උබුන්ටු (හෝ වෙනත් ඕනෑම මෙහෙයුම් පද්ධතියක්) පරිගණකයේ අළුතෙන් ස්ථාපනය කළ පසු එය අපට සුවපහසුවන ආකාරයට 'tweak' කරගත යුතුය. එනම් අපේ එදිනෙදා වැඩට පහසුවන ලෙස අළුත් මෘදුකාංග එකතු කිරීම, පද්ධති සැකසුම් වෙනස් කිරීම ආදිය කළ යුතුය. උබුන්ටු සමග පෙරනිමියෙන් විවිධ මෘදුකාංග ගණනාවක් පැමිණියත් අප බොහෝ දෙනාගේ අවශ්‍යතාවලට ඒ ප්‍රමාණය මදිවේ.
වින්ඩෝස්වල සිට උබුන්ටුවලට පැමිණෙන බොහෝ නවකයන්ට මෙන්ම උබුන්ටු එක් සංස්කරණයක සිට නව සංස්කරණයකට යාවත්කාල කිරීමේදී ද මෙම ගැටලුව ඇතිවෙයි.
උබුන්ටු නව ස්ථාපනයක් කළ පසු මම සාමාන්‍යයෙන් එයට එකතු කරන මෘදුකාංග කිහිපයක් කාගේත් ප්‍රයෝජනය පිණිස පහත දක්වමි. ඔබේ අවශ්‍යතාවයන් මීට වඩා මඳක් වෙනස් විය හැකිය. අතහැරුණු යම් යම් දේ ද තිබෙන්නට පුළුවන. පසුව මතක් වුවහොත් මෙම ලිපියම අළුත් කිරීමට බලාපොරොත්තු වෙමි.
වැදගත් : සමහරක් මෘදුකාංග "රෙපොසිටරියෙන් බාගත හැකිය" යි සඳහන් කර ඇත. මෙහි තේරුම Ubuntu Software Center සහ ටර්මිනලයේ sudo apt-get install භාවිචයෙන් ස්ථාපනය කළ හැකි බවයි. වැඩි දුර විස්තර සඳහා මේ ලිපිය බලන්න.
අත්‍යවශ්‍ය මෘදුකාංග
1. සිංහල යුනිකෝඩ් ස්ථාපනය
ගොඩ දෙනෙකුගේ මුල්ම පියවර සිංහල ස්ථාපනයයි. කරන විදිය ගැන පැහැදිලි විස්තරයක් මෙතැන තිබේ. දැනට ඇති ලස්සනම සිංහල ෆොන්ටය වන මලිති වෙබ් අවශ්‍ය නම් මෙතනින් බාගන්න.
2. Restricted extras
මෙය ස්ථාපනයෙන් MP3, flash වැනි වාණිජමය දිගු (extensions) සහිත ගොනු විවෘත කළ හැකිය. වෙනත් ආකාරයකට කියනවා නම් වින්ඩෝස්වලදී media codecs ස්ථාපනයට සමානය. මෙය ubuntu-restricted-extras නමින් රෙපොසිටරියෙන් බාගත හැකිය.
3. VLC Player
උබුන්ටු සමග පෙරනිමියෙන් Totem Player පැමිණියත් සාමාන්‍ය පරිශීලනයට පවා එහි ඇති විශේෂාංග ප්‍රමාණය මදිය. මෙයද රෙපොසිටරියෙන් බාගත හැකිය.
4. Adobe Air
නිතරම භාවිතාකිරීමට අවශ්‍ය වන Adobe Air apps ධාවනයට Air Runtime එක මෙතනින් බාගත හැකිය. මෙහිදී අපට ලැබෙන්නේ bin දිගුව සහිත ගොනුවකි. මෙය ධාවනය කිරීමට ටර්මිනලයෙන් අදාළ ඩිරෙක්ටරියට ගොස්,
sudo chmod +x AdobeAIRInstaller.bin ලබාදී
./AdobeAIRInstaller.bin ලෙස ඇතුළත් කර Enter කරන්න.
5. Rar සහ Unrar
Zip, tar.gz වැනි දත්ත හකුළන දිගු උබුන්ටු තුළ පෙරනිමියෙන් අඩංගුවුණත් අපට නිතරම අවශ්‍ය වෙන Rar ගොනු සමග වැඩකිරීමට Rar සහ Unrar ස්ථාපනය කරන්න. රෙපොසිටරියෙන් ලබාගත හැකියි.
6. Wine
අත්‍යවශ්‍ය නොවේ යැයි තර්ක කළ හැකි වුණත් වින්ඩෝස් මෘදුකාංග ධාවනය කිරීමට Wine අතුරුමුහුණත සෑම උබුන්ටු පාවිච්චි කරන්නෙකුම පාහේ භාවිතාකරනු දැකිය හැකිය. රෙපොසිටරියෙන් ස්ථාපනය කළ හැකිය.
අවශ්‍ය නම් එකතු කළ හැකි මෘදුකාංග
1. ගූගල් ක්‍රෝම්
උබුන්ටු සමග පෙරනිමියෙන් ෆයර්ෆොක්ස් පැමිණෙයි. නමුත් ඔබ වඩාත් ප්‍රියකරන්නේ ක්‍රෝම් නම් මෙතනින් ස්ථාපනය කළ හැකිය.
2. Dropbox
දත්ත උපස්ථ කිරීමට Dropbox පාවිච්චි කරන්නේ නම් අදාළ client එක ස්ථාපනය කළයුතුය. Dropbox අඩවියෙන් මෙයට අදාළ deb ගොනුව බාගෙන ඩබල් ක්ලික් කිරීමෙන් ස්ථාපනය කරගන්න.
3. GIMP
උබුන්ටු 10.04 සිට ඡායාරූප සමග වැඩකිරීමට F-Spot Photo manager පමණක් පැමිණෙයි. නමුත් මෙහි ඇති විශේෂාංග ප්‍රමාණය GIMPට වඩා බෙහෙවින් අඩුය. GIMP රෙපොසිටරියෙන් ස්ථාපනය කළ හැකිය.
4. Ubuntu Tweak
උබුන්ටුවල ඇති බොහෝ සැඟවුණු පද්ධති සැකසුම් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩ සලසන මෘදුකාංගයකි. මෙතනින් බාගන්න.
මීට අමතරව එකතු කරන්න පුළුවන් පොඩි පොඩි ගැජමැටික් කෑලි ගොඩක් තියෙනව. හැම එකම දාන්න එක පෝස්ට් එකක් මදි. ඉඩ ලැබෙන විදියට බලමු.
EAVB_QHBQSJGLYG