දැන් අපේ ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නෙ වින්ඩෝස් - ලිනක්ස් ද්විත්ව ස්ථාපන (dual boot) නෙ. ඉතින් පරිගණකය දාපු ගමන් ඉස්සර වගේ වින්ඩෝස්වලට යන්නෙ නැහැ. මුලින්ම මෙනුවක් පෙන්නනවා අපිට ඕන පද්ධතිය තෝරගන්න. මෙන්න මේ වගේ:
මේකට කියන්නෙ GRUB (ග්‍රබ්) මෙනුව කියල. මෙතනින් ඕන මෙහෙයුම් පද්ධතිය තෝරගත්තට පස්සෙ තමයි පරිගණකය ඉස්සරහට යන්නෙ. මොකුත් ඔබන්නෙ එහෙම නැතුව හිටියොත් තත්පර 10කින් උඩින්ම තියෙන මෙහෙයුම් පද්ධතිය ඉබේට පණගැන්වෙනවා. ගොඩක් අය කරල තියෙන විදියට වින්ඩෝස් එක්ක උබුන්ටු දාල නම් උඩින්ම තියෙන්නෙ උබුන්ටු.
GRUB මෙනුව ගොඩක් ප්‍රයෝජනවත් වුණත් මේකත් එක්ක සම්බන්ධ වෙච්ච ගැටලු කීපයක් තියෙනවා.
1. තත්පර 10ක් යනතුරු යතුරක් ඔබන්නෙ නැතුව හිටියොත් උඩින්ම තියෙන මෙහෙයුම් පද්ධතියට ඉබේම යෑම. වින්ඩෝස්වලට යන්න මැෂින් එක දැම්මම අමතක වෙලා ලිනක්ස්වලට යන එක ගොඩක් අයට අළුත් අත්දැකීමක් නෙවෙයි
2. වින්ඩෝස් ඔප්ෂන් එක මෙනුවේ යටින්ම පිහිටීම
3. අවලස්සන කළු සුදු තිරය - පොඩ්ඩක් පාට කරල ගන්න තියෙනම්!
ඉතින් මේ ප්‍රශ්නවලට විසඳුමක් නැද්ද? GRUB මෙනුව ගැන විස්තර තියෙන්නෙ /boot/grub/menu.lst කියන තැන. විසඳුම තියෙන්නෙ එතන. මේ ෆයිල් එකේ පොඩි පොඩි වෙනස්කම් කරල GRUB මෙනුව අපිට කැමති විදියකට වෙනස් කරගන්න පුළුවන්.
හැබැයි මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මෙතනින් පහළ තියෙන දේවල් කරන්න ගිහිල්ල මොනව හරි අලාභහානියක් වුණොත් වගකියන්න වෙන්නෙ තමන්ටම බව. මේව මම අත්හදා බලල තමයි තියෙන්නෙ. ඒත් එක සැරයක් පොඩි වැඩ කෑල්ලක් දාන්න ගිහිල්ල නූලෙන් බේරුණෙ. ඒ නිසා බොහොම ප්‍රවේසමෙන් කරන දෙයක් කරන්න.
ඔක්කොටම කලින් කරන්න ඕන menu.lst ෆයිල් එක විවෘත කරගන්න එක. ටර්මිනල් එකක් අරගෙන මේ විධානය දෙන්න:
දැන් menu.lst, geditවලින් විවෘත වේවි. ඔක්කොම වෙනස්කම් කරන්න තියෙන්නෙ මෙතන තමයි. ඔය # ලකුණුවලින් පටන් අරගෙන තියෙන්නෙ comments. ඒවයෙ බලපෑමක් නෑ. පොඩ්ඩක් හොඳට බැලුවොත් කරන්න ඕන වෙනස්කම් කරන හැටි නිකම්ම වගේ තේරෙයි.
1. Timeout වෙනස් කිරීම
menu.lst ෆයිල් එකේ timeout කියල ලියල තියෙන තැන හොයා ගන්න. කලින් වෙනස් කරල නැත්නම් මෙතන තියෙන්නෙ timeout 10 කියල. ඒ කියන්නෙ අර තත්පර 10කින් උඩම තියෙන පද්ධතිය ඉබේට පටන්ගන්න කතාව. මෙතන 10 වෙනුවට 30 වගේ ආදේශ කළොත් තත්පර 30ක් යනතුරු Grub මෙනුව නැතිවෙන්නෙ නෑ. ඕන නම් 10ට වඩා අඩු කරන්නත් පුළුවන්.
2. මෙනුවේ අයිතමවල පිළිවෙල සැකසීම
menu.lst වල යටටම ගියොත් බලාගන්න පුළුවන් Grub මෙනුවෙ දිස්වෙන අයිතම ටික පිළිවෙලට තියෙනවා. හැබැයි ටිකක් විකාර විදියකට තියෙන්නෙ. නිකං මෙන්න මේ වගේ:
බය වෙන්න දෙයක් නැහැ. මෙනුවෙ පිළිවෙල වෙනස් කරන්න අපිට තියෙන්නෙ අදාළ කොටස්වල පිළිවෙල වෙනස්කරන එක. ඉතින් අපිට ඕන නම් මෙනුවෙ මුදුනටම වින්ඩෝස් දාගන්න අදාළ කොටස උඩටම ගෙනියන්න. මෙන්න මේ වගේ:
දැන් වින්ඩෝස් තියෙන්නෙ උබුන්ටුවලට වඩා උඩින්. පොඩ්ඩක් අතපතගාල බැලුවොත් මේ මෙනුව අපිට ඕන විදියකට වෙනස් කරගන්න පුළුවන් බව තේරේවි.
3. මෙනුවට රූපයක් දැමීම
කළු පාට පසුබිම වෙනුවට අපිට පාට පින්තූරයක් දාන්නත් පුළුවන්! මේවට කියන්නෙ splash screens කියල. grub splash screens කියල ගූගල් සෙවුමක් දැම්මම මේ පින්තූර ගොඩක් හොයාගන්න පුළුවන්. නැත්නම් තමන්ටම කියල වුණත් එකක් හදාගන්න පුළුවන්. ඒක කරන හැටි මෙතන තියෙනවා. මේ රූප තියෙන්නෙ .xpm.gz කියන ෆෝමැට් එකට. ඒ කියන්නෙ .xpm පින්තූර .gz ආකාරයට සිප් කරලා. දැන් අවශ්‍ය රූපය /boot/grub/ ඩිරෙක්ටරියට කොපිකරලා menu.lst එකේ උඩින් මේ පේළිය ඇතුළත් කරන්න:
ඔතන splash.xpm.gz කියන තැනට ඇත්තටම දාන්න ඕන පින්තූරෙ නම. hd0,5 කියන තැනට ලිනක්ස් බූට් පාටිෂන් එකේ අංකය දෙන්න.
දැන් ඉතින් menu.lst save කරල දෙයියො බුදුන් සිහිකරගෙන මැෂිම රීස්ටාට් කරන්න. වැඩේ හරියට කළා නම් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. මට නම් අවුලක් නැතුව වැඩකළා.
දැන් නම් ඉතින් මැෂිම දාන්නෙ හරිම ආසාවෙන්. පැයකට දෙකකට සැරයක් රීස්ටාට් කරනවා Grub මෙනුව බලන්න. :D

sudo gedit /boot/grub/menu.lst |

title Ubuntu 9.04, kernel 2.6.28-11-generic uuid ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb kernel /boot/vmlinuz-2.6.28-11-generic root=UUID=ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb ro quiet splash initrd /boot/initrd.img-2.6.28-11-generic # This entry automatically added by the Debian installer for a non-linux OS # on /dev/sda1 title Windows Vista (loader) rootnoverify (hd0,0) savedefault chainloader +1 |
බය වෙන්න දෙයක් නැහැ. මෙනුවෙ පිළිවෙල වෙනස් කරන්න අපිට තියෙන්නෙ අදාළ කොටස්වල පිළිවෙල වෙනස්කරන එක. ඉතින් අපිට ඕන නම් මෙනුවෙ මුදුනටම වින්ඩෝස් දාගන්න අදාළ කොටස උඩටම ගෙනියන්න. මෙන්න මේ වගේ:
title Windows Vista (loader) rootnoverify (hd0,0) savedefault chainloader +1 title Ubuntu 9.04, kernel 2.6.28-11-generic uuid ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb kernel /boot/vmlinuz-2.6.28-11-generic root=UUID=ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb ro quiet splash initrd /boot/initrd.img-2.6.28-11-generic |
දැන් වින්ඩෝස් තියෙන්නෙ උබුන්ටුවලට වඩා උඩින්. පොඩ්ඩක් අතපතගාල බැලුවොත් මේ මෙනුව අපිට ඕන විදියකට වෙනස් කරගන්න පුළුවන් බව තේරේවි.
3. මෙනුවට රූපයක් දැමීම
කළු පාට පසුබිම වෙනුවට අපිට පාට පින්තූරයක් දාන්නත් පුළුවන්! මේවට කියන්නෙ splash screens කියල. grub splash screens කියල ගූගල් සෙවුමක් දැම්මම මේ පින්තූර ගොඩක් හොයාගන්න පුළුවන්. නැත්නම් තමන්ටම කියල වුණත් එකක් හදාගන්න පුළුවන්. ඒක කරන හැටි මෙතන තියෙනවා. මේ රූප තියෙන්නෙ .xpm.gz කියන ෆෝමැට් එකට. ඒ කියන්නෙ .xpm පින්තූර .gz ආකාරයට සිප් කරලා. දැන් අවශ්‍ය රූපය /boot/grub/ ඩිරෙක්ටරියට කොපිකරලා menu.lst එකේ උඩින් මේ පේළිය ඇතුළත් කරන්න:
splashimage=(hd0,5)/boot/grub/splash.xpm.gz |
ඔතන splash.xpm.gz කියන තැනට ඇත්තටම දාන්න ඕන පින්තූරෙ නම. hd0,5 කියන තැනට ලිනක්ස් බූට් පාටිෂන් එකේ අංකය දෙන්න.
දැන් ඉතින් menu.lst save කරල දෙයියො බුදුන් සිහිකරගෙන මැෂිම රීස්ටාට් කරන්න. වැඩේ හරියට කළා නම් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. මට නම් අවුලක් නැතුව වැඩකළා.
දැන් නම් ඉතින් මැෂිම දාන්නෙ හරිම ආසාවෙන්. පැයකට දෙකකට සැරයක් රීස්ටාට් කරනවා Grub මෙනුව බලන්න. :D
සිංග්‍රීසි නව 1.6 සංස්කරණය: http://singreesi.vndv.com