බස් රථය ආනන්ද විද්‍යාලය අසල නවත්වයි. මා සිටගෙන සිටින තැන අසුනේ කාන්තාව බැසීමට සැරසෙයි. මා ළඟම සිටගෙන සිටින්නේ කාන්තාවකි. ඇය කෙසේ හෝ හිස්වන අසුනේ වාඩිවීමට උත්සාහ කරයි. සමහරවිට ඇයට වාඩිවීමට මට වඩා අවශ්‍යතාවයක් තිබිය හැකිය. ඇය මවක් විය යුතුය. උදෑසන ගෙදර සියලු වැඩකටයුතු නිමකර දැන් වැඩට යාමට එන්නියක් විය යුතුය. උදෙන්ම නැගිට ආහාර පිළියෙල කර දරුවන් පාසැලට ලෙහෙස්ති කර මරදානට දුම්රියේ හිටගෙන පැමිණ සිටින ඇය සිටින්නේ බොහෝ මහන්සියෙන් විය යුතුය.
මම ඇයට ඉඩ දෙමි. හිට ගෙන ගමන් කිරීම මට ලොකු අපහසුවක් නොවේ. හිට ගෙන යනවිට වීදුරුවෙන් හොඳින් එළිය බැලිය හැකිය. උදේ විවිධ රාජකාරිවලට යන විවිධාකාරයේ මිනිස්සු නිරීක්ෂණය කළ හැකිය. මේ වෙලාව වනවිට පාසැල් පටන් ගෙන ඇතත් පාරේ තැනෙක පාසැල් සිසුවෙක් දකින්නට හැකිය. ඒ පාසල් නොගොස් කට්ටි පැනපු ළමයෙකු දැයි සිතෙයි. මම පාසැල් යන කාලයේ කෙදිනකවත් කට්ටි නොපැනපු බව සිහිවෙයි. ඒ ගැන පොඩි දුකක් ද හිතේ මෝදුවෙයි. සමහරවිට එසේ කට්ටි පැන්නා නම් විශ්වවිද්‍යාලයට නොතේරීමට ඉඩ තිබුණි. ඒ ගැන හිතන විට මුලින් දැණුනු දුක පහව යයි.
මා අසුන දුන් කාන්තාව ඇයට ඉදිරියෙන් වූ අසුනට හිස ගසාගෙන නිදයි. ඇය සිටින්නට ඇත්තේ ලොකු මහන්සියකින් විය යුතුය. අසුන ඇයට දීම ගැන සතුටක් හිතේ මෝදුවෙයි. යමක් ලැබිය යුත්තේ එය වඩාත්ම වුවමනා කරන කෙනාටය.
බසය දැන් බොරැල්ල පසු කරයි. බොරැල්ල බස් නැවතුම්පළ අසල ඇති එතිසලාත් දැන්වීම් පුවරුව දෙස මම හැමදාම බලමි. එහි සිටින තරුණියගේ රුවට මම ඇලුම් කරමි. ඇගේ ඇඳුම ඇයටම ගැළපෙයි. එය ඇයටම මැසූ එකක් විය යුතුය. ඇය ලංකාවේ කෙනෙකුදැයි ද විටෙක සිතෙයි. කෙසේවෙතත් ඇය දැකුම්කළුය. බොහෝ වෙළෙඳ දැන්වීම්වල සිටින තරුණියන්ගේ මෙන් විච්චූරණ ඇති බවක් නොපෙනෙයි.
මේ ගැන හිතමින් යන අතර වාඩිවීමට තිබුණු අවස්ථා කිහිපයක්ම මග හැරුණු බව වැටහෙයි. මෙතැන් සිට මඳක් විමසිල්ලෙන් ගමන් කළ යුතුය. වීදුරුවෙන් එළිය බලනවාක් මෙන්ම මා සිටින බසය ඇතුළත ගැනද විමසිල්ලෙන් පසුවිය යුතුය. කාසල් වීදියෙන් යන බසය ආයුර්වේද හන්දිය අසලට පැමිණෙයි. මා පිටුපස වාඩිවී සිටි අයෙක් බැසීමට නැගී සිටියි. මා ඉන්නා තැනම තවත් මා වැනි කොල්ලෙක් හිටගෙන සිටියි. නමුත් අසුන හිස්වන බව ඔහු දකින්නේ නැත. මම ඉක්මනටම හිස්වූ අසුනට ගොස් වාඩි වෙමි.
වාඩි වුණු විගස බෑගයෙන් පොත අතට ගමි. එය ස්පාඤ්ඤ බසෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළ නවකතාවකි. දැන් බසයෙන් බසින තුරු පොතේ කියෙවෙන සුන්දර ලෝකයේ ජීවත් විය හැකිය.
මෙම ලිපියට ප්‍රතිචාර 19 කි:
මට නං ගොඩක් වෙලාවට වෙන්නේ කොහෙත්ම වාඩිවෙන්න චාන්ස් එකක් නොලැබීම සහ ඉඳල හිටල චාන්ස් එකක් ලැබුනත් වැඩිවෙලා යන්න කලිං කාට හරි ආසනේ දෙන්න වීම.
පහුගිය මාසෙ ඇතුලත මම සම්පූර්ණයෙන්ම ආසනයක හිඳගෙන බස් ගමනක් ගියපු වාර ගණන අතේ ඇඟිලි වලින් පෙන්වන්න පුළුවන්!
හපෝ, මට නම් හැමදාම වෙන්නේ ආසනය වෙන කාට හරි දෙන්න වෙන එක. අනෙක් උන් වගේ ඇහැ කන පියාගෙන අපිටත් ඉන්න පුලුවන් උනා නම් ඉවරයි කියලා වෙලාවකට හිතෙනවා.
:(
කතාව ගලාගෙන ගිය විදිය හිතට ඇල්ලුවා. මරු...!
@budhajeewa: බස් එකේ නැගිටල යන එකෙත් ඉතිං ප්‍රයෝජන තියෙන බව මලය දන්නව ඇතිනෙ ;)
@Ansh Lucky Sri Jay: එහෙම ඇහැ කන පියාගෙන ඉන්න එක බෝම වැරදියි අක්කෙ, අක්ක කරන දේ හරි. තැන්කූ! :)
@තමීර | Thameera: අනෙ වැඩක් නෑ බං අයියණ්ඩි. I am made senseless of those things now. :/
@budhajeewa: හික්, විහිළුවක් බං කරේ, ඔය සීන් සීරියස් අරගෙන හිටියනෙ මාත් කාලයක් :)
කොහොම උනත් කතාවෙ මේ ටික පොඩ්ඩ්ක් අවුල්
"මම පාසැල් යන කාලයේ කෙදිනකවත් කට්ටි නොපැනපු බව සිහිවෙයි. ඒ ගැන පොඩි දුකක් ද හිතේ මෝදුවෙයි. සමහරවිට එසේ කට්ටි පැන්නා නම් විශ්වවිද්‍යාලයට නොතේරීමට ඉඩ තිබුණි. ඒ ගැන හිතන විට මුලින් දැණුනු දුක පහව යයි."
මාත් ඔය පාරෙම ඔය විදිහටම අ:7 ගිය කෙනෙක්. ආනන්දෙ තාප්පෙන් අපි එලියට පැනල කෙලපු පිස්සු දැන් උන්ට කෙලින්න බැ.(තාප්පෙ තවත් උස්සලනෙ හික්) අනික එහෙම කලා කියල අපිට කැම්පස් යන්න බැරි උනෙ නැ. අපෙ සෙට් එකේ 3ක් මෝර 1ක් කොලඹ, අනික ජපුර.
මොනා උනත් එපාම වෙන්නේ වාඩිවෙන්න සීට් එක දුන්නාම අඩු ගානෙ අපෙ බෑග් එකවත් ගන්න උන්ට අමතක වෙන එක.
මොකක් හරි වෙලා මේක ලියන වෙලේ
අමුතු විදිහකට ලියලා තියෙන්නේ
@කරුමක්කාරයා: ඔබ කියන දේ හරි. ඒක හැමකෙනාටම අදාළ නෑ. මගේ අදහස මම කට්ටි පැන්නා නම් මෙතෙක් දුර එන එකක් නැතෙයි කියල. තව කෙනෙක් ඉන්න පුළුවන් කට්ටි පැනපු නිසාම ලොකු තැනකට ගිය කෙනෙක්.
ඔව්, බෑග් ගන්න අමතක වෙන එකනං ලොකු ආත්මාර්ථකාමී කමක්.
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි!
@ම: ඔව්, අමුතු දෙයක් වෙලා තිබුණෙ ඕක ලියන වෙලේ. අර ඊයෙ උඹට කියපු පොත කියවලා වෙන්න ඇති.
මම නම් ඉතින් දුම්රියෙන් තමයි වැඩිපුර යන්නේ.මමත් වැඩිපුරම කැමති හිටගෙන යන්න තමයි. වටපිට යන මිනිසුන් කෙසේ වෙතත් කෙල්ලෝ නම් හොදට බලන්න පුළුවන්. :P හැබැයි අදනම් දුම්රියේදී හොදට නෑවා. දුම්රිය මැදිරි තෙමෙන්න පටන් අරන් දන්නැද්ද ඉතින් ලංකාවේ කෙටිම දුම්රිය මාර්ගයේ දුම්රිය වල හැටි.
හි හි මම නම් බස් එකේ යනවා නම් කෙල්ලෙකුට ජැකක් ගහගෙන තමා !!!
තමීර අයියගෙ කතාව මරු....
කරුමක්කාරය අයියා කිව්ව කතාව හරි.දැන් අපේ තාප්ප සේරම උස්සල පනින්න බෑ..:D ඔය ඉස්කෝලෙ වෙලාවට පාරෙ ඉන්නෙ අපේ ඉස්කෝලෙ කට්ටිය නෙමේ.අපේ ප්‍රින්සිපල් පාරෙ තියා දැන් මරදාන ස්ටේශන් එකේවත් ඉන්න බැරි තැනට වැඩේ කරල තියෙන්නෙ..:( ඔන්න මන් නම් කවදාවත් කට්ටි පැනල නෑ ඕන්..:)
@Kasun Nadeeshana: හප්පා, අවිස්සාවේල්ල පාරෙද යන්නෙ? අපේ පාරෙ නම් ඉතින් මොනව නැතත් මදි නොකියන්න කෝච්චි තියෙනවා. :)
@හිඟන්නා: හපෝ නරක ළමයෙක්! ;)
@හසිත ජයසූරිය: අහ් මලය ආනන්දෙද? අපි දන්නැද්ද ඕකෙ ඉන්න කොල්ලොන්ගෙ හැටි. :D
මේක ලියල තියෙන විදිහට මට මතක්වෙන්නෙ O/L සිංහල සාහිත්‍යය පොත.
මමත් හිටගෙනම තමා වැඩිහරියක් යන්නෙ. මමනම් ඉඳගන්න වැඩියෙන්ම කැමති, පූජ්‍ය පක්ෂයට තියෙන ආසනවල. පින් කරගන්න කැමතිනම් අන්න චාන්ස් !
ලස්සනට ලියල තියෙනවා.
සිරා කතාව.. බස් එකේ හිටන් යනකොට නම් ගොඩක් දේවල් බලන්න පුලුවන් ;) අඩි 6ක උසේ ප්‍රයෝජනය තමා :D
@තර්ඩ් මෑන් (SIDATH): ඔව් ඔව්, ඒ කතාවෙත් (පින් කරගන්න කැමති නම්) ඇත්තක් තියෙනව
@Praසන්ன: එලස්!
@කණියා: ඔව්, උස මදි නම් මෙතනදි ටිකක් අවුල් නේද? නෑ නෑ, මිටි වීමේ ප්‍රයෝජන ඇති.
සමහර ගැහැණු අය හිතන් ඉන්නේ බස්වල යද්දි ඒ අයට ආසනය පිරිනැමීම පිරිමින්ගෙ වගකීමක්, ඒක ඒ අයගෙ අයිතිවාසිකමක් කියලා..සමහරු අඩුම්ගානේ ස්තූති කරන්නේවත් නෑ..කොහො ම උනත් ඉතින් කාටහරි උපකාරයක් කළා කියලා හරි සතුටුවෙන එක හොඳයි..නිකම් අපේ ලේ නරක්කර්ගන්නෙ මොකට ද??
@sampathjt: ඔව් ඒ වගේ ගෑණු වගේම පිරිමිත් ඉන්නවා. විවිධාකාරයෙ මිනිස්සු ඉන්නවනෙ.
lokaya goolakaraya.. minisun wiwidaakaraya.. kiyanne nikanwei.. :D
http://musicvidos.blogspot.com
Sinhala Music Videos, Online Watch, Download Free,New songs, Free download,
Sinhala songs, music albums, Online watch videos ,Sinhala Music ,Sinhala videos,
Sinhala song download, Hindi music Videos, Hindi movie songs, Hindi Songs
අදහස් ලියලම යන්න