Tuesday, August 4, 2009

ක්‍රෝම්වලටත් තීම්ස් ඇවිත්!!!

සුබ ආරංචියක්! ගූගල් ක්‍රෝම්වලටත් තීම්ස් ඇවිත්. ක්‍රෝම් ලෝලීන්ට මෙතෙක් කල් තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි තීම්ස් නොමැතිකම. ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි. හැබැයි තවමත් තියෙන්නේ තීම් 30කට කිට්‍ටු ගාණක් විතරයි. ඒත් ඒ තියෙන ටික නම් මාර ගති. Firefox මොනවද කියල හිතෙනවා (@Akila :D). ඔන්න මාත් එකක් දාගත්තා.



හැබැයි තීම්ස් දාගන්න ක්‍රෝම් 3 developer සංස්කරණය ස්ථාපනය කරල තියෙන්න ඕන.
http://tools.google.com/chrome/intl/en/themes/index.html
දැන් කලින් වගේ default.dll මාරුකරකර කර ඉන්න ඕන නැහැ. වින්ඩෝස්වල නම් හොඳට වැඩ. ලිනක්ස්වල තාම උත්සාහ කරන්න බැරිවුණා.

ක්‍රෝම්වල ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ නැති තවත් පහසුකමක් තියෙනවා. Address bar එකේ youtube කියල ලියන්න පටන් ගන්න කොටම එතන දකුණු අත පැත්තෙන් එනවා "Press Tab to search youtube.com" කියලා පණිවුඩයක්. දැන් Tab එක ගැහුවම එතන youtube search box එකක් බවට පත්වෙනවා. මේ පහසුකම cnn.com, digg.com, yahoo.com වගේ අඩවි ගණනාවකට ගන්න පුළුවන්. හැබැයි ගොඩක්ම ‍ප්‍රයෝජනවත් වෙන්නෙ youtube වලට තමයි. මේ ගැන දැන ගත්තෙ ක්‍රෝම් බ්ලොග් එකෙන්.

ක්‍රෝම්වලට ඇඩෝන ලැබෙන දිනයත් අත ළඟ බව මතක් කරමින්...

මෙම ලිපියට ප්‍රතිචාර 15 කි:

Indranama said...

DownThem All වගේ ඩවුංලෝඩ් මැනේජරේකුයි, Youtube HD වීඩියෝ බාන්න ඇඩොං එකකුයි ආපු ගමංම මම Chrome එක්ක !

ushan said...

ක්‍රෝම්වලට සිංහල හරියට Unicode වැඩ කරන්නේ නෑනේ ?

Thameera said...

@ප්‍රවීන් තව ටික දවසයි :)

@ushan වින්ඩෝස් වලදි නම් යුනිකෝඩ් අවුලක් නැහැ. ලිනක්ස්වල මං හිතන්නෙ තියෙනවා. ඒක තාම පරීක්ෂණ මට්ටමේනෙ තියෙන්නෙ. ලිනක්ස්වල Opera වලටත් ඔය අවුල තියෙනවා.

Anonymous said...

එල.... අපි කවදත් Chrome සමගයි...

පොතේ ගුරා said...

එළ එළ..හොද ආරංචියක්..

LishWish said...

මරු නෙව

Chanaka Aruna Munasinghe said...

Is chrome available for Linux ???

Anonymous said...

එළ එළ මම දැනටත් පාවිච්චි කරනවා මචෝ :P අලුත් නරියා නම් අල තමා. මොනා වුනත් IE ට හැර අනික් ඔනෙම free එකකට අපිත් support. (IE හොඳ වෙච්ච දවසට ඒක වුනත් කමක් නෑ )

Thameera said...

@Chanaka තියෙනවා. ඒත් තාම ළදරු අවදියෙ ඉන්නෙ. ළඟදිම හැඩ වැඩ වෙලා එයි

@akila87 :P

Kanishka said...

අපි නරියට, නරිය අපිට :P

සහන් සටහන් said...

මම නම් ක්‍රෝම් වලට කැමති නැතෝ....... මට IE8 යි Avent එකයි හොදටම හොදයි

Chanaka Aruna Munasinghe said...

Where can I take the Chrome for Linux ???

Thameera said...

@Sahan මේ ලෝකෙ විවිධාකාර මිනිස්සු ඉන්නවනෙ!

@Chanaka http://www.readwriteweb.com/archives/google_chrome_for_mac_and_linux_has_arrived_but_dont_download.php හැබැයි මේක මාස දෙකක් පරණ ලිපියක්. මතක විදියට මමත් බාගත්තෙ මේකෙ දීල තියෙන ලින්ක් එකෙන්. කොහොමත් ලිනක්ස්වලින් chrome අඩවියට ගියාම දෙන්නෙ ලිනක්ස් සංස්කරණයට ලින්ක් එක. (උබුන්ටු ගැන විතරයි දන්නෙ. අනික්වට කොහොමද දන්නෑ)

Chanaka Aruna Munasinghe said...

Thanks. It is not Chrome. It is the original Chromium project. Google chrome was based on the Chromium project

Narada said...

මට හරි යන බඩු තියෙන්නේ නරියා ළඟ අනික ඒකත් සිංහල, ඉතිං මම ගිනිහිවලා එක්ක වාසේ!

අදහස් ලියලම යන්න