Thursday, September 1, 2011

¿ඔයා ගෙදර යනවා?



ස්පාඤ්ඤ කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම භාෂාවක්. ස්පාඤ්ඤ භාෂාවෙ පාවිච්චි වෙනව අපවර්තිත ප්‍රශ්නාර්ථ ලකුණු සහ ප්‍රාර්ථනා ලකුණු. මේකට හේතුව සාමාන්‍ය ස්පාඤ්ඤ වාක්‍යයක් දුටු ගමන් ඒක ප්‍රශ්නයක් ද නැද්ද කියල කියන්න බැරි කම.

උදාහරණයක් විදියට,

 Hablas espanol = ඔබ ස්පාඤ්ඤ කතා කරනවා
¿Hablas espanol? = ඔබ ස්පාඤ්ඤ කතා කරනවද?

 වාක්‍යයෙ මුල තියෙන අපවර්තිත (inverted) ප්‍රශ්නාර්ථ ලකුණින් මේ ඊළඟට තියෙන වාක්‍යය ප්‍රශ්නයක් බව කියවන්නාට දැනුම් දෙනව. අපවර්තිත ප්‍රාර්ථනා ලකුණු යොදන්නෙත් මේ සමාන හේතුවක් නිසා.
¡buenos dias! = සුභ උදෑසනක්!

 ගොඩක් ඉස්සර ස්පාඤ්ඤ භාෂාවෙ මේ අපවර්තිත ලකුණු තිබිල නැහැ. 1754 දි තමයි මුලින්ම ලිවීමෙදි මේ ලකුණු යොදාගත යුතුයි කියල සම්මත වෙලා තියෙන්නෙ. දැන් නම් හැම තැනදිම අපවර්තිත ප්‍රශ්නාර්ථ සහ ප්‍රාර්ථනා ලකුණු පාවිච්චි වෙනව.

සිංහල භාෂාවෙ මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රශ්නාර්ථය ගන්න 'ද' යන්නක් යෙදෙන නිසා. උදා: කනව ද? බොනව ද?

හැබැයි සමහර පැති වල කස්ටිය කතා කරද්දි මේ 'ද' යන්න පාවිච්චි කරන්නෙ නැහැ. ඔයා ගෙදර යනවා? ඔයා බත් කෑවා? වගේ කතා කරන අය අපි අතරෙ ඉන්නව. කවුරුත් මේ විදියට කතා කරන්න ගියොත් තව ටික දවසකින් සිංහලවලටත් අපවර්තිත ප්‍රශ්නාර්ථ ලකුණු එකතු කරන්න වේවි.

¿ඔයා මේ බ්ලොග් එක කියෙව්වා?
¿දැන් එහෙනම් කොමෙන්ට් එකකුත් දැම්මා?

[මෙය හුදෙක් නිවාඩු කැඩීමටම ලියූ ලිපියක් නොවන බව කරුණාවෙන් සළකන්න]

මෙම ලිපියට ප්‍රතිචාර 19 කි:

GNS said...

¿ හත් ඉලවුවේ තමීර ඉස්පාඤ්ඤත් දන්නවා ?

පන්සල් හංදිය said...

ලංකාවටත් ඔය සිස්ටම් එක ආවොත් නියමෙට තියෙයි නේ .....
උබුන්ටු ගැන පොඩි පොඩි ගැටළු ටිකක් තියනවා කරදරයක් නැත්නම් විතරක් උදව් කරන්න පුලුවන්ද .......
(එහෙම උදව් නොකලා කියා තුන් හිතකවත් කිසිදු අමනාමයක් නොමැත)

තිලිණ said...

¿පිපිඤ්ඤා?

නිලූක කදුරුගමුව said...

This is a quite good post. It is nice to note your interest in this field, which is rare in Sri Lanka. Do you speak Spanish ?

Thameera said...

@GNS: ¡නැතුව!

@පන්සල් හංදිය: මොකක්ද ගැටලුව? පුළුවන් දෙයක් නම් කරන්නම්.

@තිලිණ: ¿කොම්පඤ්ඤ වීදිය?

@නිලූක: Thanks. I speak some rudimentary Spanish. Learned for some time but gave up later due to studies.

හපා said...

අම්මෝ... උඹ යන්තන් ආවද සිංහල බ්ලොග් එක පැත්තෙ. දිගටම ලියමු...
තමීරත් කතා කරන්නෙ "ද" යන්න නැතුව නේද? කෑවැයි, බීවැයි,ඇහැකිය.....

said...

ස්පාඤ්ඤ යතුරු පුවරුවේ එතකොට මේ සලකුණු තියෙනවද? "¡¿"

Deeps said...

¿ නිවාඩු කැඩීමට ලියු ලිපියක් නොවේ කිව්වේ දිගටම ලියන්නද කල්පනාව? ¡නියමයි...

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

¿හුරේ :) තමීරයා ඇවිත්

Thameera said...

@හපා: අනේ පලයං බං යන්න :D

@ම: ඔව්, ස්පාඤ්ඤය, මෙක්සිකෝව වගේ රටවල පාවිච්චි වෙන යතුරු පුවරුවල මේ යතුරු දෙක තියෙනව.

@deeps: ඔව් ඔව්, මේ සැරේ නම් ඇත්තටම ලියන්නයි හිතං ඉන්නෙ.

කවිරංග: :D

තිස්ස දොඩන්ගොඩ said...

මදෑ දැකපු කල්...!!
වැඩ අධික බව ආරංචියි... ;-)

Thameera said...

@තිස්ස දොඩන්ගොඩ: ඔව් අප්පා, වැඩ වැඩ :D

RanDil said...

Mei Hablas espanol huu.............

කිව්වත් වගේ ඔයා බත් කෑවා?, ඔයා ගමට යනවා? විදිහට අපේ රටේත් කථා කරනවානේ

Thameera said...

@RanDil: ඒක තමයි, තව ටික දවසකින් මෙහෙටත් අපවර්තිත ලකුණු ඕන වෙයි.

Unknown said...

¿හානේ තමීර අයියා ගිය මාසේ බ්ලොග් ලිව්වා?

මම දැන් දැක්කෙ.....
ලෝකයෙක් ඇහුවා නෙ අපේ වලිය ගැන.. මම කිව්වා විභාග නිසා තාවකාලික සාම කාලයක් දුන්නා කියලා
¿කමක් නෑ?

Thameera said...

@නෙරංජි: හලෝ නෙරංජි, කාලෙකින්. ඔව් ඔව්, දැන් ඉතිං සාමයෙන් තමයි ඉන්නෙ. පරණ වලි අමතක කරමු.

Dude said...

කතාව ඇත්ත.
ඒක නෙවෙයි. මේ සිංග්‍රීසි යුනිකෝඩ් එකේ නිර්මාතෘ තමීරද? මට පේන හැටියට නම් එහෙම තමයි. එහෙම නම් මගෙ අවංක ආදර ස්තුතිය පිළිගන්න. මගේ සිංහල බ්ලොග් එක කොටන්නෙ තනිකරම ඔය සොෆ්ට්වෙයාර් කෑල්ලට පිං සිද්ද වෙන්නයි.

henryblogwalker the Dude

Thameera said...

@Dude: ඔව්, බොහොම ස්තුතයි :)

hare :-) said...

මේක කියවද්දි දන්න යාළුවෙක් මතක් වුණා. එයා කතා කරන්නෙ එහෙම තමයි. හැබැයි ඒ විධියට කතා කරද්දි ගති!

අදහස් ලියලම යන්න