ඊයේ කවුරුත් නොහිතපු විදියට තමීර මැරතන් දුවන බව ලෝකය දැනගත්තා. කවුරුත් හිතුවෙ අයිස්ලන්තයෙ ගිනි කන්දෙ පිපිරීමටත් වඩා ලොකු කැළඹීමක් ලෝකෙ ඇතිවෙයි කියල. නමුත් මැරතන් එක අහවර වෙද්දි ඒ ලොවම මවිතයට පත්කරමින් තමීර අන්ත පරාජයක් ලබාගත්තා. ගුවන් ගමන් ප්‍රමාදවීමක් තියා සමනලයෙකුටවත් කිසිම හානියක් වෙලා නැහැ. කොටින්ම පෝස්ට් විස්සෙ කඩඉමවත් ඔහුට පහුකරන්න නොහැකි වීම කාගෙත් අවධානයට ලක්වෙලා තියෙනවා.
ඊයෙ දාපු පෝස්ට් එකේ තිබුණු විදියට ගොඩක් සුපිරි තරු තමීරට මැරතන් එකට සුබ පැතුවා. විශේෂ විමර්ශන කණ්ඩායමක් අද ඒ සුබ පැතූ අයගෙන් අළුත්ම තත්වය ගැන ප්‍රකාශ ලබාගන්න හැදුවත් ඒ කවුරුත් ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කරා.
අන්තිමට තීරණය වුණේ සාමාන්‍ය මහජනතාවගෙන් මේ පරාජය ගැන අදහස් ලබාගන්න. අපට හම්බවුණු කීප දෙනෙක් මේ ගැන දක්වපු අදහස් තමයි මේ තියෙන්නෙ:
විශ්ව විද්‍යාල සිසුවෙක්: ඕක බූරුවා. කෙහෙල්මල් බ්ලොග් ලියන්න යන්නෙ නැතුව පාඩමක් කරගෙන හිටිය නම් ඔය මොකුත් නෑ.
ත්‍රීවීල් රියදුරෙක්: මහත්තයො තමීරය එල කොල්ලා. පස්සෙ පස්සෙ ඔය කෙල්ලො පස්සෙ යන්න ගිහින් තමයි නම කැත කරගත්තෙ. දැන් ඉතින් මැරතන් එකත් පැරදිල. අපිත් එක්ක රස්ති පාරක් ගහගෙන හිටිය නම් ඕක දැනුත් යස අගේට ඉන්නවනෙ.
වයසක ආච්චි කෙනෙක්: අනේ, තමීර පුතා හරි හුරුබුහුටි කොලු පැටියා. ඕක කලිසමේ චූ කරගන්න කාලෙ ඉඳල මං දන්නවා. හැබැයි බැරි වැඩ කරන්න යන්න ගතිය පොඩි කාලෙ ඉඳල තිබුණා. සංසාරේ තමයි මහත්තයො.
ඒ ලෙවල් පන්ති යන නංගි කෙනෙක්: අනේ අපිට හරිම දුකයි තමීර අයියට වෙච්ච දේ ගැන. අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ. අපේ පන්තියෙ ගර්ල්ස්ල ඔක්කොම අද අඬනවා.
විශ්‍රාමික ගුරු භවතෙක්: තාක්ෂණේ තමයි මහත්තයො අද කාලෙ කොල්ලොන්ව නැති කරන්නෙ. අන්තර්ජාලය කියයි, ඊ මේල් කියයි, මං නං ඕව පාවිච්චි කරන්නෙ නෑ. ඒත් මං හොඳටම දන්නවා ඔය පරිගණකයක් ඉස්සරහට ගිහිල්ල කොල්ලො කුරුට්ටො කරන්නෙ ගෑණු ඇඳුම් නැතුව නටනව බල බල ඉන්න එක මිසක් අධ්‍යාපනේට මොකුත් නෙවෙයි කියල.
හාමුදුරු නමක්: බොහෝම පිංවත්, සිල්වත් තරුණ මහත්තයෙක් තමයි මේ තමීර කියන්නෙ. කවදාවත් කුරා කූඹියෙකුට වරදක් කරන්න තියා හිතන්නෙවත් නැති බව මං හොඳටෝම දන්නවා. ඒත් මහත්තයො පෙර පව් කියන දේ බුදු හාමුදුරුවන්ටත් මග අරින්න බැරි වුණානෙ.
කොහොම වුණත් අන්තිමේ දී එක සුපිරි තරුවක් පමණක් අපට ප්‍රකාශයක් ලබා දෙන්න එකඟවුණා. ඒ තමයි මෙවර ගාලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කරපු සුපිරි නිළි ගීතා කුමාරසිංහ.
ගීතා කුමාරසිංහ: තමීරට දිනන්න හොඳටම චාන්ස් එක තිබුණා. ඒත් තරගෙ අන්තිම හරියෙදි එයාට ගොඩක් හිරිහැර වෙලා තියෙනවා. චැට් රූම් එකේදිත් තර්ජනවලට ලක්වෙලා තියෙනවා. මට නම් හොඳටම විශ්වාසයි තමීරගේ සහෝදර බ්ලොග්කරුවන්ම තමයි මේකට වගකියන්න ඕන. මහාධිකරණයෙ නඩුවක් පවරන්න මම එයාට උපදෙස් දුන්නා.
ප.ලි. තමීරගේ මැරතන් බ්ලොගය දැක්කේ නැතිනම්
මෙතනින් යන්න.