Thursday, June 4, 2009

ක්‍රෝම් වලටත් add-ons

ක්‍රෝම් මීළඟ සංස්කරණය add-ons ස්ථාපනය කරන්නත් පුළුවන් වෙන විදියටයි එන්නෙ. හැබැයි ක්‍රෝම්වල Dev build එක නම් පාවිච්චි කරන්නෙ මේ ඇඩෝන්ස් පාවිච්චි කරල බලන්න විතරක් නෙවෙයි, අපිටම පොඩි පොඩි ඇඩෝන්ස් හදාගන්නත් පුළුවන්. ක්‍රෝම් වෙබ් අඩවියෙ තියෙනවා ඇඩෝන්ස් හදාගන්න අවශ්‍ය මූලික කරුණු ටිකක්. මාත් නිකමට කියලා පොඩි ඩික්ෂනරි ඇඩෝන් එකක් හැදුවා. මේකෙදි වෙන්නෙත් අර dictionary bookmarklet එකේ වෙන දේමයි.


ඔය රූපෙ පහළින් තියෙන්නෙ ඒක තමයි. බොහොම පොඩි දෙයක් කරන්න‍ තියෙන්නෙ. මෙන්න source code එක. (මගෙ javascript නම් අන්තිමයි. බොහොම අමාරුවෙන් ගැටගහල ලියාගත්තෙ)


<html>
<head>
<script type="text/javascript">
function func(){

a=document.myform.theword.value;
s="http://dictionary.reference.com/search?r=1&q="+a;
window.open(s)
}
</script>
</head>
<body>
<form name="myform">
<div class="toolstrip-button">
<span>Dictionary</span>
<input type="text" name="theword" />
<input type="button" value="LookUp" onclick="func()" />
<br />

</div>
</form>
</body>
</html>


මේ ෆයිල් එකට අමතරව .json ෆයිල් එකකුත් හදාගන්න ඕන මේක වැඩකරන්න. දැනට තියෙන සංස්කරණයෙ නම් ඇඩෝන් එක හදල ක්‍රෝම්වලට දාගන්නත් පොඩි ගේමක් දෙන්න ඕන. ඕන කරන ‍ඔක්කොම විස්තර මෙතන තියෙනවා.
මෙන්න සාම්පල් ඇඩෝන්ස් කීපයක්.

ලිනක්ස් වාදීන්ට නම් ක්‍රෝම් ලිනක්ස් සංස්කරණය එනකම් කල් බල බල ඉන්න වෙයි :-)

මෙම ලිපියට ප්‍රතිචාර 5 කි:

ශාකුන්තල | Shaakunthala said...

Adblock Plus තියෙනකං අපි නරියට - නරිය අපිට!

Thameera said...

@ශාකුන්තල ‍
ඒ අතින් ගත්තම නරිය තමයි උඩින් ඉන්නෙ
ක්‍රෝම් තාම අතදරුවනෙ

Thameera said...

ඔන්න ක්‍රෝම් ලිනක්ස් වලටත් ඇවිල්ලා
http://www.readwriteweb.com/archives/google_chrome_for_mac_and_linux_has_arrived_but_dont_download.php

Isuru Udana said...

එල එල :-)

Anonymous said...

chrome වල තියෙන තව අව්ලක් තමයි ලේසියෙන් rss feeds add කරගන්න බැරිකම

අදහස් ලියලම යන්න