
අවුරුද්ද පටන් ගත්ත ගමන් GRUB ප්රශ්න ආයිත් එන්න ගත්තා. මේක ආවෙ අපේ සඳුන්ගේ ලැපෙන්. සඳුන් වින්ඩෝස් විස්ටා රිකවරියක් දාලා, එතකොට ඉතින් GRUB එක යන එක අහන්න දෙයක් නැහැනෙ.

මේකට තියෙන්නෙ සරල විසඳුමක්. මුලින්ම උබුන්ටු Live CD එකකින් පරිගණකය පණගන්වන්න ඕන. අපි නම් කළේ Live USB එකකින්. උබුන්ටු ලෝඩ් වුණාට පස්සෙ ටර්මිනලයක් අරගෙන වැඩේට බහින්න ඕන. ඉස්සෙල්ල දැනගන්න ඕන ලිනක්ස්වල බූට් පාටිෂන් එක. දන්නෙ නැත්නම්
sudo fdisk -l |
විධානයෙන් බලාගන්න පුළුවන්. සඳුන්ගෙ ලැපේ නම් ඒක තිබුණෙ /dev/sda6 විදියට. හරි. මීළඟට ඒ පාටිෂන් එක මවුන්ට් කරගන්න ඕන මෙන්න මේ විදියට.
sudo mount /dev/sda6 /mnt |
මෙතන මං හිතන්නෙ /mnt වෙනුවට කැමති වෙන තැනක් දෙන්න වුණත් පුළුවන්.
දැන් තියෙන්නෙ GRUB එක ප්රතිස්ථාපනය කරන එක. ඒකටත් එක විධානයයි.
sudo grub-install --root-directory=/mnt /dev/sda |
මෙතන දෙන්න ඕන sda කියල මිසක් sda6 කියල නෙවෙයි. වැරදිලා එහෙම කරන්න ගිහිල්ලා එරර් මැසේජ් එකක් ආවම තමයි ඒකත් දැනගත්තෙ.

හරි, දැන් තියෙන්නෙ පරිගණකෙ ප්රතිපණගන්වන එක. ඕන නම් ඊට කලින් වැඩි ආරස්සාවට කියල
sudo umount /mnt |
මගින් අර මවුන්ට් කරපු පාටිෂන් එක අන්මවුන්ට් කරල ඉන්න පුළුවන්.
දැන් වැඩේ ගොඩ. ඇත්තටම අපිට නම් එක පාරින් ගොඩ දාගන්න බැරිවුණා. මුල් සැරේ වැරදිලා sda5 කියල දාල ඒ වැරැද්ද තේරුම් ගන්න දෙසැරයක් විතර ආයිත් ලයිව් සීඩී එකෙන් යන්න වුණා.

දැන් ඉතින් GRUB එකත් හැදුව කියල සතුටින් හිටියයි කියමුකො. පස්සෙ තමයි අහුව්ණේ GRUB මෙනුවෙ වින්ඩෝස්වලට යන විකල්පය වැඩකරන්නෙ නෑ කියලා. ඒ විකල්පය තෝරලා Enter එබුවට මොකුත් වෙන්නෙ නැහැ.

ඉස්සර නම් මේකට විසඳුම පොඩි දෙයක්. menu.lst ගොනුව වෙනස් කරන එක විතරයි කරන්න තියෙන්නෙ. ඒත් GRUB2 වෙනස්. තාම නුහුරුයි. ඒකට දීපු විසඳුම මීළඟ බ්ලොග් පෝස්ට් එකෙන් ගේන්නම්. විබාගෙට පාඩම් කරන්නත් තියෙනවනෙ.

මෙම ලිපියට ප්රතිචාර 7 කි:
මටත් මීට සති දෙකකට පෙර උබුන්ටුව අප්ඩේට් කොරන්න ගොහින් කෙලවුනා මේ ක්රමයට කරහම හරිද?
එලස්.. ;) විබාගෙ හොදට දාගනින් මචෝ..
@දිලීප
GRUB එක මේ විදියට reinstall කරාම හරියන්න ඉඩ තියෙනවා. කෝකටත් කරල බලන්න. නැත්නම් මෙතන (http://ubuntuforums.org/showthread.php?t=1195275) තියෙන උපදෙස් බලන්න.
@änthräX
එල, තෑන්ක්ස්!
එළ එළ. GRUB එකට කෙළැවුනාම හදන විදිය දැනං ඉන්න එක වැදගත්.
@Supun
අනිවා
කොරා හරිගියා :D එලම තමා
බොහොම ස්තූතියි!
@madura
එල!
අදහස් ලියලම යන්න