අපි පොඩි කාලෙ පඳුරකට ගැහුවම පහ හයක් එළියට විසිවෙන තරම් ටීවී චැනල් තිබුණෙ නැහැ. දෙකයි තුනයි තිබුණෙ. ඒ තිබුණ ඒවයිනුත් අපි නිතරම බැලුවෙ ජාතික රූපවාහිනිය තමයි. මතක විදියට ඒ කාලෙ බලන්න නුසුදුසුයි කියල කිසිම වැඩසටහනක් තිබුණෙ නැති තරම්. ඒත් තිබුණු සුළු වැඩසටහන් ගොන්නෙනුත් වැඩිපුරම හිත ගිහිල්ල තිබුණෙ ඔෂින්, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ වැඩසටහන්වලට. මේ ඔක්කොම අපේ ටයිටස් තොටවත්තයන්ගෙ නෙව. ඔය කාලෙම තමයි විශේෂ අධ්‍යාපන සේවය කියල එකකුත් රූපවාහිනියෙ පටන් ගත්තෙ. මේකෙත් ගොඩක් බලන්න වටින වැඩසටහන් ප්‍රචාරණය වුණා. ගී හත, මනෝහාරි වගේ සංගීත වැඩසටහනුත් නොවැරදීම බලනවා. ඇයි අපේ හේම නලීන්ගෙ නමයයි පහ?
මේ දවස්වල ගියපු වැඩසටහන් ගැන නොකියම බැරි දෙයක් තමයි ඒවයින් ජීවිතේට ගන්න පුළුවන් ගොඩක් දේවල් තිබුණය කියන එක. අපි දැන් කරන කියන දේවලුත් සමහර විට ඒවයින් ආභාෂය ලබන්න ඇති. ඒත් දැන් ටීවී චැනල්වල යන දේවල් දකින ළමයි හැදෙන විදිය හිතාගන්න බෑ. ජාතික රූපවාහිනියෙ වුණත් එදා වගේ සංයමයක් ඇතුව ප්‍රවේසමෙන් වචන හසුරවපු නිවේදකයො අද අඩුයි.
මේ කාලෙ රූපවාහිනියෙ ගියපු සින්දුවක් මට අද වගේ මතකයි. මොනවද මුත්තේ මොකද කරන්නේ ඇහෙන කොටම ටීවී එක ළඟට දුවන් එනව. මේක කියවන ගොඩක් අයටත් හොඳට මතක ඇති. ඒ කාලෙ ඔය සින්දුවෙ බරක් පතලක් නොතේරුණාට හොඳට හිතේ තැන්පත්වෙල තිබුණා. සීය කෙනෙකුත් පොඩි ළමයෙකුත් අතරෙ ඇතිවෙන කතාබහක් තමයි මේකෙ යන්නෙ.
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරන්නෙමි
දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොමතේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුවොත් කොහොමට ඔබටම වෙයි දොස
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පලයෙන් අපි කවුරුත් ලබනෙම් පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
කොයිතරම් වැදගත් තේරුමක් තියෙන සින්දුවක්ද? දැන් තියෙන "අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" වගේ නෙවෙයි. වාසනාවට යූ නළයෙ තිබිල මේකෙ වීඩියෝ එකකුත් හම්බවුණා.
ඔය වීඩියෝ එකේ රූප බොඳවෙලා වගේ තියෙන්නෙ වැරදීමකින් නෙවෙයි. ඔරිජිනල් එකේ තියෙන්නෙත් එහෙමමයි. ඒකෙ "පෙර උන් අය සිටවූ අඹ ගස්වල..." කොටසෙදි සීය අඬනව දකින කොට ඇස්වලින් කඳුළු නොඑන්නෙ කාගෙද?