![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhlcakXbHYSD43aYqUduWUyitk6NpOuDT9NeWgh0be5VZrQmzJVbefFazZ-2KALLFb_uq2BJr5bZhbIQlWcxpUFHmAJZsWXb208nKJv1O9yF75tid-8YhR2JQtc0DIGf2X9PLNvdPNlgw/s400/hottie_cop_wants_to_see_some_uuid.jpg)
එදා GRUB එක ගොඩ දාපු කතාව පටන් ගත්තට ඉවර කළෙ නැහැනෙ. අද ඉතුරු ටික. එදා කියපු විදියට GRUB එකේ තියෙන වින්ඩෝස් පාටිෂන් එකේ UUID එක වැරදියි. UUID කියල කියන්නෙ Universally Unique Identifier කියන එක. නමින් කියවෙන විදියටම මේකෙ එකම අගය උපකරණ දෙකකට තියෙන්න බැහැ. අපේ වැඩේට ඒ විස්තර ඕන නැහැ.
මුලින්ම හොයාගන්න ඕන අපේ වින්ඩෝස් පාටිෂන් එකේ නියම UUID එක මොකක්ද කියල. මේකට පාවිච්චි කරන්න පුළුවන් විධානයක් තියෙනවා.
ls /dev/disk/by-uuid |
මේක දුන්නම එන්නෙ මෙන්න මේ වගේ ප්‍රතිඵලයක්:
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOwgyA9QcNh4Hm8WUHyhD-ylBF35pkD03nV0Zr5n23Jt1SfzBxlG3QrANJ2c56fu0w8txN6IXGZqD23fI_C_OdkBDFaWcTDOvgF-gYBJJuovfWkd4cpSJO1OEcMQG6_nOvvn7P0mr_O7o/s400/uuid.png)
(මේ screenshots ගත්තෙ වැඩේ කළාට පස්සෙ මගේ ලැපෙන්)
දැන් ලොකු ප්‍රශ්නයක්. මොකක්ද අපිට ඕන කරන UUID එක.
gedit /boot/grub/grub.cfg |
විධානය දීල බැලුව මොනවද දැනට තියෙන UUID කියල. එතනින් ඕන කරන ඔත්තුව ලැබුණා.
දැන් ඉතුරුවෙලා තියෙන්නෙ UUID තුනයි. මේ අතරින් එකක් හරියට GRUB එකේ Windows Recovery මෙනු අයිතමයෙ සඳහන් වෙලා. එතකොට ඉතුරුවෙන්නෙ තව දෙකයි. දැන් හොයාගන්න ඕන මොකක්ද හරි එක කියල. සමහර විට ටර්මිනලයෙන්ම මේක හොයාගන්න ක්‍රමයක් ඇති. නමුත් එහෙම ක්‍රමයක් දන්නෙ නැති නිසා මේ UUID දෙක කොළේක ලියාගෙන මැෂිම ප්‍රතිපණගන්වලා GRUB එකේදි අර පසුගිය ලිපියෙ කියපු විදියට e අකුර ඔබලා දෙකම වෙන වෙනම දාල බැලුවා. දෙවෙනියට දාපු UUID එක වැඩ.
දැන් තියෙන්නෙ GRUB එකේ මේ UUID එක replace කරන එක. GRUB2 එකේ මෙනු අයිතමයක UUID එක වෙනස්කරන ක්‍රමයක් හොයාගන්න බැරිවුණා. දැන් කරන්න තියෙන්නෙ අළුත් මෙනු අයිතමයක් එකතු කරන එක. මේක කරන්න ක්‍රමයක් මෙන්න මෙතන තිබිල හොයාගත්ත. මෙන්න මේ විදයටයි අදාළ ගොනුව ලිව්වෙ:
echo "Windows Vista ;)" cat << EOF menuentry "Windows Vista ;)" { insmod ntfs set root=(hd0,1) search --no-floppy --fs-uuid --set dc7e112b7e10ffc6 chainloader +1 } EOF |
ඔතන ඔය ;) කියල දැම්මෙ ආතල් එකට.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnsGMyjptYZxmibkWpFK23iRkF5JPh2tus-9JzP_omB_PjVwxPNSmQ9dxr4vQuLw2ESbAayxFJlGW5Xt3BLDYi7WUm2hazckqK3E_p2KFFgHZqKZJPqDHY0LxydJC7mZr2XhyphenhyphenB3zxCbZw/s400/grub.d.png)
හැම ගොනු නමක්ම පටන් ගන්නෙ සංඛ්‍යාවකින්. ඒ අංකවල පිළිවෙලට තමයි මේව ක්‍රියාත්මක වෙන්නෙ. දැනට තියෙන වින්ඩෝස් මෙනු අයිතමවලට අදාළ දත්ත තිබුණෙ 30_os-prober කියන ගොනුවෙ. මේ නිසා ඊට අඩු අගයකින් පටන් ගන්න නමක් දාන්න ඕන. ඒ හින්දයි 24 කියල දැම්මෙ. (25 නොදා 24 දැම්මෙ ඒක අපි හදපු එකක් කියල මතක් වෙන්න
මීළඟට කරන්න ඕන අපි හදපු ගොනුව ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ (executable) කරන එක. මේකට කරේ:
sudo chmod +x 24_amigos |
විධානය දීපු එක. සරලයි සුගමයි. අන්තිම පියවර තමයි GRUB එක update කිරීම. මේක GRUB2 එක්ක ආපු නවාංගයක්. අදාළ ගොනු වෙනස් කළාට වැඩක් නැහැ අප්ඩේට් කළෙ නැත්නම්. අප්ඩේට් කරන එකේ හොඳක් තමයි අපි වෙනස් කරපු පේළිවල වැරදි තියෙනම් ඒව පෙන්නල දෙන එක.
sudo update-grub |
දැන් ඉතින් දෙයියො බුදුන් සිහිකරගෙන මැසිම ප්‍රතිපණගැන්නුවා. බබා වගේ වැඩ.
ඔන්න ඔහොමයි අළුත් අවුරුද්දෙ GRUB එකත් එක්ක වැඩ ඇල්ලුවෙ. ඉස්සරහට තව මොනව වෙයිද දන්නෙ නැහැ. වැදගත් දෙයක් වුණොත් අනිවා බ්ලොග් එකේ දාන්නම්. මෙතන මම කරල තියෙන දෙයක වැරැද්දක් හරි ගැටලුවක් හරි තියෙනම් ප්‍රතිචාරයක් දාලම යන්න. හරි, දැන් ඉතින් හෙට විබාගෙට පාඩම් කරන්න යන්න ඕන.