Thursday, January 14, 2010

පියාසැරියට එක්වන්න


අපේ කස්ටිය ඉතින් පත්තර කියවනවා, ප්‍රවෘත්ති බලනවා බොහොම අඩුයිනෙ. රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ බොහොම අඩුවෙන්. wink ඉතිං ඕකට පොඩි විසඳුමක් දෙන්න කියල පටන් ගත්ත අළුත් වැඩක්. පියාසැරිය.

පියාසැරියෙ අරමුණ ලෝකෙ සිදුවන අළුත්ම පුවත් බර වචන නැති, අපිට තේරෙන බාසාවෙන් ඉදිරිපත් කරන එක. මේ තොරතුරු ඔක්කොම ගන්නෙ අන්තර්ජාලෙ තියෙන එක එක පුවත්පත්වලින්ම තමයි. මේ නිසා හැම ලිපියකම අවසානයට ඒ මූලාශ්‍රවල සබැඳිත් ලබාදෙනවා. මීට අමතරව පුවතේ තිබෙන විශේෂ කරුණු ගැන වැඩිදුර විස්තර හොයාගන්න පුළුවන් අඩවිවලටත් (වැඩිපුරම විකිපීඩියා) සබැඳිත් දෙන්නයි බලාපොරොත්තුව. මේ නිසා වැඩිදුර කරුණු දැනගන්න ඕන නම් ඒකටත් ඉඩ සලසනවා.

මේක තාම පටන්ගත්ත විතරයි. rolleyes ඒ නිසා කාගෙත් යෝජනා චෝදනා ගොඩක් වටිනවා. එකතු කරන්න ඕන අළුත් දේවල් තියෙනව නම් පොඩි දෙයක් වුණත් දෙසැරයක් හිතන්නෙ නැතුව කියන්න. කැමති තව අය ඉන්නව නම් ඒ අයටත් පුවත් ලියන්න ඉඩ ලබාදෙන්න අදහසකුත් තියෙනවා.

ආ තව දෙයක් තියෙනවා. http://twitter.com/piyasariya නමින් ට්විටර් ගිණුමකුත් පටන්ගත්තා. මේකෙන් පියාසැරියේ පළවන අළුත් පුවත්වලට සබැඳි විතරක් නෙවෙයි, ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් එසැනින් සිංහලෙන් ලබාදෙන්නත් හිතාගෙන ඉන්නෙ. කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න බෑ, තීරණය වෙන්නෙ ප්‍රතිචාර අනුව තමයි. neutral කැමති අයට පුළුවන් ට්විටරයෙන් piyasariya follow කරන්න.

මේ සබැඳියෙන් පියාසැරියට යන්න.
http://piyasariya.blogspot.com

Sunday, January 10, 2010

විබාගේ තමයි අපේ අබාගේ

දවස් ගාණකින් පෝස්ට් එකක් දාන්න තියා බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි වුණා. මේ විබාගෙ තමයි ඉතින් හේතුව. මේක මේ ලියන්නෙත් පාඩම් කරල එපාම වෙලා ඉන්න වෙලාවක. අද (11) පටන් ගත්තම ඉවරවෙන්නෙ පෙබරවාරි 5. cry මෙදා සැරේ නම් සබ්ජෙට් කීයක් රිපීට් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ, මේක ඉවරවුණාම ඉතිං ට්‍රේනිං පටන් ගන්නවා. ආයි මාස 10ක් විතර යනකං විබාගයක් නෑ. ඒ කාලෙ බ්ලොග් ලියන්න පුළුවන් ඇට්ටි හැලෙන්න. lol

ඔය මාතෘකාවෙන් කියවෙන සින්දුව තියෙන්නෙ සෝමලතා සුබසිංහගෙ "විකෘති" කියන වේදිකා නාට්‍යයෙ.



විබාගෙ විබාගේ
එහේ බැලුවත් විබාගේ
මෙහෙ බැලුවත් විබාගේ
විබාගේ තමයි අපේ අබාගේ

විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට
වෙලාව නෑ විබාගේ

බස් එකේ කෝච්චියේ පාරතොටේ
යන එන හැම තැන
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
විබාගෙ ප්‍රතිපල කොහොමද
විබාග ප්‍රතිපල වසංගතේ

පද වැල් නම් හරියටම හරිද දන්නෙ නෑ. confused දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න.

මේ අව් අස්සෙ තව අළුත් වැඩකටත් අතගැහුව. අළුත් සිංහල බ්ලොග් එකක්. ඒ ගැන විස්තර ළඟදිම කියන්නම්. එහෙනම් අපි ගියා. විබාගෙට පරක්කු වෙනවා. මටත් විබාගෙ ලියන කාටත් සුබ පැතුම්!

Thursday, December 31, 2009

සුබ නව වසරක්!

tweety
කවුරුත් මේ දවස්වල පහුගියපු 2009 ගැන බ්ලොග්වල ලියනව. සමහරුන්ට මේ අවුරුද්ද සතුටුදායක සිදුවීම්වලින් පිරිලා. ඒත් තවත් සමහරුන්ට නම් සතුටට වඩා දුක උරුමවෙච්ච අවුරුද්දක් මේක.

ඒත් ඉතින් මැරෙන්න යනකොට කරපු පින් ගැන විතරක් කල්පනා කරන්න කියනවනෙ. මේ අවුරුද්දෙ මම නම් පැනපු ලොකුම පිම්ම තමයි මේ බ්ලොග් එක පටන්ගැනීම. තව මොනවද? ට්විටරයට සම්බන්ධ වුණු එක, ජර්මනියෙ පැවති 50වැනි ගණිත ඔලිම්පියාඩය, සිංග්‍රීසි, තනිකරම උබුන්ටුවලට මාරුවීම, ඉන්දියාවෙ අම්රිතාපූරිහි පැවැත්වුණු acm ICPC තරගාවලිය, සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම... මේ කීපයක් විතරයි. ෂහ්, මාර ෆන් අවුරුද්දක්නෙ! මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ තිබුණු අවුරුදුවලින් චාටර්ම එක කියල. ආ, ඒ අතරෙ සෙනසුරත් මාරුවුණා නෙව.

කස්ටියට කියන්නත් බැරිවුණා අළුතෙන් පටන් ගත්තු Bash In Action බ්ලොග් එක ගැන. තාම පටන් ගත්ත විතරයි. හොඳ හොඳ වැඩ ඉස්සරහට.

ඔන්න ඉතින් කාටත් ඇකඩමික් වැඩ අඩු, ආදරයටත් ඉඩක් ලැබෙන, කෝස්වර්ක් වෙලාවට කරල ඉවර කරන, ප්‍රැක්ටිකල් කට් නොවෙන, ආදී වශයෙන් සියලු පැතුම් ඉටුවන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!