Wednesday, May 12, 2010

කෝච්චි තුනක් මිස් වීම හෙවත් මාර දූවරු තිදෙනා


හැමදාම වැඩ ඇරිලා කෝච්චියෙන් ගම්පහට යන්න මම මරදාන් ඉස්ටේසමට එනවා. ඊයෙත් වෙනද වගේ ඉක්මනට ආවෙ හවස හයේ කෝච්චිය අල්ල ගන්න. ඒත් මම දුවගෙන එනකොටම කෝච්චිය ගියා.

එතකොටම ආවා කොටුවට යන කෝච්චියක්. ඒකට නැග්ගේ කොටුවට ගියොත් ඊළඟ කෝච්චියේ වාඩිවෙලා ඒමේ සම්භාවිතාවක් තියෙන නිසා. ඒකෙ නැගල කොටුවට ගිහින් බැස්ස විතරයි ඒ ආපු කෝච්චියට මිනිස්සු හෝ ගාල නැග්ගා. බලන කොට මම කොටුවට ඇවිල්ල තියෙන්නේ ආයෙ අනිත් පැත්තට වේයන්ගොඩට යන කෝච්චියෙ. මදෑ ඒකත් මිස් වුණා. ඒක ස්ලෝ එකක්. ඊළඟට එන ඇක්ස්ප්‍රස් එකේ ගියොත් අරකට කලින් යන්න පුළුවන් නිසා ඇක්ස්ප්‍රස් එක එනකං හිටියා.

ඔන්න ඇක්ස්ප්‍රස් කෝච්චියත් ආවයි කියමුකො. ඒකෙ ඉතින් හිටගෙන තමයි. ඒක අද්දනකං ඉන්න කොට අනිත් පැත්තෙ වේදිකාවෙ තව කෝච්චියක් ගැහුවා මීරිගම කෝච්චියක්. ඒක ස්ලෝ. හොඳටම පරක්කුවෙනවා. ඒත් වාඩිවෙලා යන්න පුළුවන්. ඉතින් මාත් වාඩිවෙලා යෑමේ ආසාවට ඒකට ගොඩවුණා. ඔය විදියට කෝච්චි තුනකම යන්න බැරිවෙලා හතරවෙනි කෝච්චියෙ තමයි ආවෙ.

පස්සෙ ගෙදර ඇවිත් මම මේ කෝච්චි සිද්ධිය විශ්ලේෂණය කරලා නිගමන කීපෙකට ආවා. ඒ අනුව මට කෝච්චි තුන මග ඇරුණේ එකිනෙකට වෙනස් හේතු තුනක් නිසා. ඒ හේතු තුන තමයි:

1. ප්‍රමාදය - වෙලාවට 6ට ආවා නම් පළමුවෙනි කෝච්චිය මිස් වෙන්නේ නැත.
2. නොදැනුවත්කම - මේක ආපහු හරවගෙන යන කෝච්චිය බව දැන සිටියා නම් දෙවෙනි එක මග ඇරෙන්නේද නැත.
3. සැප ගැනීමට ආසාව - වාඩිවී ඒමේ ආසාව නොතිබුණා නම් තුන්වෙනි කෝච්චියේ එන්නට තිබුණි. 

මේ කරුණු තුන අපේ එදිනෙදා ජීවිතවලට අපි හිතනවට වඩා බලපානවා. ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න ගොඩකට හේතුව මේ තුන තමයි. මේ නිසයි මේ තුන් කට්ටුවට මාර දූවරු තුන්දෙනා කියල කිව්වෙ.

කොහොමද මගෙ විශ්ලේෂණය?

මෙම ලිපියට ප්‍රතිචාර 15 කි:

Anonymous said...

මගේ විෂ්ලේෂණය: වෙනදා වගේ මම හිටියනම් උඹට ඔය එකක්වත් වෙන්නෙ නෑ.
නිගමනය: මට උඹට වඩා මොලේ ඇත :D

budhajeewa said...

විශ්ලේෂණේ නං හොඳා.අනිත් දවසෙවත් හරි විදියට යන්නෙ නැතෑ! :D

ගෙදර වැඩ: මේ සිදුවීම සම්බන්‍ධව කවි පංක්තියක් රචනා කොට එය කෝචිචියට නැගීමට පෙර එන්ජිම දෙස බලාගෙන සජ්ඣායනා කළ යුතුය.

Thameera said...

@chathuraw: ඔබගේ විශ්ලේෂණය කෙසේ වෙතත් නිගමනය නම් 200%ක් වැරදිය.

@budhajeewa: අයියෝ ගෙදර වැඩත් තියෙද? බලමුකො ඉඩ ලැබෙන විදියට. :P

budhajeewa said...

@තමීර | Thameera:
ඉඩ හදාගෙන ලියන්ඩ. කෝච්චියේ යන ගමං ලියන්න බැරුවයැ?

Thameera said...

@budhajeewa: හ්ම්, බලමු බලමු :)

Gayan Tharaka said...

හෙහේ. ‍මාතර කෝච්චියට නැග්ගනම් ගෙදරවත් එන්න තිබ්බා..
මටත් ඔයවගේම කට්ටක් කන්න උනා ‍කෝච්චියෙ ආවොත් කලින් එන්න පුලුවන් කියන එක බලන්න ගිහින්. අන්තිමේ රෑ 10යි ගෙදර එද්දී.

Kanishka said...

හප්පා වෙලා තියෙන වින්නැහිය.. නොදැනුවත්කම තමා ඉතිං :D

Thameera said...

@ගයාන් තාරක: ඔව්, ඔව්, ඔය ඇක්ස්පෙරිමන්ට් කරන්න යන්න නරකයි.

@කණියා: ඔව් නොදැනුවත්කම තමා මූලිකම හේතුව :D

තිස්ස දොඩන්ගොඩ said...

හතරවෙනි කෝච්ච්යේදී රාණී මුඛර්ජී ඇවිත් ලඟින් වාඩි වුනා නම්... ?මෙලහකට හඳේ... "මෙය මිනිසාගේ කුඩා ප්‍රමාදයකි.....එහෙත්..."

Anonymous said...

විශ්ලේශණය හොඳයි ඒත් ඉතින් අර කිව්වත් වගේ කෝ 'කවි'
මම මේ ආවේ මාර දූවරු හම්බෞනට පස්සේ ලිය උනේ මොන වගේ කවිද බලන්නයි
ගෙදර වැඩ කරන්න නොවරදවාම ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වෙයි;P

Narada said...

ඒක තමා ළමයෝ, තව තව පරක්කු නොකර ගෙදර වැඩ කරපං.

ඔය සිද්ධිය වේලාවට බස් සම්බන්ධයෙන් මටත් වෙනවා, හැබැයි දැන් නම් අල්ලා ගන්නේම Express එකක්ම තමා. :-D

Thameera said...

@තිස්ස දොඩන්ගොඩ: තිස්ස අයියගෙ කටේ මසුරන් දාන්න වටිනව නෙව!

@nimanthi: කවිම ලියන්නත් හොඳ නැහැනෙ. ඉස්සරහට හෙමිහිට බලමුකො. ඔව් ඔව් ගෙදරවැඩ කරන්න ඕන.

@~බිன்ku~: හොඳයි මාමේ. මාමටත් මෙහෙම වැඩ වෙනවද? මම හොඳයිනෙ එහෙනං!

Buddy --බඩී said...

මරු වැඩේ...මටත් ඔයවගේ ඒවා වෙලාතියෙනවා. හැබැයි ඒ ගාලු කෝච්චියේ යන්න ගිහිල්ල....
එතකොට ඉතින් පුශ්පේ පනිනව...

පිස්සා පලාමල්ල said...

මටත් ඔය සිද්දි වෙලා තිනව ඉස්සර

Thameera said...

@බඩී: හික් හික්, පුෂ්පෙ පනින්න දෙන්න එපා කොල්ලො, ඒ වගේ සිද්ධි මං වගේ පාඩමකට ගනින්න :D

@පිස්සා පලාමල්ල: බලනකොට මට විතරක් නෙවෙයි මේ වැඩ වෙන්නෙ :)

අදහස් ලියලම යන්න