ආවම තමයි මේ සටහන දැක්කෙ. නියමයි.

Thameera said...

@chamila_dealwis
වේගෙ කලින් එකට වඩා නම් හොඳයි වගේ. ඒත් මං හිතුවෙ මීට වඩා ෆාස්ට් වෙයි කියල.
මටත් මුලදි SCIM නැතුව හොල්මන් වෙලා හිටියෙ. පස්සෙ අතපත ගගා ඉන්නකොට තමයි ibus අහුවුණේ

ශාකුන්තල | Shaakunthala said...

GRUB2 මීට පෙර Debian lenny පද්ධතිය සමඟත් ලබා දුන්නා. නමුත් මේ වගේ ඒකාධිකාර ස්වරූපයකින් නම් නෙවෙයි. තවමත් beta අවවධියේ තියෙන GRUB2 ආරක්ෂිත භාවය ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ. ඒ ගැන මම මගේ ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ ලියා ඇති. ළඟදිම සිංහල බ්ලොග් අඩවියෙත් පළ කරන්නම්.

මම Karmic Koala ස්ථාපනය කළ වහාම මුලින්ම කළේ පැරණි GRUB එක (GRUB Legacy) ස්ථාපනය කර ගැනීම.

කෝසල said...
This comment has been removed by the author.
කෝසල said...

9.10 අද තමයි බාගත්තෙ. බලමු කොහොමඩ කියල...

අ - c - ත said...
This comment has been removed by the author.
අ - c - ත said...
This comment has been removed by the author.

අදහස් ලියලම යන්න