Monday, February 1, 2010

වැඩි ආරස්සාවට Dropbox


දැන් අපේ වැඩකටයුතු කරගන්න පරිගණකය කියන්නෙ නැතුවම බැරි දෙයක්. ඒක තවත් එක් උපාංගයක් නෙවෙයි. අපේ ජීවිතේ කොටසක් වගෙයි. අපේ ජීවිතේ වැදගත්ම තොරතුරු ගබඩා කරල තියෙන්නෙ මේ පරිගණකය ඇතුළෙ. ඒත් එක මොහොතකින් මේ ඔක්කොම දත්ත විනාසවෙලා ගියොත්? confused

මේක අළුත් ප්‍රශ්නයක් නෙවෙයි. ඉස්සර ඉඳලම මේකට විසඳුමක් විදියට කළේ දත්ත උපස්ථ කිරීම, එහෙමත් නැත්නම් තේරෙන බාසාවෙන් කියනව නම් බැකප් කරන එක. ගොඩක් අය කළේ CD හෝ DVD තැටි, බාහිර දෘඪ තැටි, චුම්බක පටි වගේ මාධ්‍ය පාවිච්චි කරල තමන්ගෙ දත්ත උපස්ථ කරපු එක.

නමුත් අධිවේගී අන්තර්ජාලය ජනප්‍රිය වෙන්න ගත්තට පස්සෙ නැවුම් උපස්ථ මාධ්‍යයක් මේ අතරට එක් වුණා. ඒ තමයි ලෝකයේ විවිධ තැන්වල ඇති සේවාදායකවල (servers) තමන්ගෙ වැදගත් ගොනු උපස්ථ කිරීම. මේවට සේවාවලට කියන්නෙ file hosting services කියල. උදාහරණ විදියට Mediafire, Rapidshare, Microsoft Skydrive සහ Dropbox නම් කරන්න පුළුවන්. මේ අතරින් අපේ එදිනෙදා අවශ්‍යතාවලට ගොඩක්ම ප්‍රයෝජනවත් සේවාවක් තමයි Dropbox.

මොකක්ද මේ Dropbox?

Dropbox කියන්නෙ තවත් එක මාර්ගගත උපස්ථ සේවයක් විතරක් නෙවෙයි. මේ මගින් අපට අපේ වැදගත් ගොනු සමමුහුර්ත කිරීමේ (file synchronizing) හැකියාවත් ලබාදෙනව. ගොනුවක් සමමුහුර්ත කරනව කියන්නෙ අපි අපේ පරිගණකයෙ ඉඳගෙන මොනවහරි වෙනසක් සිදු කළොත් ඒ වෙනස ඒ විදියටම ගොනුව උපස්ථ කරල තියෙන ස්ථානයෙත් සිදුවීමයි. ඉතින් යම් හේතුවක් නිසා අපේ දත්තවලට හානියක් සිදුවුණොත් ඒව තිබුණු විදියටම ප්‍රතිස්ථාපනය කරගැනීමේ හැකියාව අපිට ලැබෙනව.

Dropbox සේවාව අපට ලැබෙන්නෙ නොමිළේ. මුලින් 2GB ඉඩක් ලැබුණත් මිතුරන්ට ආරාධනාකිරීම මගින් ඒ ඉඩ 5GB විතර වෙනකං වැඩි කරගන්න පුළුවන්. මිතුරෙක් විසින් පිළිගන්න ආරාධනාවක් සඳහා 250MB වැඩිපුර ඉඩක් අපිට ලැබෙනව. මීටත් වඩා ඉඩ වැඩිකරගන්න ඕන නම් ගෙවල ලබාගන්න පුළුවන්.
wink

Dropboxවල තවත් විශේෂත්වයක් තමයි අපිට පරිගණක කිහිපයක් තියෙනම් ඒ සියල්ල එකම ගිණුමකට සමමුහුර්ත කිරීමේ හැකියාව. උදාහරණයක් විදියට අපේ රාජකාරි ස්ථානයේ පරිගණකයත් ගෙදර පරිගණකයත් මෙය සමග සම්බන්ධ කළා කියල හිතමු. එතකොට එක් පරිගණකයකින් අනෙකට දත්ත හුවමාරුකරන්න විශේෂ මහන්සියක් වෙන්න ඕන නැහැ. රාජකාරී වෙලාවෙ කර කර හිටපු වැඩේ ගෙදර ගිහින් නවත්තපු තැන ඉඳල පටන් ගන්න පුළුවන්.
razz

අපි උපස්ථ කරන ගොනුවලට ප්‍රවේශවෙන්න පුළුවන් අපිට විතරයි. ඒත් අවශ්‍ය නම් තෝරාගත් ගොනු Public ලෙස නම් කර කාටත් බලාගන්න පුළුවන් වෙන විදියට සෘජු සබැඳිවුණත් ගන්න පුළුවන්.

ඉතින් මේකට අසීමිත සබඳතාවයක් ඕන නැද්ද?
rolleyes


ADSL නැති අපි වැඩිදෙනෙකුට තවමත් තියෙන්නෙ සීමිත අන්තර්ජාල සබඳතා. නමුත් Dropbox භාවිතයට මේක ගැටලුවක් නෙවෙයි. Dropbox ස්ථාපනය කළාම අපේ පරිගණකයෙ Dropbox කියල ෆෝල්ඩරයක් හැදෙනව. ලිනක්ස්වලදි නම් මේක හැදෙන්නෙ Home ෆෝල්ඩරයෙ. වින්ඩෝස්වලදි නම් My Documents ෆෝල්ඩරයෙ. අපිට තියෙන්නෙ අපිට උපස්ථ (හෝ සමමුහුර්ත) කරන්න අවශ්‍ය ගොනු මේ ෆෝල්ඩරයට ඇදල දාන එක. මේ නිසා සේවාදායකයට යන්නෙ අපි තෝරගත්තු ගොනු විතරයි. අනවශ්‍ය විදියට බෑන්ඩ්විත් කා දැමීමක් වෙන්නෙ නැහැ.

අනෙක් අතට හැම වෙලේම අන්තර්ජාල සබඳතාවය තියෙන එකත් අවශ්‍යතාවයක් නෙවෙයි. ජාලයට සම්බන්ධවුණු වෙලාවට ඉබේම අපේ දත්ත සමමුහුර්ත වෙනවා.

මේ සේවය ලබාගන්නෙ කොහොමද?

ඕන කෙනෙකුට පහසුවෙන් මේක කරගන්න පුළුවන්. Dropbox අඩවියට ගිහිල්ල අපට අවශ්‍ය මෙහෙයුම් පද්ධතියට සෙටප් ගොනුව බාගෙන ස්ථාපනය කරන්නයි තියෙන්නෙ. දැනට Dropbox ගිණුමක් නැත්නම් ස්ථාපනය අතරතුරදිම ගිණුමක් හදාගන්න පුළුවන්. සරලයි සුගමයි.
lol

ආරම්භයක් විදියට අපේ bookmarks list එක, feeds list එක වගේ වැදගත් ගොනු කිහිපයක් උපස්ථ කරල බලන්න. අපට නිතරම අවශ්‍ය වෙන ගොනු Dropboxට ඇදදැමීමෙන් ලෝකෙ කොහේ හිටියත් අපට ඒ ගොනුවලට ප්‍රවේශ වෙන්න පුළුවන්.

මීට අමතරව වෙනත් සේවා ගැන අත්දැකීම් තියෙනම් ප්‍රතිචාරෙකුත් දාලම යන්න.
smile

මෙම ලිපියට ප්‍රතිචාර 18 කි:

budhajeewa said...

එළ ටූල් එක. මගේ මීළඟ ප්ලෑන් එක තමයි එකම local බහාලුමට සමමුහුර්තණ සේවා කීපයක් සම්බන්ධ කරලා අත්හදා බලන එක.

GNS said...

Dropbox පට්ට කියන නිසා දාල බැලුව මගෙ හැකිංටොෂ් එකට.. ​
install උනාට පස්සෙ දෘඩ තැටියට රිංගන්න අවසර ඉල්ලුව. "හා" කිවුව විතරයි මතක.. o_O
පස්සෙ වින්ඩොස් වලින් ගිහින් Dropbox Folder එක අතුරුදහන් කරල තමයි යන්තම් ගොඩ දාගත්තෙ.. :D

Thameera said...

@Supun Budhajeewa
එල. වැඩ කළොත් අපටත් කියන්න. ඒත් ඒ වැඩේ තේරුමක් තියෙද?

@ගයන්ත
ඒක නම් ඉතිං පාවිච්චි කරපු කෙනාගෙ අවුලක්ද කොහෙද! :D ඔහොම කතාවක් ඇහුවමයි. දන්න විදියට නම් mac වලට අවුලක් නැතුව වැඩ.

Pahan said...

වින්ඩෝස් සහ ලිනකස්(fedora 12) දෙකේම මම dropbox දාලා තියෙන්නෙ. assignment එහෙම backup කරගන්න. අවුලක් නම් වෙලා නැහැ.

Anonymous said...

මම දැනට Fedora වල MySQL Database එකක් backup කරන්න භාවිතා කරනව. Script එකකින් backup file එක හදල DropBox directory එකට copy කරනව. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය නිසා එළ.
දැනටනම් අවුලක් නෑ.

Tharindu De Silva said...

බොහෝම ස්තුතියි.......!!!!

Anonymous said...

පහන් එක දවසක් මට හෙන තෙලක් ගහන්න හැදුවා මේක ගැන. මට වැදුනේ නෑ :)

මම කාලයක් MySQL script දැම්මේ Windows Live වලට. ඒක ටිකක් විතර වදයක්. දැන් නම් කිසිම backup කිරිල්ලක් නෑ.

Thameera said...

@පහන්
එල. මාත් වින්ඩෝස්වල දාන්න තමයි ඉන්නෙ.

@thiraya
ඔව්, මේකෙ ලොකුම වාසිය ඔක්කොම ස්වයංක්‍රීයව වෙන එක.

@Tharindu De Silva
එලස්! :)

@chamila_dealwis
Live කිව්වෙ skydriveද? dropboxවල කිසිම වදයක් වෙන්න දෙයක් නෑ, ඔක්කොම ස්වයංක්‍රීය නිසා.
පහන් තෙල ගහන්න ඇත්තෙ invitation එක accept කර ගන්න ;)

දයියා said...

දාල බලන්නං නියමයි කියල හිතෙනව. මගේ සම්පූර්ණ 40GB එකකට ලඟදි හම්බ උනා. මේක දැනගෙන හිටියනං මැරෙන්න හිතෙන එකක් නෑ.
ජයවේවා.

LG said...

තැන්කූ තැන්කූ...වැදගත් වෙන භාණ්ඩයක්...!

Thameera said...

@uditha, @LG
එල!

@දයියා
ඔව්, වැදගත්ම දේවල් ආරක්ෂිතයි කියල දන්න නිසා ඔය වගේ දේකට බය වෙන්න දෙයක් නැහැ.

තිස්ස දොඩන්ගොඩ said...

thanks thameera... for all those expert tips for non IT people like us... hope you will do more good to our country... keep it up

Thameera said...

@තිස්ස දොඩන්ගොඩ
thanks for the comment and encouragement!

Unknown said...

machan meka great ,but mama adatath hamatissema hitana deyak tamai "online data transfer security state " eka.Mokoda eka paarak mata wedak set una ,madi nokiyanna.By the way this is nice machan!

Thameera said...

@උදය ශාමේන්ද්‍ර
දන්න තරමට මේකෙ transfers වෙන්නෙ SSL මාර්ගයකින්. ඒ නිසා ඒ ගැන එච්චර බයක් වෙන්න දෙයක් නැහැ.

Anonymous said...

DropBox නම් නියමයි, හබැයි මගෙ 2 GB විතර තියෙනව Upload කරගන්න! වෙලා යන එක තමයි scene එක :D

Thameera said...

@EApubs
ඔව් ඉතින්, අත්‍යවශ්‍ය දේවල් හෙමි හෙමිහිට අප්ලෝඩ් කරනව ඇර විසඳුමක් නෑ. හැබැයි මේකත් මතක තියාගන්න: ඔබේ ඔය Dropbox ගිණුම වෙන පරිගණකයක පාවිච්චි කරන්න සැකසුවොත් ඔය 2GBම ආරම්භයෙදි ඒකට බෑවෙනවා. ඒක ලොකු වදයක් වෙන්න පුළුවන්.

පන්සල් හංදිය said...

මගේ දැන් ගිගා බයිට් 7.5 තියනවා .......

අදහස් ලියලම යන්න